(නවරත්න සමරතුංග)
වසර ගණනාවක් තිස්සේ තමන් බුක්ති විඳින ලද නාමල්ඔය බී සහ බී දෙක කොටසේ හේන් ඉඩම් නැවත දෙන්නැයි බල කරමින් අද (07) අම්පාර බිබිල මාර්ගයේ නාමල් තලාව මංසන්ධියේදී ගොවීන් පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ.
අක්කර 35 ක පමණ භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම හේන් ඉඩම් නඩත්තු කරමින් තම දරුපවුල් පෝෂණය කර ගත් නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මායිම්ගල් දමා එම ඉඩම් අත් පත් කරගෙන ඇති බවත් මේ හේතුවෙන් වගා කන්න දෙකක් තමන්ට ජීවනෝපාය මාර්ග නැතිවී ගිය බවත් ගොවීහු සඳහන් කළහ.
ඉඩම් නිදහස් කරදෙන ලෙස පාඨ කියමින් හා ඉල්ලීම් සදහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු ඝෝෂා කළහ.
මේ අතර වන ජීවී වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා නියෝජනය කරමින් මෙම ස්ථානයට පැමිණි පොලොන්මාරුවේ සුමන රතන හිමියන් එම ගැටළුව සම්බන්ධව කරුණු විමසා සිටි අතර උද්ඝෝෂකයින් තම ඉල්ලීම් සඳහන් සංදේශයක් ඒ හිමියන්ට භාරදුන්හ.
ඒ අනුව ප්‍රශ්න ගත කරුණ අමාත්‍යවරයා මගින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාවෙත යොමු කර ඉදිර කාලයේදී විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවට දුන් ප්‍රතිඥාව මත පිරිස විසිර ගියහ.
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ
මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
හේන් ඉඩම් යළි ඉල්ලා අම්පාරේ ගොවීහු උද්ඝෝෂණය කරති
විජිත් Monday, 07 September 2020 12:53 PM
කැලෑවේ සත්තුන්ට අයිති ඉඩම් අල්ලාගෙන වගාකරලා.. අන්තිමට ඒ සත්තු ඔවුන්ගේ ඉඩම් හොයාගෙන ඇවිල්ලා වගා විනාශ කරපුවාම. අපේ හේනට අලි ආවා කියලා වැලපෙනවා එහෙම නොවේ. හැම ආණ්ඩුවක්ම කරලා තියෙන්නෙත් ඔය දේමයි. නිසි පරිසර අධ්‍යයනයක් නොකර හිතු හිතු තැන්වල කැලෑ කපන්න මිනිසුන්ට අවසර දුන්නා. වන සතුන්ට උන් හිටි තැන් නැතිවුණා. මත්තල ගුවන් තොටුපොල හැදුවේ කොහේද..? අලි මංකඩවල් වසා දමලා.. අද ඒ අලි හැමතැනම... මේ දේශපාලුවන්ගේ මෝඩ අදහස් නිසා රටම අනතුරේ. ඔබලා හේන් වගාකරනවා නම් අලින්ගෙන් ආරක්ෂා වෙන්න සුදුසු ක්‍රියාමාර්ග ඔබලාම සොයාගත යුතුයි. මොකද ඔබ මේ කරන්නේ අනවසර වගාවක්? සත්තුන්ට අයිති ඉඩමක් උන්ගෙන් පැහැර ගැනීමක්. තමන්ගේ අයිතිය සොයාගෙන අලින් යළිත් එන දවසට.. ඔය දේශපාලුවන් ඔබේ සහායට එන්නේ නැතිබවත් මතක තියාගන්න. ඒ වගේම මෙය මානුෂීය ප්‍රශ්නයක් බව මට නොතේරෙනවා නොවෙයි. ඔබත් අමතක කරන්න එපා මේ ඉඩම කැලෑව මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් අයිති බව.. මිනිසා නීතිය ගැන විශ්වාසය තබනවා වගේම වන සතුන් තම අයිතිය සඳහා සටන් කිරීම ගැන විශ්වාසය තියෙනවා...
kalumMonday, 07 September 2020 01:27 PM
විජිත් ඔබගේ අදහස් දැක්වීම මම ඉතාම අගේ කරනවා. අද අපේ රටේ බොහෝ දෙනෙක් මිනිසා විසින් සත්වයින්ට කර ඇති අසාධාරණය ගැන කතාකරන්න ටිකක් අකමැතියි. ඔබ පවසා ඇති සියලු දේම මම අගේ කරනවා. ඒ වගේම සතුන්ට ආදරේ සියලු දෙනාම ඔබගේ අදහස අනුමත කරනවා ඇති...
Bamunuarachchi Tuesday, 08 September 2020 06:48 AM
රජයේ ඉඩමක් සුද්ද කර හේනක් වගාකළ පළියට,එහි අයිතිය වගාකළ මිනිහාට ලැබෙන්නේ නැත. එහෙම ඉඩම් සුද්දගේ කාලේ ගම් මැනුමෙන්ම අවසන් කළා.
BamunuarachchiTuesday, 08 September 2020 01:03 PM
එහෙම ගම් මැනුමෙන් නැතිනම් ‘‘බ්ලොක් සර්වේ‘‘ එකෙන් අයිති වූ පිඹුරුවල ලකුණු වූ ඉඩම් වලට යන්න පාර නැතිකම ප්‍රශ්නයක් වෙලා...