IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


හඬපට ජනමාධ්‍යට අදාළ වන හැටි විදුලි සංදේශ නියාමන කොමිසම කිව යුතුයි

(බිඟුන් මේනක ගමගේ) 


දුරකථන සංවාද පටිගත කර විවිධ අරමුණු සඳහා භාවිත කිරීම අපරාධයක් යැයි ද එය ජනමාධ්‍යටත් එසේම අදාළ යැයි ද තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(12) පැවසීය.


ජනසන්නිවේදන විෂයට අදාළව මෙම සිදුවීමේ නීතිමය ස්වභාවය ගැන විදුලි සංදේශ නියාමන කොමිසම මහජනතාව දැනුවත් කළ යුතු යැයි ද අමාත්‍ය ගුණවර්ධන මහතා අවධාරණය කර කීය.


රංජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් පොලිස් බාරයට ගත්තේ යැයි කියන හඬ පට කිසිවක් වෙනත් පාර්ශවයක් අතට පත්ව නැති බවට සහතික වන්නේ යැයි කී හෙතෙම පොලිසියට බාර දුන් හඬපටවලට අතිරේකව කුමන හෝ පාර්ශ්ව විසින් මුදා හළ හඬ පට රාශියක් සමාජ මාධ්‍ය හා විවිධ පාර්ශව සතුව පවතින්නේ යැයි කීවේය.


වෙනත් පාර්ශ්ව පෞද්ගලිකව තමා සමඟ අදහස් හුවමාරු කරගැනීමේදී ඒවා දැනුම්දීමකින් තොරව මෙලෙසින් පටිගත කර තබාගැනීම නීතියේ හැටියට වරදක් යැයි ජනසන්නිවේදන ඇමැතිවරයා හැටියට තමා විශ්වාස කරන්නේ යැයි ද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කීය. 


හඬ පට සම්බන්ධයෙන් රජයට නිල ස්ථාවරයක් දැරීම පවා අපහසු වී ඇතැයි ද ආණ්ඩුවකට එවැනි අත්දැකීමක් ලැබුණේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට වීම ඊට හේතුව යැයි ද ගුණවර්ධන ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (13)

හඬපට ජනමාධ්‍යට අදාළ වන හැටි විදුලි සංදේශ නියාමන කොමිසම කිව යුතුයි

අමිල ටෝකියෝ Sunday, 12 January 2020 12:29 PM

හඬ පට සියල්ල ප්‍රසිද්ධ කළයුතුයි. ශ්‍රී ලංකාව අගාධයට ඇද දැමූ, සියලු සාරධර්ම, සංස්කෘතින් සභ්‍යත්වයන් විනාශ කළ දේශපාලන, නිලධාරි හා සමාජය පරිහානියට පත් කරන පුද්ගලයන් ගැන අවබෝධයක් ජනතාවට එමඟින් ලබාගත හැනි වේවි... ඒ හඬපට අහද්දී දැනෙන පිළිකුල මේ පුද්ගලයින් සමාජයෙන් ප්‍රතික්ෂේප වීමට උපකාරයක් වෙයි. හැබැයි අපි දන්නවා මේවා ප්‍රසිද්ධ නොවීමට ආණ්ඩුවත් විපක්ෂයත් එක්ව ක්‍රියා කරනවා කියලා. ඒ නීතිරීති නිසා නොවේ. ඔවුන් සියලු දෙනා එකම පැලැන්තියේ නිසා.... අහෝ ලංකා මාතා!!!

:       6       516

සෙනෙවිරත්න Sunday, 12 January 2020 02:33 PM

ඔබ නිවැරදියි.. මේ දෙගොල්ලම එක මල්ලෙ ලුණු කාපු අය. බැඳුම්කර මගඩියටත් වෙන්නෙ මේකමයි. අහෝ 62 ලක්ෂයකගෙ බලාපොරොත්තු අනතුරුව 69 ලක්ෂෙ බලාපොරොත්තු.

