IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හමුදාපතිගෙන් ජනතාවට හොඳ සහතිකයක්

(සුජිත් හේවාජුලිගේ )

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන කාලයේදී ජනතාවගේ හැසිරීම සතුටුදායක බවත් ඒ ගැන ජනතාවට ස්තූති ස්තූතිවන්ත වන බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර ජනතාව අඟල් හයේ මුව ආවරණයෙන් කට නහය ආරක්ෂා කරගත හොත් දිවයිනේ වර්ග කිලෝමීටර් හැට පන් දහස ආරක්ෂා කර ගැනීම දුෂ්කර නැතැයිද හෙතෙම සඳහන් කළේය.

වයස 30ට වැඩි ජනගහනයෙන් සියයට 55 කට කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ (24)වනවිට ලබා දී ඇති බව පැවසූ යුද හමුදාපතිවරයා එය වැදගත් සන්ධිස්ථානයක් බවද පැවසුවේය.

රටේ ජනගහනයෙන් එක්කෝටි විසි ලක්ෂයකට පමණ එන්නතේ දෙවැනි මාත්‍රාවද ලක්ෂ 58 කට දෙවැනි මාත්‍රාවද ලබාදී ඇති බවත් එන්නත් මාත්‍රා දෙකෝටියකට වැඩි සංඛ්‍යාවක් මෙරටට මේ දක්වා ගෙනවිත් ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (12)

හමුදාපතිගෙන් ජනතාවට හොඳ සහතිකයක්

එරන්ද Tuesday, 24 August 2021 10:21 PM

අධමයින්ගේ රැවුම් ගෙරවුම් විවේචන මැද ඔබතුමා කරගෙන යන සත් කාර්යය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා... .. . . ! ! ! ඔබතුමාටත්, පවුලේ සැමටත්, කොව්ඩ් වැලැක්වීමේ මධ්‍යස්ථානයේ සැමටත් සියළු රණ විරුවන්ටත් දීර්ඝායු වේවා.

:       7       9

මහසෙන් Tuesday, 24 August 2021 10:23 PM

සෙත් කවි සහ වස් කවි එකම කටින්. ඔය සහතික දෙන්නේ මොකද කියලා රට්ටු දන්නවා මහත්තයෝ . 30 වෙන කම් ඉන්න ඕන නෑ. හෙටම රට අරින්න. දැනුත් වහලා නෑ වගේ. ලොකු වෙනසක් නෑ

:       3       14

Dilshan Tuesday, 24 August 2021 10:41 PM

අනේ මේවා නාඩගම්. වෙන කොයි රටේ ද හමුදාපතිල ඇවිත් වසංගතයක් තියන රටක ජනතාව ගැන සහතික දුන්නේ?

:       6       17

සයිනොෆාර්ම් දෙවන එන්නත Tuesday, 24 August 2021 11:23 PM

රාගම MOH කාර්යාලයට සයිනොෆාර්ම් දෙවන එන්නත හැකි විගස ලබාදෙන්නේ නම් තුති. මේය විද ගැනීමට හැටෙන් ඉහල අයත් ඉන්නවා. හමුදා ජංගම සේවයෙ දුරකථනය කිසි දිනෙක උත්තර නැත්තෙ වැඩ නිසා විය හැකියි.

:       2       9

Lakvidu Tuesday, 24 August 2021 11:34 PM

පාරට බැහැලා නැහැ වගේ.

:       3       13

සදිස් Wednesday, 25 August 2021 07:12 AM

ඔහේලා ඇදිරි නීතිය නොදමා ජනතාව ට ස්වයං නීතිය දාගන්න ඉඩ දුන්නා නම් ඊට වැඩිය සාර්ථක වෙනවා.

:       3       14

ranjith Wednesday, 25 August 2021 07:19 AM

ජනතාවගේ හැසිරීම පාලනයත් කොවිඩ් පාලනයටත් මෙම උපාය මාර්ගය සුදුසු බව මෙමගින් කියවෙන්නේ.

:       2       6

ව්පුල Wednesday, 25 August 2021 07:41 AM

හමුදාපතිත් නිරෝධානය වෙලා වගේ. එහෙම නැත්නම් පාරට බැහැල බලන ලෙස ඉල්ලා සිටිමි.

:       2       13

hesa Wednesday, 25 August 2021 11:43 AM

ඒ වෙනරට වල..මෙහේ වෙනස්.. මෙතරම් භයානක වසංගතයක් පැතිරෙමින් තියෙන බව අඳ ගොළු බිහිරන් සේ මීහරක් අප රටේ ඉන්න නිසා..

:       0       7

fairoos Wednesday, 25 August 2021 12:30 PM

දේශපාලකයන් සමග එකතුවෙලා මෙතුමාත් නාගන්නවා.

:       4       7

Kasun Wednesday, 25 August 2021 01:05 PM

මිනිස්සුන් ගේ ප්‍රතිචාරය හොඳයි කියන්නේ මොන මට්ටමේ බලලාද? පාර පුරාම වාහන, මිනිස්සු පයින් යනවා. හැමතැනම කඩවල් ඇරලා කඩවල් ඇතුළට මිනිස්සු අරගෙන වෙළෙඳාම් කරනවා. ඉතින් තව මොන කතාද?මේක සම්පූර්ණ විහිලුවක් වෙලා තියෙන්නේ. රජයත් තද නීතියක් දාලා ලොක්ඩවුන් කරන්න ඕනේ. මෙහෙම ගියොත් මේක පාලනය නෙමෙයි, පාලනයකින් තොරව රට පුරාම කොරොනා බෙදාහැරීමක් වෙන්නේ...

:       3       4

Rata Perata Wednesday, 25 August 2021 02:49 PM

රට වහපු වෙලාවේ අනුරාධපුරේ කඩ කඩලා අරක්කු ගත්ත මිනිහෙක්ගෙන් අපිට සහතික ඕන නෑ...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 275 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 227 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 143 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 163 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 330 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 2020 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site