IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


හම්බන්තොට වරායට චීන වාහන කර්මාන්ත ශාලාවක්

(යොහාන් භාසුර)

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සහ චීනයේ ෂියාමන් කිං ලෝන්ග් යුනයිටඩ් මෝටර්රථ සමාගම ආයෝජන ගිවිසුමකට චීනයේ ෆුජියන්හිදී පසුගියදා අස්සන් තැබීය.

මෙම අවබෝධතා ගිවිසුමත් සමඟ එම සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය කර්මාන්ත ගම්මාන තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට නියමිතය.

ෂියාමන් කිං ලෝන්ග් යුනයිටඩ් මෝටර්රථ සමාගම විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ බස්, මෝටර් කෝච් සහ වෑන් රථ නිෂ්පාදනය කරන චීනයේ ප්‍රධානම වාහන නිෂ්පාදනය කරන සමාගම් දහයෙන් එකක් වන අතර එම සමාගම ලොව පුරා රටවල් 140 කට වැඩි සංඛ්‍යාවකට වාහන සපයයි.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ සහ හම්බන්තොට වරාය ආයෝඡන සේවා සාමාන්‍යාධිකාරී ජස්ටින් ෂැං මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ ආයෝඡන ප්‍රවර්ධන කණ්ඩායමේ සාකච්ඡාවක ප්‍රතිඵලයක් මත මෙම ආයෝජනය නිර්මාණය වී තිබේ.  



අදහස් (12)

හම්බන්තොට වරායට චීන වාහන කර්මාන්ත ශාලාවක්

fairoos Thursday, 23 September 2021 05:57 PM

කොහොමද අපේ සර්ගේ වැඩ ?දැන් ඉතින් අපිටත් අලුත් වාහනයක් ගන්න පුළුවන් වෙයි

:       17       10

Nuwan Thursday, 23 September 2021 06:01 PM

කොහොමද වැඩේ ජපන් වාහන ගෙන්වන එක නැවැත්තුවා .පස්සේ ලංකාවේ හැදුවේ කියලා චීන වාහන ප්‍රමෝට් කළා දැන් චීන කර්මාන්ත ශාලාවක් දැම්මා

:       4       33

ShanFriday, 24 September 2021 02:22 AM

දුන්නට පස්සේ මොනවා කිව්වත් වැඩක් නැහැ. විවෘත ආර්ථිකේ ඕනෑම කෙනෙකුට වාහනයක් ගන්න පුළුවන්. නමුත් ලංකාවේ ගමන් පහසුවට රථ වාහන සේවා තියෙන නිසා වාහන ගන්න අවශ්‍යතාවයක් නැහැ ගොඩක් අයට

:       0       0

kamal Thursday, 23 September 2021 06:41 PM

කොහොම හරි කමක් නෑ අහිංසක මිනිස්සුන්ට වාහනයක් ගන්න අවස්ථාව උදා වෙනවනම්

:       15       15

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 23 September 2021 07:12 PM

ඔන්න බළලා පැනපි මල්ලෙන් එළියට.ඒක තමයි මේ වාහන ගෙන්වීම නැවතුනේ.අම්මපා සුපිරි ප්ලෑන්. සුපිරි මොළ ... පසුගිය කාලයේ තේ දළු අදින්න දෙනියාය මොරවක පැත්තේ සමහර දෙනා චීන ට්‍රක් රථ මිලට ගෙන තිබුණා. බර පටවා කඳු අදින විට පිටිපස්සෙන් මිනිස්සුත් තල්ලු කරන්න ඕනෑ.ඒ තරම් ඉහළ තාක්ෂණයක් තමයි ඒ වාහන වලට තිබුණේ.කොහොමත් ජපන්,ඇමෙරිකන් ආදී රටවල් වල වාහන ළඟින්වත් චීන බාල වාහන තියන්නට බැහැ.ඉන්දියන් වාහනත් චීන වාහන වලට වඩා තාක්ෂණයෙන් ඉතා උසස්.

:       17       27

විජේ Friday, 24 September 2021 09:41 AM

වරාය ලගින් හදන්නෙ රට පටවන්න වෙන්න බැරිද? කර්මාන්තශාලාව ලංකාවෙ හැදුවට ලංකාවෙ මිනිස්සු ගන්න ඕනෙ කියලා නීතියක් නෑ. කොහොමත් ලංකාවෙ කර්මාන්තශාලාවල හදන වැඩිහරියක් දේවල්ගැන ලංකාවෙ මිනිස්සු අහලවත් නෑ.

:       1       2

de silva Thursday, 23 September 2021 08:00 PM

අනේ මේ කුණු ගොඩවල් ගන්න අපට පිස්සු නැහැ

:       6       11

Weerawansa Thursday, 23 September 2021 08:13 PM

හොඳයි සේරම හම්බන්තොටට

:       2       8

Lal Thursday, 23 September 2021 08:38 PM

ඉන්දියන් කසිකබල් ජරා වාහන වලට වඩා චීන වාහන හොඳ ඇති.

:       12       17

Nuwan Friday, 24 September 2021 08:09 AM

වාහන එකලස් කලාට මෙහෙ විකුනන්නම ඕන නෑ. ඒක කස්ටමර්ගෙ කැමැත්ත. අයෝජන මුදල කොපමනද? රැකියා කීයක් බිහිවෙනවද? ඒවා කාටද? චීන්නුද? දේශීයද? තාක්ෂණ හුවමාරුවක් සහ පුහුණුවක් එහෙම දේශීය කම්කරුවන්ට ලැබෙනවද? වක්‍ර රැකියා කීයක් හැදෙනවද?

:       1       0

sam Friday, 24 September 2021 08:45 AM

මේ ගිවිසුම අත්සන් කරන්නේ චීන්නු දෙන්නෙක්නේ. ලංකාව අයිති චීන්නුන්ට කියලා මේකෙන් ඔප්පු වෙනවනේ.

:       0       2

Perera Friday, 24 September 2021 09:10 AM

මේගොල්ලෝ කාර් හදන්නේ නැහැ, බස්, වෑන් විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 600 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 167 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 485 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 120 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1712 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site