IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


හෝර්ටන්තැන්න ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ කළ විදේශිකයින්ට දඩ


(ශාන්ත චන්ද්‍රසිරි)

ඩ්‍රෝන කැමරාවක් භාවිතා කරමින් අනවසරයෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානය ඡායාරූප ගත කිරීමේ චෝදනාවට වරද පිළිගත් විදේශිකයන් තිදෙනෙකු හට එක් අයෙකුට රුපියල් 25000 බැගින් රුපියල් 75000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (26) නියෝග කළේය.
 
මෙසේ වරදකරුවන් වූයේ චීන ජාතිකයන් තිදෙනෙකි.
 
මෙම විදේශිකයන් තිදෙනා හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ඇතුළුව කිසිවෙකුට නොදැනෙන පරිදි අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් භාවිතා කරමින් ඡායාරූප ගත කරමින් සිටියදි හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන තිබිණි.
 
ඩ්‍රෝන කැමරාවේ අනන්‍යතාවය තහවුරු කරන තෙක් ඩ්‍රෝන කැමරාව 28 වැනි දින දක්වා රඳවා තබා ගැනීමට මෙහෙදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
හෝර්ටන්තැන්න වනෝද්‍යාන භාරකරු ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් අනුව නියෝජ්‍ය වනෝද්‍යාන භාරකරු පී. පී. දයාරත්න, කේෂ්ත්‍ර සහකාර උපුල් ශාන්ත, රවීන් ලක්මාල් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට තිබිණි. 



අදහස් (15)

හෝර්ටන්තැන්න ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ කළ විදේශිකයින්ට දඩ

UAE Sanath Tuesday, 26 March 2019 07:43 AM

මෙය උසාවි නොගොස් විසඳාගත්තා නම් තමයි වඩා හොඳ... මේ විදේශිකයන් මෙවැනි වීඩියෝ අන්තර්ජාලය හරහා විකාශනය කරනවා. එයින් අපේ රටේ සංචාරක ව්‍යාපාරයට විශාල ප්‍රචාරයක් ලැබෙනවා. යූ ටියුබ් තුළ විදේශිකයන් අපේ රට ගැන නිර්මාණය කළ ඉතා අනගි වීඩියෝ විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම වීඩියෝ ලොව පුරා ලක්ෂ ගණනක් නරඹා තිබෙනවා. අපේ මිනිසුන්ට මේ ගැන අවබෝධයක් නැහැ. සාමාන්‍ය කැමරාවකින් වීඩියෝ කරත් මෙම ඉහළට යැවිය හැකි කැමරාවකින් වීඩියෝ කරත් අපේ වනයට හානියක් වෙන්නේ නැහැ නේද? ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමග අපේ යල්පැනගිය නීති වෙනස් විය යුතුයි.

:       0       2

Sameera Tuesday, 26 March 2019 07:43 AM

මාර වැඩක්නේ... යකෝ ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?

:       0       1

ලුම්බිණි Tuesday, 26 March 2019 08:21 AM

මේ දඩ මුදල මදි. අනික ඩ්‍රෝන කැමරාවලින් වීඩියෝ කිරීමට අවසර ගතයුතු බවට දන්වා පුවරු සවිකළ යුතුයි.

:       1       0

Amith Tuesday, 26 March 2019 08:40 AM

නීතියට අනුව කටයුතු කිරීම හොදයි . ඒත් ඒ සමගම සදහන් කළයුතු දෙයක් ඇත. හොර්ටන්තැන්නේ ඇති වැසිකිලි පද්ධතිය ඉතාම අපිරිසිදු හා කිසිදු පහසුකමක් නැති අතර වැසිකිලි පරිහරණය සදහා වෙනම මුදලක් අයකරයි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඇති හොර්ටන්තැන්නට පහසුකම් ඇති වැසිකිලියක් සැදීමට නොහැකි ප්‍රාදේශීය සභාව /පාලක ආයතනය හොර්ටන්තැන්නට ඇතුළුවීමට මුදල් අයකොට රිසිට් පතක්ද නිකුත් කරයි. පහසුකම් නැති සංචාරක ව්‍යාපාරය නිසා රටේ නමටද කැල්ලකි. මේය සංචාරක අමාත්‍යාංශයේ අවධානයට ලක්විය යුතුම කාරණයකි.

:       0       257

Ranjan Tuesday, 26 March 2019 08:47 AM

අපිත් ගිහින් ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ පින්තුර ගත්ත ලංකාවේ ගොඩක් තැන්වල කිසිම අවසරයක් නැතිව. අවසර ගන්න කිසිම පිළිවෙලක් නැහැ හරියාකාර දැනුම් දීමක් විස්තර ලබා ගන්න බහ එක එක තැන්වල එක එක දේ තම කියන්නේ .කොටින්ම කියනවනම් යවන ලද ඊමේල් වලට පිළිතුරු නැහැ සංචාරක ආයතනයෙන් සහ ශ්‍රී ලංකා තානාපති කර්යලෙන් විසදුමක් නැහැ.ඉතින් මේ ගොල්ලෝ සුදානම් වෙලා එනකොට් දුම්රිය ගිහින්. ඔන්න ඔය නිසා තම මිනිසුන් අවසර නැතිව මේවා පාවිචි කරන්නේ

:       0       94

එරOග Tuesday, 26 March 2019 08:49 AM

ගෝත්‍රික යුගයේ ජීවත් වෙමින් සංචාරක කර්මාන්ත ගැන සිහින දකින එකම රට ශ්‍රී ලංකාවයි.

