IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


හොඳින් සිටි සිරකරුවන්ට සතියක නිවාඩුවක්

(නිමන්ති රණසිංහ)

සිරදඩුවම් විදින යහපත් කල් ක්‍රියාවෙන් යුතු සිරකරුවන් සඳහා “සතියක නිවාඩුවක් ලබාදීමේ” නිතිය ඉදිරියේදී ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පැවසීය.

බන්ධනාගාර පනතට අනුව අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නීතිය ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකෙරෙමින් සිටින බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී ‘තමන් ද නිදහස් කරන ලෙසට’ ඉල්ලමින් උපවාසයක නිරත සිරකරුවන් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ඊයේ (23) වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.

වහලය මත නැගී උපවාසයේ නිරත සිරකරුවන් ගෙන් කිහිප දෙනකු සහ ඔවුන්ට සහාය දැක්වීම සදහා ආහාර වර්ජනයේ නිරත සිරකරුවන්ගෙන් කිහිප දෙනකු සමග සුහද අධිකරණ අමාත්‍යවරයා සුහද සාකච්ඡාවක නිරතවූ බව ද වාර්තා වෙයි.

සිරකරුවන්ට පොදු සමාව ලබාදීමේදී සියලුම සිරකරුවන් සදහා එකම ක්‍රමවේදයක් අනුගමනය කිරීම, සිරදඩුවම් විදින යහපත් කල්ක්‍රියාවෙන් යුතු සිරකරුවන් සම්බන්ධයෙන් වන දඩුවම අඩුකරගැනීම යන කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන් උපවාසයේ නිරත සිරකරුවන් සමග සාකච්ඡා කළ බව අධිකරණ අමාත්‍යාංශය සදහන් කරයි.

අභියාචනාවන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සිදුවන ප්‍රමාදයන් පිළිබදව මෙන්ම පුනරුත්ථාපන ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම මෙන්ම සිරකරුවන් පිළිබදව සහ ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙන් විශේෂයෙන්ම සොයා බැලීමේ ක්‍රමවේදයක් සකසා දීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා එහිදී සාකච්ඡා කළ බව ද අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සිරකරු සුබසාධනය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමට වහාම කි5යාත්මක වන බවත් එයට අවශ්‍ය කටයුතු සලසා දෙන තෙක් මෙම උපවාසය අත්හැරීමට කටයුතු කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා උපවාසකරුවන්ට දැනුම් දුන්නේය.

මෙම අවස්ථාවට බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී. ආර්. සිල්වා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය, බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ඇතු`ථ මහත්වරුන් පිරිසක් සහභාගී වී සිටියහ.

 



අදහස් (10)

හොඳින් සිටි සිරකරුවන්ට සතියක නිවාඩුවක්

පිටිගල මිලානෝ Thursday, 23 September 2021 05:54 PM

සිරකරුවා යනු පුනරුත්ථාපනය කිරීමට හෝ මරන දඩුවම ලබාදීමට සමාජයෙන් දුරස්ථව රජය භාරයේ තබාගන්නා පුරවැසියෙකි. ඔහුව සතියක් ගෙදර ඉන්නකල් ඔහුගේ ආරක්ශාවට ජේලර්ලා හෝ පොලිසියෙන් දානවද? ඔහුට කරදරයක් වුනොත් වගකිව යුත්තේ රජයයි. වියතුන්ගේ ටිකිරි මොලටික නම් ශෝක්. අර මිනීමරුවෙක්ව නිදහස් කරලා කට්ටියම ලොක්කාගේ නම රැකගන්න ගලේ පැහැරූ බලලා වගේ එක එක දේවල් කරලා අනාගන්නවා.

:       8       27

fairoos Thursday, 23 September 2021 06:01 PM

කරනවනම් හොඳයි .නැත්නම් ඉතින් සර්ලට කඩේ යන අය විතරයි ගොඩ

:       8       5

BamunuarachchiSunday, 26 September 2021 09:25 AM

අර දෙන්නා මෙතනට අදාළ නැහැ ඒගොල්ලන්ගේ කාලය තව දික්විය යුතුයි.

:       0       0

Warnakulasuriya Shirantha Thursday, 23 September 2021 07:12 PM

ඒ අයට විදේශ ගමන් බලපත්‍රයත් අරන් දෙමු සතියකට

:       3       9

pakeer Thursday, 23 September 2021 08:10 PM

නිවාඩු දෙනවා? ඇයි එයාල හිරගෙදර රාජකාරියක්ද කරන්නේ?

:       4       9

BamunuarachchiSunday, 26 September 2021 09:30 AM

කෑම වේලකින් හරි රටට ලාභයක්

:       0       0

ganegoda Thursday, 23 September 2021 08:28 PM

හොඳින් හිටියනම් සිරගත වෙන්නේ නැහැ නේද?

:       2       11

wahaldeepe Thursday, 23 September 2021 11:57 PM

එහෙමත් වෙනවද

:       0       1

nalin Friday, 24 September 2021 06:55 AM

වැඩේ තියෙන්නෙ සල්ලි තියෙන ලොකු මිනිස්සු විතරක් මරන දඩුවම් වලින් පොදු සමාව ලබල නිදහස් වෙනවානම්, රටේ නීතියක් කොහෙද ඉතින් අහිංසක මිනිස්සුත් උද්ඝෝෂණය කරනවා එයාලටත් ජනාධිපති සමාව ලබාදෙන්න කියලා.

:       0       0

Nimal Friday, 24 September 2021 08:11 AM

එබැවින්, සාක්‍ෂි නොමැති බැවින් ලොහාන්ට එරෙහිව නඩු පවරන්නේ නැත. සෙමෙන් නිදහස් වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 611 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 498 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1732 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site