IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


හෙද හෙදියෝ කළුපටි පැළඳ විරෝධතාවයක

(සිරංගිකා ලොකුකරවිට) 
 
 
සැමට හෙද උපාධියත් හෙද සේවය දීප ව්‍යාප්ත සේවාවක් කිරීමත් ඇතුළු ඉල්ලීම් රැසක් ලබාදෙන ලෙස රජයට බල කරමින් දිවයින පුරා හෙද හෙදියෝ අද (25) විරෝධතාවයක නිරත වෙති.
 
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසන්නේ සියලුම හෙද හෙදියන් කළුපටි පැළඳගෙන සේවාවන්හි යෙදෙන බවයි. 26,27 දින දෙකෙහි ඔවුන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවද එම සංගමයේ කරාපිටිය ශාඛාවේ සභාපති රනිල් මල්ලියාවඩු මහතා පවසයි.
 
හෙද හෙදියන්ට පෞද්ගලික ආයතන වලට මුදල් ගෙවා උපාධි ලබා ගැනීමට සිදුවී ඇති බව ද 2006/6 චක්‍රලේඛයට මගින් හෙද හෙදියන්ගේ මාණ්ඩලික තත්ත්වය නැතිවීම ඇතුළු අසාධාරනකම් විශාල ප්‍රමාණයක් සිදුවූ බවද ඔහු වැඩිදුරටත් පවසයි. 
 
මීට අමතරව සියලුම හෙද විදුහල් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලෙස ද තම සංගමය රජයෙන් ඉල්ලා ඇති බව ද මල්ලියාවඩු මහතා සඳහන් කරයි.
 
හෙට සහ අනිද්දා දින දෙකෙහි රෝහල්වල අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන බවද පිළිකා හා ළමා වාට්ටු ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා නිල ඇඳුම් රහිතව සේවයේ යෙදෙන බවද සඳහන් වේ. දෛනික සායන, බාහිර රෝගී අංශය හා සැත්කම් ඇතුළු රෝහල්වල සාමාන්‍ය කටයුතු සඳහා හෙද ‍හෙදියන් සහභාගී නොවන බවද මල්ලියාවඩු මහතා පවසයි.
 



අදහස් (3)

හෙද හෙදියෝ කළුපටි පැළඳ විරෝධතාවයක

Mahee Monday, 25 March 2019 08:52 AM

අපේ හෙදියන් පිටරටවලට පවා ගොස් හෙද හා අනිකුත් සේවාවල උපාධිධාරීන්ට දේශනා පවත්වනවා. පහුණු කරනවා. හැබැයි අපේ හෙදියන්ට තියෙන්නේ සහතිකයක් විතරයි. විදේශවල හෙද උපාධි තියෙනවා, නැත්නම් හෙද රැකියාවක්වත් ගන්නවත් බැහැ. හෙද උපාධි පාටමලා ඇතිකිරීම සහ දැන් තිබෙන තුන් අවුරුදු සහතිකය උපාධියක් ලෙස සැලකීම ඉතාම සාධාරණයි, මේක කාලීන අවශ්‍යතාවයක්. අපේ හෙද සේවාව කොහොමද පිටරට සමාන සේවාවන්ට ගලපන්නේ?

:       146       221

Sapumal. Monday, 25 March 2019 10:56 AM

අනේ !!! එදා ප්ලොරන්ස් නයිටින්ගේල් නමැති උදාර කාන්තා රත්නය මොනතරම් කාරුණික කෙනෙකු වුවාද ? අසරණ ලෙඩුන්ට පිහිට වියේ තම පියාගේ මුදල් වලින් රෝහලක් තනවා ගෙනයි.ලෙඩුන්ට කරුණාව අඩුවෙනවා කියා විවාහයකට හෝ කැමති වුයේ නැහැ.එවන් උතුම් කාන්තාවකගේ අඩි පාරේ යන අය මෙහෙමද කටයුතු කරන්නේ.නයිටින්ගේල් ප්‍රතිඥාව දී දිව්රන අය මෙහෙමද වැඩ කරන්නේ.අපේ රටේ හොඳට තිබුණු සාත්තු සේවයේ ගෞරවය කෙලෙසුවේ එක්තරා පුජ්‍ය පක්ෂේ අයෙක්.හෙද සේවය වැනසුවාට ඒ අයට සාපවේවි. කරුණාකර තමන්ගේ ප්‍රශ්ණ නිවැරදි ආකාරයට විසඳගෙන වෘත්තීය ගෞරුත්වය රැකගන්න.

:       158       227

ප්‍රීති Monday, 25 March 2019 11:16 AM

ඕකට විරුද්ධව හෙට අනිද්දා වෙද්දී, ලංකාවේ දොස්තරලා විශාල වැඩවර්ජනයක් දියත් කරයි. සුදුසුකම් ඇති හෙදියන් බිහිවෙනවාට දොස්තරලා කොහොමවත් කැමති නැහැ.

:       0       188

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 601 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 169 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 489 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1717 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site