(යොහාන් භාසර සහ සුමිත් ප්‍රේමතිලක)
‘‘හරක් කටා‘‘ නැමැති ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුගේ මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව කියන ප්‍රධාන පුද්ගලයන් හත් දෙනකු රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ රුපියල් හත් ලක්ෂ විසිදහසක මුදලක් සමග අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර මාතර සහ වැලිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස් දෙනෙකු, හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු සහ නිට්ටඹුව ප්‍රදේශයේ කාන්තාවක් ද වන බැව් පොලීසිය කියයි .
මාතර ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු සතුව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 190 ක් සහ 160 ක් ද, වැලිගම ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනා සතුව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 140 ක්, 100 ක් සහ 60 ක් තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්ව ඇති නිට්ටඹුව ප්‍රදේශයේ කාන්තාව ජාවාරමට සම්බන්ධ මුදල් පරිහරණය කරන තැනැත්තිය බවත්, හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පත්වූ පුද්ගලයා සතුව රුපියල් හත් ලක්ෂ විසිදහසක මුදලක් හා ක්‍රෙඩිට් කාඩ් විශාල ප්‍රමාණයක් තිබූ බව වැටලීමට එක්වූ පොලිස් නිලධාරියෙක් කීය.
මාතර පොලිසියට සැකකරුවන් දෙදෙනකු , වැලිගම පොලිසියට සැකකරුවන් තිදෙනෙකු භාරදී ඇති අතර , හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයා සහ නිට්ටඹුව ප්‍රදේශයේ කාන්තාව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබේ.
මෙම ගිණුම් හරහා සතියකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් ගනුදෙනු වී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
හරක් කටාගේ ගෝලයෝ හතක් කුඩුත් සමග මාට්ටු