(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර අක්කරපත්තුව සිට කල්මුණේ ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ යුද හමුදා ජීප් රථයක් නින්දවූර් අල්ලිමුල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරලීම නිසා ජීප් රථයේ ගමන් ගත් හමුදා භටයින් 10 දෙනෙක් තුවාල ලබා ඇතැයි සමන්තුරේ පොලිසිය කියයි.
තුවාල ලැබූ හමුදා භටයින් නින්දවූර් රෝහලට, කල්මුණේ අශ්රප් අනුස්මරණ රෝහලටද , අම්පාර මහ රෝහලට සහ මඩකලපුව ශික්ෂණ රෝහලට යවා තිබේ.
ජීප් රථය ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමේදී මාර්ගය හරහා ගිය ගවයින් බේරීම සඳහා තිරිංග පෑගීමේදී ජීප් රථය පාරෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇති බව සමන්තුරේ පොලිසිය කියයි.
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
හමුදා ජීප් රථයක් අනතුරට ලක්වී 10 ක් රෝහලේ
[email protected] Sunday, 07 July 2019 12:38 AM
කොහොමත් මේ අය ඔහොම තමයි.
අතුල Sunday, 07 July 2019 12:43 PM
මෙම වාහනයේ අංකය යුහ 8943. හිටපු හමුදා නිලධාරියෙක් විදියට මම විශ්වාස කරනවා 1997 හෝ 1998 වර්ෂයේදී හමුදාවට එකතු වූවක් බව.... මෙතෙක් ධාවනය කරන ලද කි.මි. ගණන ගැන නොකිව හැකිමුත්, හමුදා සෙබළුන් මෙන්ම, ඔය වාහනයද "රට වෙනුවෙන් මහඟු සේවයක් කර ඇති බව " මගේ වැටහීමයි. විශ්‍රාම යායුතු වයසේ වාහනයක් වුවද, තවමත් සේවය කරන්නේ, තිබෙන රාජකාරි ප්‍රමාණය අනෙක් වාහන කොටසට පමණක් ඉටුකිරීමට අපහසු නිසාවෙනි. මාර්ගය හරහා ගිය ගවයින් බේරීම සඳහා තිරිංග පෑගීමේදී ජීප් රථය පාරෙන් ඉවතට පැනීමේදී සිදුවූ මෙම අනතුරෙන් "ජීවිත අහිමි නොවීම ගැන සතුටු වෙමි..."
de silva Sunday, 07 July 2019 10:36 AM
අපරික්ෂාකාරීව රිය පදවමින් රජයේ දේපළ සහ හමුදා භටයින්ගේ සහ සාමාන්‍ය වැසියන්ගේ ජීවිත විනාශ කරන අවිනීත හමුදා රියැදුරන්ට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඔවුන් හමුදාවෙන් නෙරපා විශ්‍රාම වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද අහෝසිකර, සිදුවුණු විනාශයෙන් කොටසක් වන්දි ලෙස ඔවුන්ගෙන් ලබාගත යුතුයි.
Dananjaya Sunday, 07 July 2019 11:05 AM
පරණ ඩිෆෙන්ඩර් කබලක්, ලොව අනාරක්ෂිතම වාහනයක්... ඕවායේ අඩුගණනේ ABS තිරිංගවත් නැහැ..
de silva Sunday, 07 July 2019 03:42 PM
මමත් පාරේ වාහන පදවාගෙන යනවිට පාර හරහා ඕනේ තරම් ගවයෝ, බල්ලෝ, බල්ලලු පනිනවා. මමත් තිරිංග තද කරනවා. නමුත් මම පදවපු වාහන මේ විදිහට පාරෙන් ඉවතට පැන පෙරලුනේ නැත. මෙතන තිබෙන ප්‍රශ්නය මේ වගේ කාර්පට් කරපු කෙලින් තිබෙන මාර්ගයක වාහනය පෙරලෙන්නට නම් ගමන් ගත්ත වේගය අවම වශයෙන් පැයට කිලෝමීටර් 80කට වැඩි වෙන්න ඕනේ.. අනිවාර්යයෙන්ම මෙතන මාර්ග නීති උල්ලංඝනය වීමක් සිදුවෙලා තිබෙන බව පෙනීයනවා. අනිත් එක මෙම වාහනය ඉන්දියාවේ නිපදවපු බෙලෙක් පෙට්ටියක් වැනි වාහනයක් නොවේ. සාමාන්‍ය වේගයකින් ගොස් තිරිංග තද කළාම මේවා මේ විදියට පාරෙන් ඉවතට පැනලා පෙරලෙන්නේ නැත.
කසුන්Tuesday, 09 July 2019 04:23 PM
අලුත් ඒවා ආමි එකට අරන් දෙන්නකෝ