IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොට හිටපු නගරාධිපතිට ඇප

(දිලීප් ජයසේකර)

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ඇප ලබාදීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (23) නියෝග කළේය.

රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 5 ක් ද මත ඔවුන් මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය.

මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් මොවුනට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබිණි.

 



අදහස් (13)

හම්බන්තොට හිටපු නගරාධිපතිට ඇප

Raveendra Wednesday, 23 October 2019 07:08 AM

පක්ෂ, පාට කෙසේවත් අදාල නැත. මෙවන් අය ඇතුලට දමා බැද දැමිය යුතුමය. එවිට අනිකුත් සියලුම පාට,පක්ෂවල "වැරැදි කරන්නන් " ද සුළුවෙන් හෝ පාඩමක් ඉගෙනගනු ඇත.

:       0       129

de silva Wednesday, 23 October 2019 07:21 AM

උසාවියෙන් වැරදිකරුවෝ කරලා හිරේ යවපු මිනිසුන්ට ඇප ගන්න පුලුවන්ද ? මේවා දකිනකොට මට හිතෙනවා අර රන්ජා කියන කතාව සාධාරණයි කියලා.

:       22       206

AmilaWednesday, 23 October 2019 07:54 AM

ලෝයර්ලාට වියදම් කරන්න සල්ලි තියේනම්. ඉහළ උසාවියකට ගිහින් ඇප ගන්න පුලුවන්. ඒට පස්සේ ඉතින් දශක එකක් දෙකක් ලස්සනට එලියේ ඉන්න පුලුවන්. මේ රටේ ක්‍රමේ තියෙන අවුලක්. උගත් බුද්ධිමත් ප්‍රායෝගික මිනිස්සු හරි තැන් වල නැතිවීම තමයි ගැටලුව..

:       0       3

sampathWednesday, 23 October 2019 08:47 AM

09 වසර තියනවා සමාජ අධ්‍යයනය කියලා විෂයක්. එකේ කියලා තියනවා ලංකාවේ අධිකරණ ක්‍රමය ගැන සුලුවෙන්. මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන්න තීන්දුවකට අභියෝග කරන්න පුලුවන් මහා අධිකරණයකින්. ඒකයි ඇප දීලා තියන්නේ.

:       3       5

Amila Wednesday, 23 October 2019 07:32 AM

කොච්චර දඩුවම් ලැබුනත් සල්ලි තිබේ නම් ඇප ගැනීම හරිම ලේසියි. මතකනේ සිල් රෙදි එකේ දෙන්නත්. එයාලත් ඔය ඇප අරන් යහතින් ඉන්නේ. වැඩිකල් යන්න ඉස්සෙල්ලා මිනිස්සු නීතිය අතටම ගන්නවා.

:       16       138

lanka Wednesday, 23 October 2019 07:53 AM

නොවැම්බර් මැද ඉඳල මේ මනුස්සය සෙල්ලම් පිස්තෝල නෙමෙයි සෙල්ලම් ටි 56 අරන් පාරේ ගියත් පුදුම වෙන්න එපා හොඳේ .

:       0       7

Hafeel Wednesday, 23 October 2019 08:22 AM

මේ රටේ දේශපාලකයෙක් වෙන්න එක ලොකු පිනක්. වාසනාවක්. දඬුවම් දීලත් ආපහු ඇප ලැබුණු එක? ළඟදී ශ්‍රී රංගාට, විජයකලාට, ලලිත් වීරතුංගට, දැන් මෙයාට ඇප ලැබුණු විදිය?

:       0       38

de silva Wednesday, 23 October 2019 08:43 AM

මේ අය (ලලිත් වීරතුංග , එරාජ් ) විපක්ෂේ ඉන්නකොට මෙහෙම නම් ආණ්ඩු පක්ෂෙට අවොත් කොහොම හිටීවිද ? සමහරවිට අර සුද්දා මරලා සුද්දි දුෂණය කරලා ඇතුලේ ඉන්න තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිත් ඇප පිට හෝ සම්පුර්ණයෙන්ම නිදහස් වෙලා එලියට ඇවිල්ලා නැවත වැඩ පටන් ගනිවී.

:       0       48

ලුම්බිණි Wednesday, 23 October 2019 08:57 AM

ඡන්දයට වැඩ කරන්න තියෙනවානේ. ඇතුලේ ඉඳලා කොහොමද? තව තව කට්ටිය එලියට ඒවි.

:       0       34

Rata Perata Wednesday, 23 October 2019 09:45 AM

අපේ රටේ පාර්ලිමේන්තුවටත් වැඩිය දේශපාලනීකරණය වෙලා තියෙන්නේ අධිකරණය. එක එක්කෙනාට ඕන විදියට නඩු තීන්දු. සමහරු නඩු අහන්න බෑ කියලත් යනවා. පුදුම රටක්.

:       0       2

sirimal Wednesday, 23 October 2019 10:09 AM

සෙල්ලම් පිස්තෝලයක් ගිය දුරක්....

:       0       11

de silva Wednesday, 23 October 2019 11:09 PM

දෙනොදහසක් බලන් ඉන්දැද්දී පිස්තෝලයක් අරන් බස් එකක් පස්සේ පන්නවා, මේවා කැමරා කිහිපයකින්ම වීඩියෝ කරලා, මෙහෙම පැහැදිලි සාක්ෂි තියෙන නිසා මහේස්ත්‍රාත්තුමා තීන්දුව දීලා තිබෙන්නේ , එහෙම කරලත් ඇප ලැබෙනවානම් කියලා වැඩක් නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත


අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක්
2024 දෙසැම්බර් මස 26 202 0

රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් සිඟිත්තිය මරුට
2024 දෙසැම්බර් මස 26 166 0

යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අ‍ැගේ මව, පි


අඩු ආදායම් ලාභීන්ට නිවාස දෙන්න චීනයෙන් කෝටි 2,200ක්
2024 දෙසැම්බර් මස 26 181 0

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්‍රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝ


’’බැංකුව අයකරන බද්ද නැවත දෙන ක්‍රමයක් නෑ’’
2024 දෙසැම්බර් මස 26 897 0

අඩු ආදායම් ලාභීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ආදායම පෙන්වා බදු නිදහස හිමිකරගන්නා තෙක් බැංකු පොලියෙන් අය කරන සියයට 10 ක බද්ද නැවත ජනතාවට දීමේ ක්‍


ශ්‍රී ලංකාවේ හැඩය ගත් නිල් මැණිකක්
2024 දෙසැම්බර් මස 26 863 0

ශ්‍රී ලංකාව හැඩය ඇති දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල මැණික් ව්‍යාපාරිකයෙක් අද( 26) පැවසුවේය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 113 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 109 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site