IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හම්බෙගමුව රෝහල වසාදැමීමෙන් රෝගීන් අමාරුවේ

(අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න)
 
සේවයේ නියුතු වෛද්‍යවරු දෙදෙනා මොණරාගල ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ රාජකාරියට කැඳවීම නිසා  හම්බෙගමුව රජයේ රෝහල අද (03) පෙරවරුවේ සිට වසා දමා ඇතැයි සායන සහ බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීහු කියති.

රෝගීන් විශාල පිරිසක් ප‍්‍රතිකාර සඳහා පැමිණ සිටියදී රාජකාරී හේතු මත වෛද්‍යවරු දෙදෙනා දහවල් 11.00ට පමණ මොරණරාගල ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ රාජකාරියට වාර්තා කිරීමට රෝහලෙන් පිටව ගියහ. රැස්ව සිටි පිරිස මුලින් ඔවුන් දෙදෙනාට පිටව යාමට ඉඩ නොදී සිටියහ.

හම්බෙගමුව ප‍්‍රාදේශීය රෝහල ඌව පළාත් සභාව මගින් පාලනය කෙරේ. වෛද්‍යවරු තිදෙනෙක් එහි සේවය කරන අතර, සේවය කළ වෛද්‍යවරු තිදෙනාගෙන් එක් වෛද්‍යවරියක් මීට දින කිහිපයකට පෙර ස්ථාන මාරුවක් ලබාගෙන පිටව ගොස් ඇති බව රෝහල් කාර්ය මණ්ඩලය කියයි.

අනෙක් වෛද්‍යවරු දෙදෙනා පවසන්නේ වෛද්‍යවරියගේ ස්ථානමාරුවෙන් පසු තමන් දෙදෙනාට ද අද (03) මොණරාගල නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයට රාජකාරිය සඳහා  කැඳවීමක් කර ඇති බවයි. ඉහළ නිලධාරින්ගේ උපදෙස් පිළිපැදිය යුතු නිසා තමන් දෙදෙනා එහි යායුතුව ඇති බවද ඔවුහු කීහ.

ස්ථානමාරුවීම ලැබූ වෛද්‍යවරිය ක‍්‍රමවේදයෙන් බැහැරව එය ලබා ඇති බව දැනගන්නට ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලය කියයි. වාට්ටුවල ප‍්‍රතිකාර මෙන්ම, සායන සහ බාහිර රෝගී අංශවල ප‍්‍රතිකාර ලබාදීම පැමිණෙන රෝගීන්ගේ ප‍්‍රමාණය අනුව වෛද්‍යවරු දෙදෙනෙකුට පමණක් ප්‍රතිකාර කිරීහ නොහැකි නිසා තවත් එක් වෛද්‍යවරයෙකුගේ සේවය ලබාගැනීම කළ යුතුව ඇති බවද කාර්ය මණ්ඩලය කියයි.

මේ වනවිට වාට්ටුවලට රෝගීන් ඇතුල් කිරීම ද නවතා දමා තිබේ. අද (03) වනවිට වාට්ටුවල එකදු රෝගියෙක් හෝ නොවීය.

හබ්බෙගමුව, කලවැල්ගල, අරඹෙකෙම, අඟුනකොළපැලැස්ස, හම්බෙගමුව ජනපදය, දහයියාගල, කොටවෙහෙර මංකඩ, ලගිනගල, කහකුරුල්ලන්පැලැස්ස, මයිලවෙල, බලහරුව,  අලූත්වැව, රතඹලාගම, මහවැව ආදී ගම්වල ජනතාවට ප‍්‍රතිකාර සඳහා ආසන්නම රෝහල හමුබෙගමුව ප‍්‍රාදේශීය රෝහල බවද, හම්බෙගමුව ප‍්‍රාදේශීය රෝහලේ සිට ආසන්නම ප‍්‍රාදේශීය රෝහල වූ තණමල්විල ප‍්‍රාදේශීය රෝහලට කිලෝමීටර් තිහකට වැඩි දුරක් ඇති බවද රෝගීහු කියති.

මෙම රෝහලින් දිනපතා ප‍්‍රතිකාර ගැනීමට තමන් පැමිණෙන බවත්, මාසයකට වරක් සායන මගින් නිකුත් කරන බෙහෙත් ලබා නොදීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් තමන්ට බෙහෙත් දී පරිපාලන ගැටලූ විසඳා ගන්නැයිද ඔවුහු ඉල්ලා සිටිති.
 
මේ සම්බන්‍ධයෙන් මොණරාගල ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්යාලයෙන් විමසූ විට එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ වෛද්‍යවරියගේ ස්ථාන මාරුව ඉහළින් කළ දැනුම්දීමක් මත කර ඇති බැවින් ඒ ගැන වැඩියමක් කිව නොහැකි බවයි.



අදහස් (3)

හම්බෙගමුව රෝහල වසාදැමීමෙන් රෝගීන් අමාරුවේ

Fernando Thursday, 03 October 2019 06:43 AM

ගමේ රෝහල වහලනම් යන්නකෝ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් හොස්පිටල් එකට...

:       0       108

Sanath Kandy Thursday, 03 October 2019 06:56 AM

ගමේ රෝහල් වහලා. දොස්තරවරු නැහැ. බෙහෙත් නැහැ. පරීක්ෂණ කරන්න පහසුකම් නැහැ. තමන්ගේ ලෙඩට බෙහෙත් ගන්න සිංගප්පුරුවට ඉගිලෙන පාලකයෝ ඉන්නතුරු මේවට විසඳුම් ලැබෙන්නේ නැහැ. අවුරුදු හැත්තෑවක් කරපු මෝඩකම් තවත් කරමුද? මේ අහිංසක මිනිස්සුනට යහපත් හෙට දවසක් උදාකර දෙන්නට කැපවුනු අපේ පන්තියේ කෙනෙකුට මෙවර බලය දෙමු.

:       10       118

ඉලේපෙරුම Thursday, 03 October 2019 06:56 AM

3 වෙනිදාට අසනීප වෙන්න එපා කියලා කලින්ම නිවේදනයක් මගින් හම්බේගමුව අවට දුප්පත් ජනතාවට දැනුම් දුන්නා නම් මේ වගේ හිරිහැර විඳින්න වෙන්නේ නෑ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 3 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 60 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 159 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 741 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2624 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 745 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site