(චන්ද්‍රසේන ගමගේ)
ජූලි 1 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරන ලද හම්බන්තොට නව දිස්ත්‍රික් මූලික රෝහලේ අඩුපාඩු රැසක් ඇති බවත්, මේ වනතුරුත් හව ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවත්, මහජන මුදල් වැයකරමින් සෞඛ්‍ය හා පෝෂණ කටයුතු ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනතාව රවටමින් සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා අද (18) හම්බන්තොට දිස්‍ත්‍රික් මහ රෝහලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
හම්බන්තොට නව දිස්ත්‍රික් මහ රෝහල විවෘත කොට සති දෙකක් පසු වී ඇතත් අඩුම තරමින් එම රෝහල තුළ බාහිර රෝගී අංශයවත් ආරම්භ කිරීම සඳහා කිසිදු සුදුසුකමක් මෙන්ම වැඩපිළිවෙළක් නැති බවත් වෛද්‍ය උපුල් ගලප්පතිත මහතා පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍ය උපුල් ගල්ප්පත්ති මහතා මෙසේද පැවසීය.
“මේ වනවිට රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා මේ රටට බාල වර්ගයේ බෙහෙත් ගෙන්වන්නට අනුබල දෙමින්, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට උදවුකරමින් මේ රටේ මහජන මුදල් නාස්තිකරමින් ඉන්නවා. ඔහුගේ නැති වී ගිය සායම නැවත යථා තත්වයට පත්කර ගැනීම සඳහා රාජිත ඇමතිවරයා හම්බන්තොට නව මහරෝහල විවෘත කරමින් උත්සාහයක් ගත්තා. නමුත් එය පවත්වා ගෙන යන්නට හැකි කිසිදු පහසුකමක් තවම එම රෝහල තුළ නෑ. සේනාරත්න ඇමතිවරයා හම්බන්තොට ජනතාව රවටා තිබෙනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමාද නොමග යවමින් රාජිත සේනාරත්න ඇමතිවරයා සිදුකරමින් යන මේ ජනතා ද්‍රෝහී ගමන නැවැත්වීම සඳහා පියවර ගන්නා ලෙසයි”
විවෘත කරන ලද නව මහ රෝහල තුළ අඩුපාඩු රැසක් ඇති බවත් අධිකරණ වෛද්‍ය ඒකකය තුළ අඩුපාඩුකම් රැසක් ඇති බවත් චර්ම රෝග, ළය රෝග, අක්ෂි රෝග වැනි අංශ කිහිපයක් සඳහා ප්‍රධාන ගොඩනැගිල්ලේ පහසුකම් නැති බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හම්බනතොට මහ රොහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය දුමිදු කොඩිතුවක්කු මහතා පැවසුවේය. ඒ මහතා මෙසේද කීය.
“ප්‍රධාන වාට්ටු තුළ ඇති ඇඳන් අතර ඇත්තේ සීමිත පරතරයක්. එය වෛද්‍යවරුන් මෙන්ම හෙදියන්වද අපහසුතාවයට පත් කරන්නක්. ප්‍රධාන ඔපරේෂන් අංගනයේ අවශ්‍ය විදුලි ආලෝක උපකරණ සවි කර නෑ. විශේඥ වෙද්‍යවරුන්ට සීමාවාසික වෛද්‍යවරුන්ට හා අනෙකුත් වෛද්‍ය රුන්ට ප්‍රමාණවත් නිල නිවස නෑ. රාජිත සේනාරත්න ඇමතිවරයා විලි වහගන්න කොළ අතු ඇද ගනිමින් සිටිනවා.
රජයේ ව්‍යෛ නිලධාරීන්ගේ සංගමය විදියට අපි නව රෝහල් පරිශ්‍රය තුළ ක්ෂේත්‍ර පරීක්ෂණයක් කළා. එහිදී අප අඩුපාඩුකම් රැසක් දුටුවා. මේ රටේ සෞඛය තත්වය ඉහළ නැංවීම සඳහා කැපවීමෙන් වැඩ කරන සංගමයක් විදියට අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ මෙම විගඩම්වලට හසුවෙන්නේ නැතිව සෞඛ්‍ය අමාත්‍යධූරය ඔහුගෙන් ඉවත් කර එය ජනාධිපතිවරයා අතට ගන්නා ලෙසයි. හම්බන්තොට නව රෝහලේ පවතින අඩුපාඩු ඉවත් කර රෝහල යථා තත්වයට පත් කරන ලෙසත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා” යැයිද පැවසීය.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘හම්බන්තොට නව රෝහලේ කටයුතු තවමත් ආරම්භ කර නැහැ’
vernon Thursday, 18 July 2019 10:36 AM
සංගමයට මේ අඩු පාඩු පෙනුනේ විවෘත කරාට පසුවද? අනෙක් අතට රෝහලේ වෛද්‍ය අධිකාරීට මේ ගැන පැමිණිලි නොකරන්නේ ඇයි?
vernon Thursday, 18 July 2019 10:36 AM
සංගමයට මේ අඩුපාඩු පෙනුනේ විවෘත කරාට පසුවද? අනෙක් අතට රෝහලේ වෛද්‍ය අධිකාරීට මේ ගැන පැමිණිලි නොකරන්නේ ඇයි?
vernon Thursday, 18 July 2019 10:36 AM
සංගමයට මේ අඩු පාඩු පෙනුනේ විවෘත කරාට පසුවද? අනෙක් අතට රෝහලේ වෛද්‍ය අධිකාරීට මේ ගැන පැමිණිලි නොකරන්නේ ඇයි?
sudath Thursday, 18 July 2019 10:37 AM
මේගොල්ලන්ට රාජිත සේනාරත්න එක්ක තියෙන්නේ වෙන කෝන්තරයක්.
ලුම්බිණි Thursday, 18 July 2019 10:55 AM
මේ කතාව රෝහලේ අඩුපාඩු පෙන්වනවාට වඩා ඇමතිට විරුද්ධව ගෙනියන ප්‍රචාරයක් වගෙයි. ප්‍රමුඛත්වය දෙන්න රෝහලේ අඩුපාඩු වලට.
kap Thursday, 18 July 2019 11:00 AM
ඕකට ඇමතියට බැන බැන ඉන්නේ නැතුව අඩු පාඩු සකසාගෙන පටන් ගන්නවකො . ඕක තමුන්ගේ ලොක්ක කර නම් , මෙලහකට හොඳට දුවනවා . මේ තමයි අපේ රාජ්‍ය ත්‍රස්තවාදියෝ
mohamad. Thursday, 18 July 2019 12:54 PM
ඉතින් ඔබතුමාලට බැරිද ඕක විවෘත කරන්න ඉස්සෙල්ලා බලලා අඩුපාඩු පෙන්නලා දීලා පටන් ගන්න. ඔක්කොම එක වල්ලේ පොල්. වෛද්‍ය සභාවත් එක්තරා විදියක මෝඩ රැලක්. අපරාදේ මහජන සල්ලි
Devin Thursday, 18 July 2019 02:07 PM
රෝහලේ බෙඩ් අතර පරතරය නැති එක ඇමතිගේ ප්‍රශ්නයක්ද? බොරු දේශපාලන වැඩ කරන්න එපා දොස්තර මහත්තයෝ. අපි දන්නවා ඔයාලගේ වැඩ ගැන.