IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හරීන්ගේ ප්‍රකාශයට සහයක රදගුරුතුමන්ලාගේ විරෝධය

(ඩයනා උදයංගනී)

 
පාස්කු ප්‍රහාරය පිළිබඳ ‍විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවට පසුගියදා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල්තුමන්ට එල්ල කර ඇති චෝදනා අසත්‍ය හා ආසාධාරණ ඒවා බවත් එම ප්‍රකාශයේ ඇති කරුණු ප්‍රතික්ෂේප කරන බවත් කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
 
පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේදී කාදිනල්තුමා දේව මෙහෙයක් නොපැවැත්වූ බවට හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇතත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමන් සිරිත් පරිදි තම ආසන දෙව්මැදුර වන කොටහේන සාන්ත ලුසියා දෙව්මැදුරේදී පාස්කු රාත්‍රී මෙහෙය පැවැත්වූ බව එම නිවේදනයේ දැක්වේ.
 
මැක්ස්වෙල් සිල්වා, ඇන්තනී ජයකොඩි සහ පී. ඇන්ටන් රංජිත් යන කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වෙයි.



අදහස් (12)

හරීන්ගේ ප්‍රකාශයට සහයක රදගුරුතුමන්ලාගේ විරෝධය

Bamunuarachchi Sunday, 20 September 2020 02:02 PM

කට නිසා වැනසුණු හාදයෙක්. තමන් කිවයුතු මොනවාදැයි තීන්දු කරගන්න බැරි මොවුන් රට වෙනුවෙන් තීන්දු ගන්නේ කොහොමද? තමන් කියන දේ තිබෙන වගකීම හිතාගන්න බැරි ගොබ්බයෝ රටත්, වනසලා තමනුත් වැනසෙනවා. තමුන් වැනසුනාට නම් අපිට කමක් නැහැ.

:       103       100

BamunuarachchiMonday, 21 September 2020 12:02 PM

මට එකක් ශුවර් පල්ලියෙන් සුසාන භූමියේ ඉඩ ලැබෙන්නේ නැහැ.

:       1       1

sudda Sunday, 20 September 2020 10:28 PM

තවත් දේවදත්ත හෝ ජුඩාස් කෙනෙක්ද​? අනේ මන්දා, සජිත්ට මෙයාගේ මොලය සෝදවන්න වේවි තව පාරක්.

:       142       59

Venura de SilvaMonday, 21 September 2020 07:20 AM

ජුදාස් හරීන්ද, කියලා බලන්න වෙන්නේ ඉස්සරහට තමයි.

:       3       76

මුණසිංහ Monday, 21 September 2020 02:10 AM

ස්වර්ගස්ථ වුන තාත්තටත් තමන්ගේ ආගමටත් නිග්‍රහ කරනවා.

:       83       16

sharm warn Monday, 21 September 2020 04:15 AM

සාධාරණව හිතලා බැලුවොත් හරින්ගේ තාත්තත් අනියම් වැරදි කරුවෙක්.

:       116       29

Joe Fernando Monday, 21 September 2020 05:15 AM

ඔහොම විරුද්ධත්වය විතරක් මදි, තම නිල දුරකතන සහ ජංගම දුරකතන වලට ලැබුනු ඇමතුම් විමර්ශනය කරන්න කොමිසමෙන් ඉල්ලල තමන්ගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න. නැත්තන් අපිට ඒ ප්‍රකාශ විශ්වාස කරන්න වෙනවා. මොකද 95 වතාවක් පොලීසියට දැනුම් දුන් ඉන්දියාව එක වතාවක් මෙයාලට කියන්නෙ ඉන්න නැතිවෙන හේතුවක් අපිට හිතන්න අමාරු නිසා.

:       106       435

මොනාද ඕයි මේ වෙන්නෙMonday, 21 September 2020 07:13 AM

කියන කථාවේ මහ භයානක ඇත්තක් තියෙනවා තමා. මම දැක්කා පොලිසියේ කෙනෙක් කියනවා ඊට කලින් දවසේ මෙයාල පල්ලියට ආරක්ශාව ඉල්ලුවා කියලා. කොහොම හරි දැනගෙන ඉන්න ඇති. නැති වෙන්න බෑ.

:       1       93

EmmanuelMonday, 21 September 2020 09:52 AM

ඔය බෝම්බ ගහපු සෙට් එකම එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව වගේ ක්‍රිස්තියානි රටවල් වලට ගිහින් ආපු සෙට් එකක්. හොඳට තේරුම් ගන්න ඉරාකෙට, සිරියාවට ගිහින් ආපු අය නෙමේ.

:       0       36

විජේ Monday, 21 September 2020 05:31 AM

හරියට මුවාවී සිටින නරියට කොහෙද ස්වාමීනි ලැජ්ජාවක්...

:       39       35

beau Monday, 21 September 2020 07:02 AM

හරීන් පාර්ලිමේන්තුවෙන් නොවෙයි රටෙනුත් එළවන්න ඕන.

:       162       168

Buddika Monday, 21 September 2020 03:11 PM

කලබල වෙන්නේ ඇයි? හරීන් කියන දේ ගැනත් හොයලා බැලිය යුතුයි. ඔය කිසිවෙක් පරම සුද්දවන්තයෝ නෙවේ. එතරම් විශ්වාසයෙන් ප්‍රසිද්ධියේ කොමිසමක් ඉදිරියේදී විශ්වාසයෙන් කියද්දීත් කොහොමද බොරු කියන්නේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 218 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1703 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 527 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 286 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 244 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 418 2

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site