(බිඟුන් මේනක ගමගේ)
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ හඬ අන්තර්ගත යැයි කියන දුරකථන සංවාද හඬ පට ගැන ජනාධිපති කොමිසමක් පත් කිරීම ඵල රහිත කාර්යකැයි ද ඒවා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් යූ ටියුබ් චැනලයක් ඔස්සේ ජනතාවට අසන්නට විකාශය කළ යුතු යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත වසන්ත සමරසිංහ මහතා 'ලංකාදීප'යට අද(15) පැවැසීය.
ජනාධිපති කොමිසමක් පත් කිරීමෙන් සිදුවන්නේ මහජන මුදල් තවත් වටයකින් විනාශ කිරීමක් යැයි ද හඬපට යූ ටියුබ් චැනලයක් ඔස්සේ විකාශය කිරීමෙන් ආණ්ඩුවට ආදායමක් උපයා ගත හැකි යැයි ද සමරසිංහ මහතා කීය .
රාමනායක මන්ත්‍රීවරයාගේ යැයි කියන හඬ පට මේ වන විට දෛනික සංස්කෘතික ආහාර වේල බවට පත්ව ඇතැයි කී හෙතෙම ආණ්ඩුව ඒවා පාවිච්චි කරගෙන රටේ දැවෙන ප්‍රශ්න සියල්ල යටපත් කිරීමට උත්සාහ කරන්නේ යැයි ද යැයි ද චෝදනා කළේය.
බැඳුම්කර ගනුදෙනුව ගැන රාජපක්ෂ යුගයේ වංචා දූෂණ ගැන වික්‍රමසිංහ පාලනයේ වංචා දූෂණ ගැන ආදී වශයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පමණක් ජනාධිපති කොමිසම් ගණනාවක්ම පත් කළ ද ඒ කිසිවක් මේ වන තුරුත් තීරණාත්මක අවසානයක් කරා ගොස් නැතැයි සමරසිංහ මහතා අවධාරණය කර කී ය.
එවැනි තත්වයක් තුල හඬ හත්වයක් තුළ හඬපට සිදුවීමක් සම්බන්ධයෙන් ද අලුතෙන් ජනාධිපති කොමිසමක් පත් කිරීම ඇස්බැන්දුමක් පමණක් වනු ඇතැයි ද ඇතැයි ද සමරසිංහ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
හඬපට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා විකාශය කරන්නැයි ජවිපෙ ඉල්ලයි
Harrison S Wednesday, 15 January 2020 06:55 PM
ඔන්න කිව්වා ගොන් කතාවක්. තියෙන දේත් නැතිකර ගන්නයි යන්නේ!
Sanath KandyThursday, 16 January 2020 03:50 AM
ජවිපෙට මඩගහන්න පුළුවන් හඬපටි තියෙනවා නම් ඒවා මෙලහකටත් ප්‍රචාරය කරලා. හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ හඬපටියෙන් ජවිපෙ පිරිසිදු දේශපාලන වටිනාකම් තවත් තහවුරු වුණා. මේ හඬපටි සියල්ල එළියට ආවොත් පක්ෂ විපක්ෂ කාගේ කාගේත් කැත දේශපාලන ඩීල් එළිවෙනවා...
VajiraThursday, 16 January 2020 03:56 AM
සුරත්, සීයට තුනේ කෙනෙක් විදිහට මම නම් ආඩම්බර වෙනවා.. ජවිපෙ විතරයි මේ දේශපාලන කුණු ගොඩේ නොවැටී පිරිසිදු දේශපාලනයක් කරන්නේ. මේ හඬපටි සියල්ල ප්‍රචාරය කළ යුතුයි. එවිට ලොකු ලොක්කන් සියල්ලන්ගේම ඩීල්ගේම් ඔක්කොම එයාලට ඡන්දෙ දුන්නු අයට දැනගන්න පුළුවන්...
surath Wednesday, 15 January 2020 11:24 PM
අපුරු අදහස්. ඉතිරි සියයට තුනත් නැති කරගන්න පුළුවන් වෙයි.
අසන්ක Thursday, 16 January 2020 12:31 AM
හොරාට කලින් කෙසෙල් කැන පනිනවාද මන්දා....?
Bamunuarachchi Thursday, 16 January 2020 01:42 AM
ජිප්පෝ ගෙනාවොත් ඔය වගේ යෝජනාවක් තමයි. නරකද බමුණුආරච්චි කීවා වගේ හඬපට කොපි ගහලා පිටකොටුවේ පේමන්ට් එකේ වික්කාම... එතකොට රනිල්ගේ වයිෆයි නොලැබුණු අයටත් රන්ජන්ගේ රස කතා අහන්න පුළුවන් අාදායමක් ගන්නත් පුළුවන්... රන්ජන් හිරුණිකා කතාව වැඩි ගණනකට විකුණන්න පුළුවන්...
lalithm Thursday, 16 January 2020 02:46 AM
මේ වගේ කමකට නැති දේවල් ප්‍රචාරය කිරීමෙන් රටේ දැවෙන ප්‍රශ්න යටපත් කරන්න ජවිපෙට තියෙන වුවමනාව මොකක්ද?
