IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


හෙද - පරිපූරක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)

උසස්වීම් ක‍්‍රමයේ විෂමතා ඉවත් කරගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 16ක් අද (8) පෙරවරු 7.00 සිට දීපව්‍යාප්තව ක‍්‍රියාත්මක කළ එක් දින වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසක දෛනික කටයුතුවලට බාධා එල්ල වූ බව වාර්තා වේ.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් ගණනාවක සායන, වෛද්‍ය පරීක්‍ෂණ ඇතුළු කටයුතු රැසක් නිසි ලෙස සිදුනොවූ බව ආරංචි මාර්ග පවසයි.

ඇතැම් රෝහල්වල සායනවලදී වෛද්‍යවරුන් විසින් බෙහෙත් නිර්දේශ කර ඇතත් ඖෂධ සැපයුම් අංශ වසා දමා තිබීම හේතුවෙන් එම රෝගීන්ට ඖෂධ ලබානොගෙන හිස් අතින්ම පිටත්ව යාමට සිදුවූ බවද වාර්තා විය.

කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, රත්නපුර මහ රෝහල, අනුරාධපුර ශික්‍ෂණ රෝහල, කළුබෝවිල ශික්‍ෂණ රෝහල, ගම්පහ මූලික රෝහල ආදී රෝහල් රැසක කටයුතුවලට මේ හේතුවෙන් බාධා එල්ල වී තිබිණි.

උපාධිධාරීන්ට වෘත්තීමය වැටුප් තලයක් ලබාගැනීම සහ රනුග්ගේ කොමිසමේ වාර්තාව ක‍්‍රියාවට නැංවීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල්කරගනිමින් හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 16ක් අද (8) පෙරවරු 7.00 සිට දීපව්‍යාප්තව ආරම්භ කළ මෙම එක් දින වැඩ වර්ජනය ඉතා සාර්ථක වූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය.

මෙම වැඩවර්ජනය හෙට (9) පෙරවරු 8.00ට අවසන්වීමට නියමිත අතර රජය මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකළහොත් අනිද්දා (10) යළිත් රැස්වී ගත යුතු ඉදිරි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැන තීරණයක් ගන්නා බව ද රත්නප‍්‍රිය මහතා සඳහන් කළේය.



අදහස් (3)

හෙද - පරිපූරක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

බද්රානි Monday, 08 April 2019 02:25 PM

අසරණ දුප්පත් රෝගීන් ගැන නොසිතන, ඔවුන්ගේ බදු මුදලින් වැටුප් ලබන මේ ජාතියට, උසස් වීම් නොවේ, මොන දේ ලැබුනත් ඔවුන්ට වගතුවක් නොවන බව ස්ථීරයි.. කිසිදා, රෝගී නොවේ යයි සිතා, රෝගීන්ගේ ජීවිත බිල්ලට ගෙන කටයුතු කරන මේ වුර්තීය සංගම් යයි කියා ගන්නා මාෆියා සංගම් කාරයින්ට කවදා හෝ ස්වභාව ධර්මය විසින් මොවුන් ඇතුළු, ඔවුන්ගේ දරු පරම්පරාවටත්, උසස් අන්දමින් දඬුවම් නොදුන හොත්, ලොව තිබෙන සියලු ධර්මයන් අසත්‍ය බවත්, ධර්මය වෙනුවෙන්,අප කාලය නහස්ති නොකළ යුතු බව, මේ අය හට දන්වන අතරම, ඔවුන් නගින මේ උසේ තරමටම, බිමට පතිත වෙන වේගය වැඩි බවද අවධාරණය කරමි. මහජනතාවගේ බදු මුදලට පින්සිඳු වන්නට, රජයෙන් නොමිලේ සපයන මේ සෞඛ්‍යය සේවාව තරම් ජරාවට පත්වුන වෙනත් සේවයක් මේ රටේ නැති තරම්.

:       0       0

Aaananda Tuesday, 09 April 2019 06:55 AM

වර්ජනය අති සාර්ථකයි ...මේවා මෙහෙයවන උන්න්නන්සේට තෙරුනුවන්ගේම සරණි...

:       0       0

Dissanayaka Tuesday, 09 April 2019 09:00 AM

මේවා මෙහෙයවන අයටත් කරන ශාප වේවි. රජයේ රෝහලකට එන්නේ අන්ත දුප්පත් මිනිස්සු. අහිංසක මිනිස්සු අමාරුවේ දාල ගන්න සල්ලි වලට වගතුවක් වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 619 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1743 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site