IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හොරෙන් ගෙන ආ කසළ බහාලුම් 130 ක් සොයා ගනී

(විනීතා එම්. ගමගේ)

රේගුවේ ඇස් වසා ගෙන්වන ලද කසළ බහාලුම් 130 ක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්හල් භූමියක තිබිය දී මධ්‍යම පරිසර අධිකාරිය විසින් සොයා ගෙන ඇත.

වෙළඳ කලාපයේ සමාගමක් විසින් මෙම කසළ තොගය මෙරටට ගෙන්වා ඇත්තේ එක්සත් රාජධානියේ සිට බවත් 2017 හා 2018 වසරවල දී මේවා ගෙන්වා ඇති බවත් එහි කළ පරීක්ෂණවලින් හෙළිවූ බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා  පැවසීය.

එම බහාලුම්වල තිබූ කසළ කන්ටේනර්වලින් ඉවත් කර ආසන්න භූමියක ගොඩ ගසා තිබූ බව ද ජයසිංහ මහතා කීය.

එක්සත් රාජධානියෙන් ගෙන්වන ලද මෙම අපද්‍රව්‍යවල ඉවතලන මෙට්ට කැබලි, කුෂන් කැබලි වාහන කාෆට් කැබලි ආදිය තිබු බව ද හෙතෙම සඳහන් කළේය.

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් මෙම කසළ තොගය පරීක්ෂා කර ඒ පිළිබඳව අදාළ පරික්ෂණ පැවැත්වීමෙන් පසු එකී  ඒවා මෙරටට එවනු ලැබූ සමාගම වෙත ආපසු යවන ලෙස ආයෝජන කලාපයේ සමාගමට නියෝග කළ බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එම සමාගමට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ ප‍්‍රතිපත්තිය අනුව මෙන්ම ජාත්‍යන්තර බාසල් සම්මුතිය අනුව ද කිසිදු අපද්‍රව්‍යක් මෙරටට ගෙන්වීමට නොහැකි බව කී ජයසිංහ මහතා මෙසේ තවත් සමාගම් විසින් අපද්‍රව්‍ය ගෙන්වා ඇත්ද යන්න පිළිබඳව දිවයින පුරා පුළුල් පරීක්ෂණ ආරම්භ කරන බව ද සඳහන් කළේය.



අදහස් (17)

හොරෙන් ගෙන ආ කසළ බහාලුම් 130 ක් සොයා ගනී

lankasri Friday, 19 July 2019 11:00 AM

රේගුවේ ඉන්නේ තොත්ත බබලානේ කෙන්ටනර් 130ක් ඇස් වහල ගෙනියන්න.

:       0       215

උපුල Friday, 19 July 2019 11:08 AM

මේවා ගෙනාපු උන්ව එල්ලා මැරිය යුතුයි.

:       0       168

hira Friday, 19 July 2019 11:46 AM

කාලකන්නි... මුන්ට වැහි නැති අකුණු වදින්න ඕනේ... අපිට ඉන්න රටක් නැතිකරන එකට...

:       0       36

Bamunuarachchi Friday, 19 July 2019 11:53 AM

ඔය සමාගම්වල සභාපති ඩිරෙක්ටර්ලව ලංකාවේ කුණු ලොරිවල සේවයේ යොදවන්න.

:       0       132

කසුන් Friday, 19 July 2019 11:55 AM

රේගුවේ ඇස් වහලා ගෙනියන්න..! හම්බවෙයි..!! අනේ අපි දුක් විඳලා ගෙන එන පොඩි දේටත් ඇඟිල්ලෙන් ඇන.. ඇන.. හොයන එවුන්.. එකත් එකටම අතයට පිදේනි ගන්න ඇති..

:       0       210

kolam boss Friday, 19 July 2019 11:58 AM

මේ කන්ටෙනර් තොගේ පරික්ෂා කළාය කියලා අත්සන් ගහපු රේගු මහත්තුරු ටිකගෙන් එද්දී මොනවද තිබුණේ කියලා අහන්නේ නැතෙයි? නිකන් හරි පොඩි පෙට්ටියක් රට ඉඳලා එවපල්ලකෝ චෙක් කරන හැටි බලන්න..?

:       0       513

BamunuarachchiFriday, 19 July 2019 01:56 PM

මේ සඳහා ඇති බීඕඅයි කොන්දේසි කියවන්න මේවා රේගු පරික්ෂා වලින් තොරයි.

:       22       0

RaveendraFriday, 19 July 2019 02:12 PM

kolam boss මයා වෙත, ඔබගේ අදහස් 200% නිවැරදිය.

