IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හෙනානිගල ආදිවාසී නායකයා ජීවත්වෙන්න මී පැණි විකුණයි

(ඩබ්. ඒ. පියතිලක)
 
හෙනානිගල ආදිවාසී  ජනතාවට ජීවත්වීමට කිසිදු ආදායමක් නොමැතිවීමෙන් කැඳ බීමටවත් හාල් මිලදීගැනීම සඳහා තමා මී පැණි අලෙවි කිරීමට පොළොන්නරුව නගරයට පැමිණි  බව හෙනානිගල  ආදිවාසී නායක ඌරුවරිගේ  මුතු බණ්ඩා මහතා පැවසීය.
 
මී පැණි බෝතල් කිහිපයක් අතැතිව පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසළ රැඳී සිටි ආදිවාසි නායකයා ‘ලංකාදීප’යට මෙසේ ද පැවසුවේය.
 
“එදා අපි කැලේට ගිහිල්ලා දඩයමක් කරගෙන, හේනක් කරගෙන ජීවත් වුණා. අද අපිට කැලේට යන්න දෙන්නේ නැහැ. හේනක් කරන්න දෙන්නේ නැහැ. ජීවත් වෙන්න විදියක් නැහැ. අපි සත්තු මැරුවේ විකුණන්න නෙවේ, අපේ  වුවමනාවට  විතරයි. අද අපිට කැලේට යන්න එපා කියලා, දේශපාලන මහ හූරෝ සහ වනජීවී හූරෝ කැලෑ කපනවා, සත්තු මරනවා. අපි කැලේට ගියොත් උසාවි අරන් ගිහින් දඩ ගහනවා. 
 
දැන් අපේ ගම්මානවල කැකුළු කැකුළියෝ කවුරුවත් නැහැ. උන් ඔක්කෝම කොළඹ රස්සා හොයාගෙන ගිහිල්ලා. වයසක අය විතරයි  ගමේ ඉන්නේ. ගමෙන් පිට ගියපු අය බැඳලා වෙනත් පළාත්වලට ගිහිල්ලා. ඒ අය වැද්දෝ කියලා දැනගනී කියලා  ගමට අම්මා තාත්තා බලන්න එන්නේත් නැහැ. අපට ජීවත් වෙන්න රජයෙන්වත් කිසිම සහනයක් නැහැ.  
 
වහින්නේ නැතුව හේන් කරන්නත් බැහැ. බඩගින්නේ මැරෙන්න බැරි නිසා  බැරිම තැන තමයි බැරි බැරි ගානේ කැලේ ගිහින්  මී වදයක් කඩලා පැණි ටිකක් අරගෙන පොළොන්නරු ආවේ. කැඳ බොන්න  හාල් ටිකක් ගන්න සල්ලි කීයක් හරි හොයාගන්න.  මෙහෙ එන්න යන්න විතරක්  රුපියල් 400ක් විතර යනවා. මේ රටේ මුල් අයිතිකාරයෝ වෙච්චි අපට දැන් ජීවත් වෙන්න විදිහක් නැහැ. ලෝකේ වෙනස් වුණාට මිනිස්සු වෙනස් වුණාට අපි අපේ වර්ගයා පාවලා දෙන්නේ නැහැ. අපි මැරෙනතුරා මේ විදියටම ඉන්නවා. අපිට ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න කියලා මහ උන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි ද ආදිවාසී නායකයා පැවසීය.


 



අදහස් (5)

හෙනානිගල ආදිවාසී නායකයා ජීවත්වෙන්න මී පැණි විකුණයි

sampath Tuesday, 02 July 2019 08:12 AM

අපි ඔස්ට්‍රේලියාවේ ඇබෝරිජින්වරු ගැන කියනවා. ලංකාවේ ආදීවාසීන් අපිට සම්පතක්. මේ සංස්කෘතිය සංචාරක කර්මාන්තයටත් ඉතා වැදගත්. මේ මිනිස්සු ටික රැකුනොත් විතරයි ඒවා ආරක්ෂා වෙන්නේ. මේ අහිංසක මිනිසුන්ට රජයෙන් විශේෂ සහනයක් ලබා දීම සුදුසුයි.

:       0       1006

Amara Tuesday, 02 July 2019 09:35 AM

මේ අය මී මැසි පාලනයට යොමු කරන්න. රට යවන්න පුළුවන් විදියට අසුරන්න. රජයේ නිලධාරින්ට බලපත්‍ර විතරයි ඕනේ මේවා කරන්න. ඔස්ට්‍රේලියාවෙන් මී පැණි ගේන්නේ අපි.

:       0       33

සංජීව Tuesday, 02 July 2019 10:00 AM

අභිමානවත් ඉතිහාසය රැකුමට රාවණා පරපුරින් ආ බුදුබණට හීලෑ යක්කුන්ගේ අවධානය පිණිසයි...

:       15       46

ravi Tuesday, 02 July 2019 10:47 AM

මේ..ආදීවාසීන්ට , මීමැස්සන් බෝ..කරගැනීමට සහ ඒක කර්මාන්තයක් කර ගැනීමට උදව් කෙරුවනම් හොඳයි නේද ..

:       0       23

චමින්ද Wednesday, 03 July 2019 01:54 AM

කෝ අපේ සංස්කෘතික අධ්‍යක්ෂතුමිය. විවිධ මාධ්‍ය ආයතන හරහා දේශණ කරනවා .වෙන වැඩක් නැතුවා වගේ. මේරටේ සංස්කෘතිය රැකෙන්නනම් මොවුන් ගැනත් බලන්න ඕනෑ. හැබෑට අපේ සංස්කෘතික ඇමති කවුද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

නුවරඑළිය දිසාපති පත් කරයි
2025 පෙබරවාරි මස 05 14 0

නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රාජ්‍ය නිලධරයන්ට රට යද්දී තිබූ බාධාවක් ඉවතට
2025 පෙබරවාරි මස 05 15 0

ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 18 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 57 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 92 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 177 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site