BamunuarachchiThursday, 16 January 2020 04:17 AM
මේවා ප්‍රචාරය කරන්නේ රජය නොවෙයි සමාජ ජාලායි, ජනතාව දැනුවත් කිරීම ගැන ඔවුන්ට ස්තුති කරන්න. ඔහෙලාට 2015 සිට 2020 වෙනකම් රටේ දැවෙන ප්‍රශ්න තබුනේ නැද්ද? මේ මාස 2 දැවෙන්න ගත්තේ ඇඟේ මොන පැත්තද? රටේ ප්‍රශ්න කියන්නේ ඔහෙලාට නම් කන්න නැති එක පමණයි. නමුත් අනිකුත් මිනිසුන්ට රටේ අධිකරණ සේවය කඩා වැටීමත් ලොකු ප්‍රශ්නයක්... රන්ජන්ගේ ගුරා හිටගෙන කරන දේ රන්ජන් දුවදුව කරන්න පටන් ගත්තා. දැන් ජනතාව දන්නවා ඔවුන් වටිනා ඡන්දය පාවිච්චි කර පාර්ලිමේන්තු යවන්නේ කවුද කියලා... ඔහෙලා කන්න හෙව්වා රටේ වෙන්නේ මොනවද කියා දැනගෙන සිටියේ නැහැ... මොකද ඕනෑම පොල්පිත්තකට ඡන්දෙ දීපු නිසා...
siri Thursday, 16 January 2020 03:35 AM
ජෙප්පන්ගේ කියමන්වල අගය 3% ඒ නිසා ක්‍රියාත්මක නොවේ.
Amila Chathuranga Thursday, 16 January 2020 03:48 AM
දවසකට හඬපට 20 බැගින් දැම්මත් ගොඩක් කාලයක් මේ හඬපට දාන්න පුලුවන්. ඇත්තටම ඒක කදිම අදහසක්. සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ තැන්පත් ඉරාජ් වීරරත්න මහතාට දුන්නා නම් එයා හරි ලස්සනට වෙබ් එකක් හදලා.. මේ වැඩෙන් රජයට ආදායමක් උපයලා දෙයි.
ලුම්බිණි Thursday, 16 January 2020 04:12 AM
මේවා ඇසීමෙන් කිසි කෙනෙකුට ඵලක් නැත...
sharm warn Thursday, 16 January 2020 06:16 AM
මට මේ හඩ පට දෙකතුනක් අහන්න ලැබුනා. නමුත් රන්ජන්ව නෙමෙයි වෙන අයව නම් හිර භාරයට ගන්න තරම් කරුණු තියෙනවා කියල තමයි හිතුනේ. ඒකද දන්නේ නැහැ කට්ටිය මෙච්චර කුලප්පු වෙලා නටන්නේ. අනිත් එක නඩු භාණ්ඩයක් වෙච්ච දෙයක් මෙහෙම ප්‍රසිද්ධියේ ලොතරැයි කුඩුවේ සින්දු වගේ ප්‍රචාරය වෙනවා නම් මොකක් හරි ලොකු වැරද්දක් තියෙනවා වගේ. ඇත්තටම දැන් මේක නිතියට භාර දීලා අපි රටේ වෙන දේවල් දිහා බලන්න ගත්තොත් නරකද ?
saliya Thursday, 16 January 2020 07:38 AM
මරු තමයි. දෙබස් " වැඩිහිටියන්ට පමණයි" ඒවා ටික මුලින් ම දාන්න.
nuwan Thursday, 16 January 2020 09:15 AM
ජවිපෙ දැන්වත් මහපොළොවට බැහැලා දේශපාලනය කරන්න පටන්ගන්න. තමන් මහා පණ්ඩිත උත්තමයින් කියලා හිතාගෙන ජනතාවට මෝඩයින් කියලා අපහාස කරන අයට කිසිම කෙනෙක් කැමති නෑ. ජවිපෙ ලොක්කන් එහෙම නොකළාට පාක්ෂිකයින් කරන්නෙම ඒකයි. පුද්ගල චරිතවල ඊගෝ සන්තර්පණයට ජවිපෙ වේදිකාවක් කරගන්න එක වහාම නතර කරලා පොදු ජනතාවගේ මනසට අමතන්න.
ධනා Thursday, 16 January 2020 10:27 AM
ජවිපයට කියන ඒවා අහන්න වැය කරන කාලයත් අපරාදේ. සියයට තුනෙන් ජනතාව දුන් පණිවිඩය වැටහී නැති හැඩයි.