:       0       1

Chandana F Friday, 19 July 2019 12:21 PM

තව ටික දවසකින් ඕව ෂේප්..........අපේ දේසපලකයෝ ඕව නැතිකරවී

:       0       11

chandima Friday, 19 July 2019 12:21 PM

ඔව්ව ගෙන්වපු කෙනා භාර ගත්තොත් දඩ ගෙවන්න වෙන්නේ ගෙන්වපු කෙනටමයි. ගෙන්වපු කෙනා භාර නොගෙන උන්නොත් හරි රේගුවෙන් ආපසු යැවුවොත් හරි ඒ බරපැන දරන්න වෙන්නේ එවපු විදේශික සමාගමට. කොහොම උනත් මේ ගුදිරි කාටවත් පාවිච්චි කල නොහැකි තත්වයේ තිබෙන නිසා විනාශ කිරීම හැර වෙන කල හැකි යමක් නැහැ. නමුත් මෙව්වගෙ ඇති ස්ප්‍රින් වලින් අලුතින් ඉහල තත්වයේ ගුදිරි ප්‍රතිනිෂ්පාදනය කල හැකියි. විදේශ රට වලත් එසේ කරනවා. අද සංචාරකයන් සඳහා ඇති හෝටල් වල බොහොමයක ඉහල තත්වයේ මෙට්ට නැහැ. එනිසා ආනයන කරු ලවාම ස්ප්‍රින්ග් සහ හොඳ තත්වයේ ඇති ෆ්‍රේම් ඉවත් කරවා ඉතිරිය විනාශ කර දැමීම තමයි වඩාත් කාලෝචිත වන්නේ. ඒ ස්ප්‍රින් යොදා මෙට්ට නිපදවන අයුරු අන්තර් ජලයේ යු ටුබ් චන්ලයන් ඔස්සේ බලාගත හැකියි.මෙසේ පාවිච්චිකළ මෙට්ට ගෙන්වා අවශ්‍ය කොටස් හෙන ඉතිරිය කිසියම් අධීක්ෂණයක් යටතේ විනාශ කර දමා ඒ ස්ප්‍රින්ග් වලින් නිපදවන මෙට්ට ඉන්දියාව වැනි රටවලට ප්‍රති අපනයනයෙන් විශාල ආදායමක්ද රටට උපාය ගත හැකියි.

:       100       162

BamunuarachchiSaturday, 20 July 2019 10:29 AM

හලෝ අර ඉතිරිවෙන කුණුගොඩ කොහාටද දමන්නේ? වරිපනම් ගෙවන අපේ ගෙවල්වල කුණුටික දාගන්න තැනක් නැතිව අපි උද්ගෝෂණ කරනවා.. කුණු වර්ග කොරන්න කියනවා. වරිපනම් නොගෙවන රටේත් නැති සුද්දගේ කුණු ගෙනැල්ලා ස්ප්‍රින් ටික ඉන්දියාවට යවනවා. කුණු අපේ එකවුන්ට් එකෙන් වලලනවා. ඔය ටිකම තමයි හලෝ කුණු ලොරියෙන් කුණු හැලුවාම.. කෝටු කෑල්ලකින් කුණු අවුස්සන මිනිහා කරන්නෙත්. වෙනස සුද්දගේ කුණු අවුස්සලා ජීවත්වෙන්නේ නමගිය කොම්පැනි කාරයන්.. කෝටුවකින් කුණු අවුස්සා ජීවත් වෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සු... බැරිවෙලා එහෙම වසංගතයක් ආවොත් ඒ සුද්දගේ කුණුවලින්...

:       0       0

chandima Friday, 19 July 2019 12:31 PM

සමහරවිට කෝටිපති අංකූරෙක් දැන දැනම මෙව්වා ගෙන්නුවද දන්නේ නැහැ, ප්‍රකෝටි ගණක පාඩුවක් පෙන්නලා ආදායම් බදු වලින් අඩුකරගන්න. මේ රේගු පරීක්ෂණ වලට යන වියදම්, රේගු ප්‍රමාද ගාස්තු සේරම වියදම් විදියට අඩුකරගන්න පුළුවනි නේ?

:       0       0

chandima Friday, 19 July 2019 12:38 PM

මේ කසල ගෙන්වීමක්ද? නැතිනම් හොර පාරෙන් දේශීය බදුවලින් සූක්ෂම ලෙස රිංගා ලාභාංශ බ්‍රිතාන්‍යයට යැවීමේ ක්‍රමයක්ද...?

:       0       8

Nimal Friday, 19 July 2019 02:38 PM

රේගුවේ ඇස් වහලා ගෙන්නලා කියන්නේ අවුරුද්දට අලියට ඇහැ තියන්න යනකොට ඇස් වහනවා වගේ... රේගුවේ කට්ටියගේ ඇස් රෙදි කෑල්ලකින් බැඳලද මේවා ගෙනැල්ලා තියෙන්නේ? දන්නේ නැති නිසයි අහන්නේ...

:       0       16

Nimal Friday, 19 July 2019 02:43 PM

දවසක් අපි දැක්කා රට ගිහින් අවුරුදු ගාණක් වැඩකරලා ආපු තාත්තා කෙනෙක් තමුන්ගේ දරුවන්ට කන්න දෙන්න ඇපල් ගෙඩි ටිකක් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන රේගුවේ නිලධාරි මහත්තයෙක් රාජ සන්තක කරන හැටි... එ්ත් මේවා ගෙනැල්ලා තියෙන්නේ එයාලගේ ඇස් වහලලු...

:       0       58

BamunuarachchiSaturday, 20 July 2019 10:36 AM

මේ සම්බන්ධව රේගුවට දොස් කියන්න එපා. රේගුව නිදොස්...

:       0       0

BamunuarachchiSaturday, 20 July 2019 01:25 PM

ජුලි, 17 මේ සම්බන්දව පලකල රේගු ලිපිය කියව්වොත් තේරේවි ඇයි රේගුව නිදොස් කියන්නේ කියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න ව්‍යාජ ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 5 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 18 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 140 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 241 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 166 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 281 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site