IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හිටපු ප්‍රා. සභාපති බලපත්‍රය කණපිට පෙරළයි

(පැතුම් දර්ශන)

හොරොව්පොතාන  පහළ යාන් ඔය ව්‍යාපෘතියට අයත් වාගොල්ලාකඩ  ජලයෙන් යටවන ප්‍රදේශවල මීට පෙර කැනීම් කළ වැලි වලවල් වැසීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ලබාදුන් බලපත්‍රයක් ළඟ තබාගෙන හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු මෙහෙයවන ලද මහා පරිමාණ වැලි ජාවාරමක් වැටලීමට ත්‍රිකුණාමලය සහ කැබිතිගොල්ලෑව යන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරුවල නිලධාරීහු අද (4) සමත්වුහ.

ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදුකරන ලද මෙම වැටලීමේදී සැකකරුවන් පස් දෙනෙකු සමඟ  වැලි හෑරීමට සහ ප්‍රවාහනය සඳහා භාවිතා කළ බැකො යන්ත්‍ර දෙකක්,ටිපර් රථ තුනක්ද පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

දීර්ඝ කාලයක සිට මොවුන් මෙම වැලි ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බව  විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැවසූහ. තමන්ට පමණක් ලැබුණ විශේෂ බලපත්‍රයක් මත මෙම වැලි කැණීම් සිදුකරන බවට ප්‍රදේශවාසීන් සහ නිලධාරීන් නොමඟ යවා සැක නොසිතෙන පරිදි හිටපු සභාපතිවරයා මෙම ජාවාරම සුක්ෂම ලෙස මෙහෙයවා  ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

නිලධාරීන් එම ස්ථානයට යන විටත් නීතිවිරෝධීව ගොඩ දමා ගබඩා කර  තිබූ වැලි තොගයක් හමු වී ඇති අතර එම වැලි ද පොලිස් බාරයට ගෙන තිබේ.



අදහස් (2)

හිටපු ප්‍රා. සභාපති බලපත්‍රය කණපිට පෙරළයි

Kule Sunday, 04 October 2020 06:56 AM

නීති විරෝධී කටයුතු වලට යොදා ගන්නා සියලුම දේවල් රාජසන්තක කරන්න නීති ගෙනත් මේ ජාතික අපරාධ නවත්වන්න.

:       0       1

Bamunuarachchi Sunday, 04 October 2020 07:53 AM

ඔන්න ඔයවගේ වැඩ නිසයි අපි පළාත්සභා එපා කියන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 169 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1567 2

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 500 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 271 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 239 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 409 1

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site