IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හදිසි ආපදා පෙර සූදානමක් ලෙස නෙළුව හා තවලමට හමුදා කණ්ඩායම්

(සිරංගිකා ලොකුකරවිට) 

දිගින් දිගටම ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් හදිසි ආපදා කටයුතු සඳහා පෙර සූදානමක් ලෙස නෙළුව හා තවලම ප්‍රදේශවලට හමුදා කණ්ඩායම් යැවීමට අද (15) රාත්‍රියේම කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පවසයි.

අද (15) උදෑසන කාලයේ සිට ගාල්ල දිස්‍ත්‍රික්කයට අධික වර්ෂාවක් ඇද හැළුණු අතර ගිං ගඟේ ඉහල ප්‍රදේශයට ද මේ වනවිට වැසි ඇද හැළෙමින් පවතින බව වාර්තා වේ. 

නෙළුව හා තවලම ප්‍රදේශවලට දිවා කාලයේ තද වැසි ඇති නොවූව ද අද සවස 6.00න් පසු පැය එකහමාරක පමණ කාලයක දි මිලිමීටර 70 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බවත් තවදුරටත් වැසි ඇතිවෙමින් පවතින බැවින් හදිසි ගංවතුර තත්ත්වයක් සඳහා පූර්ව සූදානමක් ලෙස ආපදා කළමනාකරණ ඒකකය එම පියවර ගත් බවත් වික්‍රමසිංහ මහතා පවසයි.

තවලම ප්‍රදේශයට නාවික හමුදාවත්, නෙළුව ප්‍රදේශයට යුද හමුදාවත් යොමු කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම පහත්බිම්වලින් ඉවත්වන ලෙසත් රාත්‍රී කාලයේ ගිං ග‍ඟේ ජල මට්ටම පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද ජනතාවට දැනුම් දී ඇත. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ගාල්ලේ අක්මීමණ, බද්දේගම, යක්කලමුල්ල, නෙළුව හා තවලම ප්‍රදේශවල නාය යාමේ අවදානමක් පවතින ස්ථානයන්හි පදිංචි සියලුම පුද්ගලයන්ට එම ස්ථානවලින් ඉවත්වන ලෙස ද දැනුම් දී තිබේ.

ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ ගාල්ල නගරයේ ස්ථාන කිහිපයක්, කරාපිටිය රෝහල වෙත යන ප්‍රධාන පිවිසුම් මාර්ගයක් වූ හිරිඹුර හරස්මාර්ගය අසළ බෙලිගහ හන්දිය සහ බද්දේගම මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක් වැසි ජලය බැස නොයාම හේතුවෙන් ජලයෙන් යටවී ඇති බවයි.

එමෙන්ම ගාල්ල මොරගොඩ ඇළේ පැති බැමි ඉදිකරමින් පවතින බැවින් දංගෙදර ප්‍රදේශයේ ජලය අවහිරවී නිවාස යටවීමේ අවදානමක් පවතින බව ද එම ඒකකය පවසයි.

 



අදහස් (5)

හදිසි ආපදා පෙර සූදානමක් ලෙස නෙළුව හා තවලමට හමුදා කණ්ඩායම්

Tharanga Friday, 15 May 2020 06:06 PM

119 ගැහුව නම් නේවි එක එතන ඇති.

:       3       14

suraniSaturday, 16 May 2020 01:04 AM

පැහැදිලි නැහැ.

:       0       0

SL Saturday, 16 May 2020 06:33 AM

අපි රතු බලකාය යවමු.

:       18       0

Samitha Senaka Aluthgamage. Saturday, 16 May 2020 07:41 AM

මගේ නංගි විවාහවී පදිංචිවී සිටින්නේ නෙළුව කඩිහිංගල කිට්ටුව. මේ නිසා කාලයක් තිස්සේ ඔය ප්‍රදේශ ගැන මං දන්නවා. රටේ ආර්ථිකය ගොඩනංවන මේ මිනිස්සුන්ගේ මුළු ජීවිතයම ගෙවී යන්නේ තේ දල්ල හා සම්බන්ධ වැඩ වෙනුවෙන්. ඒ උනාට මේවැනි ස්වාභාවික විපත් වෙනුවෙන් මේ මිනිසුන්ට මෙතෙක් ස්ථිරසාර වැඩපිළිවෙලක් කිසිම රජයකින් මෙතෙක් ඉටුකරදී නැහැ.

:       0       37

melbourne Saturday, 16 May 2020 10:44 AM

මම ගාල්ලේ කහදුවවත්තේ ඔය පැත්තේ තිබුණ පහත් බිම් කුඹුරු අද දකින්න නැහැ . ගොඩකරලා ගෙවල් හදල ඉස්සර වැහිවතුර කුඹුරු වල පිරිලා හෙමිහිට මොරගොඩ අල හරහා බැහැල යනවා. කන්න දෙක වී වගාකළ කුඹුරුවල අද වෙළඳ සැල් මේවා කාට කියමුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 253 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1764 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 539 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 288 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 244 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 420 2

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site