IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


හදිසියට විදුලිය මිලදී ගන්න සමාගම් තුනක්

(රංජන් කස්තුරි)

විදුලි අර්බුදය විසඳීමේ අරමුණින් මෙගාවොට් 100 ක ධාරිතාවයක් හදිසි මිලදී ගැනීමක් ලෙස සිදු කිරිමට පෞද්ගලික සමාගම් තුනක් තෝරාගෙන ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇග්‍රිකෝ,වී පවර් සහ අල්ටාස් ඕල්ඩර්නේටිව් නැමැති විදුලි  ජනන සමාගම් ටෙන්ඩර් පටිපාටියට අනුව තෝරාගෙන තිබෙන අතර එම ආයතන සමඟ තවත් දින කිහිපයක් ඇතුළත ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග කියයි.

මෙම ආයතනවලින් මාස 6 ක් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා විදුලිය ඒකකයකට රුපියල් 28 ත් 30 ත් අතර මුදලක් ගෙවීමට නියමිත බවද පැවැසේ.

එම සමාගම් වලින් එලෙස විදුලිය මිලදී ගැනීමත් සමඟ රටපුරා අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබාදිය හැකි බවද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.



අදහස් (25)

හදිසියට විදුලිය මිලදී ගන්න සමාගම් තුනක්

Raveendra Wednesday, 03 April 2019 01:49 PM

හුරේ... ග්‍රහලොවේ අධිපතියාට ජයවේවා...!!! ඇහැව්වට කමක් නැද්ද..? මල්ලියේ කීයද මලයාගේ ගතමනාව? අම්මපා මම කාටවත් කියන්නේ නැහැ.. අර පිදුරු සෙවිලිකළ පැල්කොටේ අමතක උනා වගේ මේකේ කොමිස් ගැන මතක නැතිවද?

:       52       371

BamunuarachchiThursday, 04 April 2019 01:21 AM

කොමිස් විදුලි බිලට එකතු වෙනවා නේද? තොරතුරු දන ගැනීමේ පනත යටතේ මේවායේ ගණන් හිලවු ජනතාවට දන ගන්න පුලුවන්ද? මුන් පට්ට හොරු සතේකට විස්වාස නැහැ.

:       1       19

Amila Wednesday, 03 April 2019 02:28 PM

එහෙනන් ඒකයි මේ තටම තටම මිනිස්සුන්ට වද දුන්නේ. 28ගානේ ගන්න මුදලින් හොඳට ගසා කාලා ඇති... මේවා හොයලා බලන්න. මේක තමයි වෙලාව මේවායේ ඉන්න නියම හොරු අල්ලගෙන මේක නවත්තන්න නැවත නොවෙන්නම. හමුදාවේ, රාජ්‍ය ආයතන වල තියෙන දේ දැම්මා නම් 300 මෙගා වොට් ගන්න පුලුවන්කම තියෙද්දී ඇයි මේ පුද්ගලික අයගෙන්ම ගන්න ඕනෑ !

:       74       177

ගල්කටස් Wednesday, 03 April 2019 02:32 PM

කරුවල ජයසූරිය කෙරුවෙත් ඔය ටිකමයි. දැන් කරුවලනායක කරන්නෙත් එ් ටිකමයි. ජනතාව ගොනාට අන්දවලා දෙනවා නියමෙට බැටේ... අපිට සතුටුයි දැන් නම් සිරාවටම..

:       139       320

රනිල්Wednesday, 03 April 2019 07:04 PM

කවුරු කරත් එකම තමයි.

:       121       3

athuraThursday, 04 April 2019 04:44 AM

ඒ කාලේ කලෙත් ඔය ටිකම තමයි මහත්මය. හැබැයි ඒ කාලෙ ඒවා කවුරුත් කතාකලේ නැහැ.පණ බයට.

