IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


හිටපු මුහුදු කොටි සාමාජිකයා ක්ලේමෝ බෝම්බයක් සමග අල්ලයි

(නිමන්ති රණසිංහ සහ රොමේෂ් මධුෂංක)

අධිබලැති ක්ලේමෝ බෝම්බයක් සහ පතුරම් තොගයක් සමග හිටපු මුහුදු කොටි සාමාජිකයකු යාපනය නගර්කෝවිල් ප්‍රදේශයේදී අද සවස අත්අඩංගුවට ගත් බවට යාපනය ආරක්ෂක සේනා මූළස්ථානය පවසයි.

යාපනය යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව යුදහමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් නගර කෝවිල් වෙරලආසන්නයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී තාවකාලික පැල්පතක බිම වලදමා තිබියදී අදාල ක්ලේමෝ බෝම්බය සමගින් ටී.56 පතුරම් 14 ක්, පිස්තෝල පතුරම් 45 ක් 12.7 වර්ගයේ පතුරම් 01 ක්, ඩෙටනේටර් නූල් මීටර් 02 ක් සොයාගනු ලැබීය.



අදහස් (15)

හිටපු මුහුදු කොටි සාමාජිකයා ක්ලේමෝ බෝම්බයක් සමග අල්ලයි

Kule Friday, 28 May 2021 02:27 PM

රණවිරුවන්ට නැවත ආචාරය

:       4       29

Nihal Friday, 28 May 2021 02:44 PM

ඡන්දයක් ළඟ එන ලකුණු..

:       43       28

සුමේධ Saturday, 29 May 2021 03:33 AM

මේ යාලු ඔබ රටෙහි වන දේවල් කිසිම දෙයක් නොදන්නා කෙනෙක් හැටියටයි මම නම් දකින්නේ. දැන් ඔබ කියනවා ඡන්දයක් එන ලකුණු කියලා එතකොට ඔබ කියන විදිහය යුද්ධ හමුදාවෙන් ක්ලේමෝ බෝම්බයක් තියලා ඒකම නැවත යුද හමුදාව සොයාගෙන ඒකට මේ කෙනා සම්බන්ධයි කියලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්ත විදිහට තමයි ඔයා ඔය හිතලා තියෙන්නේ. ඇයි ඡන්දයක් එන්නම ඕනෑද බෝම්බ අල්ලන්න එතකොට ප්‍රභාකරන්ගේ කාලේ රණවිරුවන් මැරි මැරී යුද්ධ කළේ ඡන්දෙ හින්දා වෙන්න ඇති නේද? විවේචනය කරන්න විවේචනය කරන්න... තියෙන දේවල් වලට විතරක්. ඔබ දන්නවාද රටෙහි ආරක්‍ෂාව වෙනුවෙන් යුද හමුදාව උතුරු, නැගෙනහිර ප්‍රදේශවල රැයක්, දහවලක් නොමැතිව තමන්ගේ කෑම ටික කන්නත් නොමැති මොන මොන රාජකාරි කරනවද කියලා ඒ දේවල් ඔබ දන්නේ නැත. ආරක්‍ෂක අංශ සාමාජිකයෙකු හැටියට මම ලැජ්ජා වෙනවා...

:       3       22

මැර වැඩ Friday, 28 May 2021 02:45 PM

තව දෙයක්...

:       6       12

සෙනෙවිරත්න Friday, 28 May 2021 03:26 PM

මේක අමතක කරන්න දෙන්න එපා. පැවැතීමට තියෙන්නේ ඔච්චරයි. මැරුණු ප්‍රභාකරන් නැගිට්ටවලා ගන්න වෙනවා කාලෙන් කාලෙට... අනිත් එක දෙමළ සිංහල සමගියත් හොඳ නැහැනේ, නෝක්කාඩු සදාකල් පවතින එක සමහරුන්ට වාසියක්...

:       30       23

anura Friday, 28 May 2021 04:06 PM

ඔය බොරු වලට අපි අහුවෙන්නේ නැහැ.

:       36       18

මුණසිංහSaturday, 29 May 2021 02:08 AM

වැරදිලා හරි යමක් වුනා නම් මෙවැනි අය තමා කියන්නේ අංශ දුර්වලයි ස පේල් මොනවද කලේ කියලා. මෑතකදී සිදුවුන දේවල්වලින් පේනවා යම පාලකයින්ට වඩා දැන් ආරක්ෂක හමුදා නැවත සක්‍රියව ඉන්නවා කියලා. විදෙස් අනුග්‍රහය තවමත් කොටි අංකුර වලට පෝෂණය සපයන බව අමකත කරන්න එපා.

:       0       2

SLSaturday, 29 May 2021 04:36 AM

ඔයාලම තමයි කොහේ හරි බෝම්බයක් පිපුරුණොත් ," අපි කිව්වනේ ," කියලා නටන්න ගන්නේ.

:       3       10

kamal Saturday, 29 May 2021 02:39 AM

මේ ප්‍රවෘත්තිය දැක්ක ගමන් කොරෝනා අමතක වුනා

:       2       1

Lelwala Saturday, 29 May 2021 02:41 AM

කොහේ හිටියත් කොටියගේ පුල්ලි වෙනස් නොවේ.. කියලා පැරණි කියමනක් මේකෙන් සනාථ වෙයි..

:       2       7

[email protected] Saturday, 29 May 2021 02:53 AM

අම්මෙෝ කොටි ඇවිත්

:       6       0

chathura Saturday, 29 May 2021 04:05 AM

මෙතන ලියපු හැමෝම පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනෑ වක්‍රාකාරව... ඔය විදිහට තමයි ඒවාට දිරිය දුන්නේ...

:       1       8

sena Saturday, 29 May 2021 04:09 AM

මෙම ලිපියට අදාළ අදහස් වලට රතු අත දා ඇති අයට.. තවත් සුමානයක් පසුව මෙම තැනැත්තා හෝ බඩුවලට වූ දැ සොයා බලන්න..? කියන්නා කෙසේකීවත් අසන්නා වහල් භාවයේ සිතීමෙන් මිදෙන්න. සිහි බුද්ධියෙන් අහන්න. සිතන්න අඩුම වශයෙන් උත්සාහ කරන්න...

:       8       2

chithral Sunday, 30 May 2021 09:09 AM

සිංහලයින්ට කොටියාව ඕන වෙන දවසක් එනවා. චීන්නුන්ව ලංකාවෙන් පන්නන්න අපේ හමුදාවට කොටින්ගේ උදව් ඕනෑ වේවි. තම්බිලාවත් ඕනෑවෙනවා. කෙසේවෙතත් මේ ප්‍රවෘත්තිය රටේ මිනිස්සුන්ගේ අවධානය වෙනතක යොමුකරන්න හදපු එකක්...

:       0       0

ජයසේකර Sunday, 30 May 2021 09:11 AM

මේ මනුස්සයාගේ පින්තූරය අවුරුදු 15 කට විතර කලින් මම පත්තරයක දැක්ක එකක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 77 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 805 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 767 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 218 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 218 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 861 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site