:       0       2

Bamunuarachchi Sunday, 12 January 2020 01:14 PM

මොකද බය වුණාද එළියට එයි කියලා...? වැඩේ කන්න එපා බන්දුල උන්නැහේ රටේ ජනතාව මේවා දැනගත යුතුයි. නැතිනම් ඔහෙලා මේවා වහගෙන සද්ද නැතුව ඉද්දී. එතකොට අපිට අර කපටි රජයේ නිලධාරින් සුද්දවන්තයින් වෙනවා. අපි ඔවුනට ගරු කරනවා. දැන් එහෙම වෙන්නේ නැත. රජයේ උසස් යැයි සම්මත නිලධාරිනියන් රන්ජන් සමග ද්වේශයෙන් කතාකළ බව දැන් අපි දන්නවා. ඔවුන්ගේ දරුවන් සැමියන් දන්නවා ඔවුන්ගේ යහළුවන් දන්නවා.

:       3       205

BamunuarachchiMonday, 13 January 2020 02:01 AM

ද්වේශයෙන් නොවෙයි කතා කලේ රන්ජන්ගේ වැඩ.

:       2       0

කපුරුහාමි Sunday, 12 January 2020 01:43 PM

සුද්දවන්තයෝ වගේ කතා කෙරුවට දේශපාලුවෝ කවුරුත් මේවට කැමති වෙන එකක් නැහැ.

:       0       2

Mahee Sunday, 12 January 2020 02:03 PM

මේ ගොල්ල දැන් බුමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ නොවැ. අනුන් ඔක්කොටම වැඩ නියම කර කර ඉන්නවා. අගවිනුසුරුට කියනවා විනිසුරන් ගැන පරීක්ෂණ කලයුතුයි කියලා. නියාමන කොමිසමට කියනවා වහාම හඬපට ගැන නීතිය කියාදෙන්නලු. පොලිස්පතිට නියම කරනවා නිලධාරීන් ගැන වහාම පරීක්ෂණ කරන්නලු. රටේ පාලනය බාර ගොයියල හැටියට මේ ගොල්ලන්ට කරන්න දෙයක් නැද්ද? කරන්නේ නන් දොඩවන එක පමණද?

:       0       2

සඳුන් Sunday, 12 January 2020 02:18 PM

ඇයි ඇමතිතුමනි, ඊට වැඩියෙ හොඳ නැද්ද ඉදිරි මැතිවරණවලදි වැදගත් පිරිසකට නාමයෝජනා දුන්නනම් ? එතකොට ප්‍රශ්න ඉහල ඉඳල පහලට නිරාකණය කරගන්න පුලුවන්නෙ.

:       0       3

Amula Sunday, 12 January 2020 04:44 PM

ලංකාවේ තාම මිස්ටර් වගේ සෙල්ලම් සේරම තියෙන්නේ නඩු බඩු ඔක්කෝටම කලින් ප්‍රචාරය වෙනවා. ඒ කෙසේවෙතත් මේ පිළිබඳව විශේෂ පරීක්ෂාවක් කරලා හොරු ඔක්කොම එළියට එයි.

:       0       29

Ruwan Sunday, 12 January 2020 11:57 PM

ඉස්සර කාලේ MySQL ගැන කයිවාරු ගහපු ලංකාව Silicon Valley එකක කරන්න හදපු නියමුවා මේ නීති ගැන බැලුවේ නැත්තේ ඒගොල්ලොත් මේක කරපු නිසාද?

:       0       2

Vernon Mendis Monday, 13 January 2020 01:35 AM

ජන සංනිවේදන විෂයට අදාළව මෙම සිදුවීමේ නීතිමය ස්වභාවය ගැන විදුලි සංදේශ නියාමන කොමිසමට මහජනතාව දැනුවත් කරන්න දැනුමක් තිබේද ? පුලුවන්ද ?

:       0       2

denin Monday, 13 January 2020 04:21 AM

මේ හඬ පට සියල්ල මුද්‍රණය කර ජනතාවට විකුනන්න. මෙය රුපවාහිනී හෝ ගුවන්විදුලි සංස්ථාවට කරන්න පුළුවන්. උණු කැවුම් වගේ විකිනේවි. රජයට හොඳ අදායමක් ලබාගන්නත් පුළුවන්.

:       0       3

දිමුත් Monday, 13 January 2020 05:18 AM

ඔබතුමත් බය වෙලා වගේ?

:       0       6

vidya Tuesday, 14 January 2020 03:28 AM

ඔය එක එක එක්කෙනාගේ කුණු අතුල්ලන්නේ නැතිව ,රුපියල් 2500 ට කාල බීල ඉන්න වැඩ පිළිවෙල ගැන බැලුවොත් හොඳයි නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 59 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 169 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 715 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 749 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1002 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 233 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 194 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site