:       104       74

Hafeel Wednesday, 03 April 2019 02:54 PM

මීට පෙර මා දන්නා තරමින් විදුලි කප්පාදුව වුනේ 2001 අවුරුද්දේ... එතැන්සිට මේ දක්වා මීට වඩා ලොකු වියළි කාලගුණ තත්ත්වය පැවැත්වුනත්, විදුලි කප්පාදුවක් වුනේ නැත. මේ කප්පාදුව පටන්ගත්තේ නොරච්චෝල අක්‍රීය වුනේ කියමින්. දින දෙකකින් ඕක යථාතත්වයට පත්කරලත් ඉවරයි. ඒ නිසා මෙතන යම් කිසි රහසක් තියනවා. මේ රවී මේ ඇමතිකම බාර අරන් ඉතා කෙටි කාලයකින් මේ අර්බුදය පටන්ගත්තේ. මේ රවිව තනතුරුවල තියන් ඉන්නකල්, රටට හෝ යූ.එන්.පී එකට හෝ පැවැත්මක් නැහැ...

:       68       434

Sapumal.Thursday, 04 April 2019 02:04 AM

හෆීල් මහතා ඔබතුමා නිවැරදියි.රවිට තිබෙන සමහර විරෝධතා අනුව ඔහුට මෙසේ මේ වගේ අමාත්‍යංශ බාරදීමෙන් යුඑන්පීය තම චන්ද අඩුකර ගන්නවා.හර්ෂ වගේ අය සිටියදී මුදල් ඇමතිකම ඒ සම්බන්ධව අත්දැකීම් නොමැති කෙනෙකුට දීමත් ඒ වගේම දෙයක්.පුදුමය කියන්නේ ජනතාවට තේරෙන මේ චන්ද පදනම අඩුවීමේ වැඩ නායකයන්ට නොතේරීමයි.

:       0       0

JayaThursday, 04 April 2019 02:30 AM

දැන් මේ යූ.එන්.පී කාරයෝ රවීගේ ඇගෙ ගහලයි මේකෙන් බේරෙන්න යන්නේ.

:       2       13

කමල්Thursday, 04 April 2019 06:23 AM

2012 / 2013 කප්පාදු උනා .ඒ කලේ රජ්ජුරුවෝ හිටපු නිසා මතක නැතුව ඇති.

:       25       88

Hafeel Thursday, 04 April 2019 07:13 AM

ඔව් ඔව් මට මතකයි. නොකියාම විටින් විට කැපුව. පසුව පාර්ලිමේන්තුවේ පිළිගත්තා. මේ ප්‍රධාන පක්ෂවලට රට ගොඩනගන්න කිසිම සැලැස්ම හෝ විසඳුම් හෝ නැත.

:       81       4

BamunuarachchiThursday, 04 April 2019 06:41 AM

යු එන් පි යට වැඩක් තිබෙනවා රට හා ජනතාවට වැඩක් නැත.

:       4       7

MATARA-MISHAL Wednesday, 03 April 2019 03:18 PM

පුහුල් හොරා කරෙන් දැනේ.. අහෝ ශ්‍රී ලංකා

:       0       49

Sriyal Wednesday, 03 April 2019 03:35 PM

රටක් හැටියට අපි පරාදයි. අවශ්‍ය විදුලියවත් රටේ නිෂ්පාදනය කිරීමට බැරි වුණා. හැමදෙනාම මොන විදියට හෝ මීට වගකිව යුතුය

:       8       75

Kamal Wednesday, 03 April 2019 03:46 PM

කට්ටිය පැන් පූජාව තිබ්බෙ වහින්න කියලා නෙවේ. වහින්න එපා කියලා. එතකොටනෙ මේ වගේ කොමිස් හොද්ද බොරවෙන්නෙ.