:       0       488

Mahesh Tuesday, 26 March 2019 09:08 AM

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන හා වනසතුනට කරදරයක් නොවේනම් වෙවැනි යල්පැනගිය නීති වෙනස් කලයුතුය . සංචාරකයන් මොලෙස උසාවි වල රස්තියාදු කිරීම කිසිලෙසකින් අනුමත නොකරමි ! ඔහුන් නොදැනුවත්ව වරදක් කර තිබේ නම් හොඳම දේ ඔහුනට අවවාද කර නිදහස් කිරීමි ය .

:       116       232

බුද්ධි Tuesday, 26 March 2019 09:53 AM

ගුවන්යානා වලට අනතුරක් ඇති හෝ ආරක්ශිත කාලප හැරුනු කොට අනෙත් තැන්වල පුද්ගලිකත්වයට හානි නොවනසේ ඩ්‍රෝන හැසිරවීම තහනම් කිරීමට තරම් හනමිටි අදහස් ඇතිවීම ගැන ඉතාම කනගාටුයි. සාමාන්‍ය කැමරාවකින් හෝ දුරකතනයක කැමරාවකින් ඡායාරූප ගත හැකි තැන් ඩ්‍රෝනයකින් ඡායාරූප ගතකිරීමට මුදල් අයකර ගෙන බලපත්‍ර නිකුත් කිරීම මට වැටහෙන පරිදි නම් පාරේ ධාවනය වන බස් වලින් කප්පම් ගැනීමට සමානය.

:       0       0

gbase Tuesday, 26 March 2019 11:22 AM

මේ හේතුවෙන් ලොකු පරිසර විනාශයක් සිදුවිය හැක දැඩි දඩුවම් දීමට වහා පියවර ගත යුතුයි......

:       40       1

anjana Tuesday, 26 March 2019 11:33 AM

මට තේරෙන්නේ නැත්තේ ද්‍රෝන යානයකින් සිදුවන පරිසර හානිය මොකක්ද කියල. අනේ දන්නා කෙනෙක් කියල දෙන්නකෝ?

:       2       22

Ariyathilaka Tuesday, 26 March 2019 01:09 PM

පුරාවිද්‍යාත්මක ස්ථාන සහ පුරාවිද්‍යා භූමි, ජලාශ, වැව්, රක්ෂිත වනාන්තර, වනෝද්‍යාන, යන ස්ථාන “media” යන ලේබලය වාහන වල ඉදිරිපස යොදා ගෙන සමහර උදවිය ඩ්‍රෝන කැමරා වලින් වීඩියෝ ගත කරත්. ඡායාරූප ගත කරත්. “media” යන වචනය මිස කුමන මාධ්‍ය ආයතනය ද යන්න සදහන් නැත. මෙය බරපතල වංචාවක් වීමට ඉඩ ඇත. Media යන්න භාවිතා කරන්නේ නම් මාධ්‍ය ආයතනයේ නම හෝ තම අනන්‍යතාවය හෝ දක්වාලිය යුතුය. නීතිය සැමට සාධාරණ විය යුතුය. ආරක්ෂක අංශ මේ ගැන දැනුවත් වීමත් විශේෂයෙන් මහජනතාවගේ අවධානය මේ කෙරෙහි යොමු වීමත් කාලෝචිතය. නොහික්මුනු වංචනිකයන්ගේ ක්‍රියා මැඩලීම ඇවැසි ය.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 26 March 2019 04:07 PM

ඔය චීන්නු අපේ රට විනාශ කරන්න ආපු ඔත්තු කාරයෝ. අපේ රටේ නීතිය අනුව උපරිම දඬුවම්දී, ඩ්‍රෝන කැමරා ටික රාජසන්තක කරන්න. ඒවා රටට අවශ්‍ය වැදගත් ගුවන් වීඩියෝ/පින්තුර ගැනීම සඳහා යොදාගෙන විදේශ විනිමය ඉතිරිකර ගැනීමට රජයට හැක. චීනා අපේ රටට තෑගි දුන්නා කියන "නෙළුම් කුළුණ" වැඩ පටන් ගත්තාම තව තව හොඳ සෙල්ලම් ඉදිරියට බලාගැනීමට පුළුවන් වේවි! ඒ නිසාම තමා අපේ අසල්වැසි ඉන්දියාව මේ කුළුණ දිහා වපර ඇසකින් බලන්නේ! ඒ වගේම නුදුරු අනාගතයේදීම කහපාට චීන දරුවන් අපේ රටේ දරුවන් සමග පාසල් යන කාලයකුත් උදාවේවි.....

:       0       0

Nihal Tuesday, 26 March 2019 05:06 PM

විනිසුරු උපරිම දඩය නියම කරලා... අවම දඩයත් දෙන්න පුළුවන්. යුරෝපයේ හුඟදෙනෙක් නිවාඩුවක් යන්න මුදල් හොයා ගන්නේ බැංකුවකින් ණය මුදලක් අරන්... යුරෝපයේ ආර්ථිකය දැන් අඩපණ තත්වයක තියෙන්නේ...

:       0       0

Ariyathilaka Wednesday, 27 March 2019 05:58 AM

පුරාවිද්‍යාත්මක ස්ථාන සහ භූමි, ජලාශ, වැව්, රක්ෂිත වනාන්තර, වනෝද්‍යාන, යන ස්ථාන සමහර උදවිය ඩ්‍රෝන කැමරා ව්ලින් වීඩියෝ ගත කරයි. මෙය බරපතල වංචාවක් වීමට ඉඩ ඇත. නීතිය සැමට සාධාරණ විය යුතුය. ආරක්ෂක අංශ මේ ගැන දැනුවත් වීමත් විශේෂයෙන් මහජනතාවගේ අවධානය මේ කෙරෙහි යොමු වීමත් කාලෝචිතයැ.

:       16       0

asoka Friday, 29 March 2019 10:25 AM

මොකද්ද මේ අය කළ වැරැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 656 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 184 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 546 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1811 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site