(බිඟුන් මේනක ගමගේ)
අගුණකොළපැළැස්ස බන්ධනාගාරයේ සිරදඬුවම් විදින හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නමැත්තාට බන්ධනාගාර පරිපාලනයෙන් විශේෂ සැළකිලි ලැබෙමින් පවතින්නේ යැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සිරදඬුවම් නියම වූවකු මුණගැසීමට බාහිර පුද්ගලයන්ට අවස්ථාව ලැබෙන්නේ මසකට එක් වතාවක් වුවද හිටපු නගරාධිපතිවරයා මුණගැසීමේ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ දී ඔහුගේ නෑසිය මිතුරන්ට බන්ධනාගාර පරිපාලනයෙන් ලැබී ඇතැයි පැවසීය.
වසර පහක සිරදඬුවම් නියම වූවකු සාමාන්‍ය ගණයේ අපරාධකරුවකු හැටියට සැළකුව ද ඔහුට හිමිව ඇත්තේ විශේෂ ගණයේ අපරාධකරුවකුට හිමි වන අවස්ථා යැයි ද එම ප්‍රකාශකයා කීය.
ඒ අනුව ඔහුට බන්ධනාගාරයට පිටතින් ගෙනෙන කෑම දිය නොහැකි නමුත් මෙම විශේෂ වරප්‍රසාදිත තත්ත්වය යටතේ ඔහුට බාහිරින් කෑම සැපයීම සිදුවන්නේ යැයි ද කියති.
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නමැත්තාට වසර පහක සිරදඬුවම් නියම කෙරුණේ 2014.04 017 වැනි දා හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේය.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ එච් වාට්ටුවේ ආරක්ෂක රැකවල් මැද සිටි හිටපු නගරාධිපතිවරයා පසුගියදා හදසියේ අසනීප වී තංගල්ල රෝහලට ද ඇතුළත් කර තිබිණි.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හම්බන්තොට හිටපු නගරාධිපතිට හිරගෙදර විශේෂ සැලකිලි
sirimal Tuesday, 03 September 2019 10:00 AM
අනිත් හිරගෙවල්වල ඉන්න දේශපාලන සබඳතා තියෙන අයටත් එහෙමම තමා ඉතින්. නරකාදියට ගිහිල්ල හරි හොරු අල්ලනවා, කුඩු කාරයෝ එල්ලනවා, මාත් එක්ක ඒ සෙල්ලන් බැහැ කියලයි බෙරිහන් දුන්නේ. දැන් ඒවා අමතකයි. කාටද කියන්නේ?
sugathTuesday, 03 September 2019 11:41 AM
එකනම් ඇත්ත. කව්රු ආවත් ඔච්චරම තමා.
mahida Tuesday, 03 September 2019 10:31 AM
දැන් දුප්පතාට විතරයි, හිරගෙවල් අනිත් අයට හෝටල්...
Hafeel Tuesday, 03 September 2019 10:41 AM
ලොක්කන්ට තියන ලෙඩ ගෝලයින්ට බෝවන්නේ නැත්නං...
ලුම්බිණි Tuesday, 03 September 2019 11:08 AM
බන්ධනාගාර පරිපාලනයේ මේවට උදවු දෙන උන්ට කවුද දඬුවම් දෙන්නේ?
රවින් Tuesday, 03 September 2019 11:29 AM
ඇත්තෝ කති බොති. නැත්තෝ ලේවකති.
සිරිමල් Tuesday, 03 September 2019 11:59 AM
මොහු සිටින්නේ අඟුණකොල පැලැස්සේ නේද? එහි පාලකයින් වැඩිදෙනෙක් එම පැත්තේ අය වෙන්න ඇති... ඔවුන් හිතනවාද දන්නේ නැහැ එම හිරකරුවාගේ නායකයා ජනපති වෙනවා කියලා. මේ හිරකරුට සලකා තිබුනොත් උසස්වීම් ගැනීමට හෝ වෙනත් වරප්‍රසාද ගැනීමට මෙහි නිලධාරීන් එහෙම කරනවා ඇති. ඔවුනුත් මනුෂ්‍යයෝය. අශාවන් ඇත්තෝය.
Chanak los angeles Tuesday, 03 September 2019 01:38 PM
දැන් ඔහොම නම් සාටකයන් බලයට ආවොත් මොහු සමග සියලු අපතයන් රොත්තම එළියට ගන්නවා සිකුරුයි.