:       0       264

chinthakal Wednesday, 03 April 2019 05:17 PM

ටීවී එකේ තිබුණා විදුලිබල මණ්ඩලේ ලේකම් එක්ක ඉන්ටර්වීව් එකක්. එකේදී මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්න වලින් මේ මනුස්සයා නිරුත්තර වුණා. එයා පිළිගත්තා ඉන්දියාවෙන් (කොමිස්වලට) ගත්තු ජෙනරේටර් 50 න් එකක්වත් දැනට වැඩ කරන්නේ නැහැ කියලා. කොටින්ම ඔබතුමන්ලාට ඒ ඉන්ටෙර්වීව් එක අැහැව්වා නම් තේරෙනවා මේ ආණ්ඩුව මේ මවාලා තියෙන්නේ බොරු විදුලිබල අර්බුදයක් කියලා. අර විමල් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා වගේ "විදුලිබල මණ්ඩලේ ලේකම් තක්කඩියෙක්" ප ලි: අර්ජුන් මහේන්ද්‍රන්ව වගේම මොහුගේ පත්වීමත් ගරු අගමැති රනිල් මැතිතුමා විසින් කර ඇත.

:       25       262

BamunuarachchiThursday, 04 April 2019 01:23 AM

"ගරු අගමැති රනිල් මැතිතුමා"? ඒ කව්රු ගැනද කියන්නේ?

:       2       10

prabha Wednesday, 03 April 2019 05:20 PM

ඔන්න ඔය පොටට එන්න තමා මෙච්චර තැටමුවේ...

:       0       58

sachith Thursday, 04 April 2019 03:05 AM

මාස 6ක් මොකටද? මැයි වෙනකොට මෝසම් වැස්සත් එක්ක ඔක්කොම ජලස පිරෙනවනෙ.

:       0       3

කැවුමා Thursday, 04 April 2019 04:40 AM

මේකට තමයි එහෙනම් සති 2ක් විතර ලෑස්ති කලේ.

:       0       15

indika Thursday, 04 April 2019 04:51 AM

මේ තුනම රවිගේද නැතිනම් එකක් විතරද දන්නේ නෑ!!

:       0       5

kujitha Thursday, 04 April 2019 05:43 AM

හිතාදරයිනි ...කොටලා කාලය , මනස නාස්ති කර ගන්ට එපා . කතිරය හරියට ගහන්ඩ ඔක්කොටම අවබෝධ කරලා දෙන්ඩ. මෙදා පොටේ දෙමුකෝ බැටේ කියල . නැත්නම් අපේ ළමයි අපිට හෙන ඉල්ලනවා ෂුවර්.

:       0       20

Ananda Thursday, 04 April 2019 06:16 AM

කොමිස් කොමිස් කොමිස්, නොනවතින කොමිස් ගැහිලි

:       0       25

Bamunuarachchi Thursday, 04 April 2019 08:23 AM

"මේ තුනම රවීගේද නැතිනම් එකක් විතරක්ද" කියලා කවුද අපෙන් අහනවා. රවී දන්නෙත් නැති ඒවා අපි දන්නේ කොහොමද?

:       1       18

සරත් පර්ත් Thursday, 04 April 2019 09:43 AM

බොරු කාරයො වංචා කාරයෝ තක්කඩ් රැළ වහින වෙලාවට ගෙටම වෙලා ඉන්න.............

:       0       23

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

වරප්‍රසාද ඕනමද හිටපු ජනපතීන්ගෙන් අහයි
2024 ඔක්තෝබර් මස 18 3571 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කෙරුණ


දමිතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 17 4325 0

තමාගේ නම ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදනය ප්‍රශ්නයක් හේතුවෙන් නම් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන්නැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය


ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය හමුවෙයි
2024 ඔක්තෝබර් මස 17 1931 0

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම විහාරස්ථාන භූම



’’මං විශ්‍රාම ගියේ නෑ: අපි 113ක් ගන්නවා’’
2024 ඔක්තෝබර් මස 16 6484 37

මෙවර මහ මැතිවරණයේදී පොහොට්ටුව ඉතා ලෙහෙසියෙන්ම 113 ක ආසන සංඛ්‍යාව ලබා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 2948 8

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site