IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


හොරෙන් වෙනිවැල් ප්‍රවාහනය කළ පළාත් පාලන අපේක්ෂකයකු අත්අඩංගුවට

(බන්දු තඹවිට)

ආරක්ෂක අංශ කොරෝනා වෛරසය පාලනය කිරීමට අවධානය යොමුකර තිබියදී පොලිසියේ ඇසට අසු නොවන ලෙස සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි රක්ෂිතයකින් වෙනිවැල් කිලෝ 120 ක් කපා නවීන මොටර් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව තිනියාවල පොලිසිය පවසයි.

තිනියාවල,ධනවල පදිංචි, පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ 45 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු මීට පෙරද වල්ලාපට්ටා ජාවාරම් කිරීමේ වරදට මේ වන විට උඩුගම උසාවියේ නඩුවක් විභාග වන බවත් ඔහු සමඟ තවත් දෙදෙනෙකු මෙම වෙනිවැල් තොගය ප්‍රවාහනයට සම්බන්ධ වී සිට ඇති  බවට සිදුකළ පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.

මෙම වෙනිවැල් තොගය අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී එහි වෙනිවැල් කිලෝ 120 ක් සහ ග්‍රෑම් 450 ක ප්‍රමාණයක් තිබී ඇත.

වෙනිවැල් තොගය සහ මෝටර් රථය සමග සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම වෙනිවැල් ජාවාරමට සම්බන්ධ අනෙක් පිරිස අත් අඩංගුවට ගැනීමට තිනියාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (5)

හොරෙන් වෙනිවැල් ප්‍රවාහනය කළ පළාත් පාලන අපේක්ෂකයකු අත්අඩංගුවට

Anton Austria Monday, 16 March 2020 05:57 AM

මේ අයට ඇමැතිකම හම්බවුණොත් ගහම අරන් යයි... මෙහෙමත් මිනිස්සු...

:       0       29

RaveendraMonday, 16 March 2020 12:09 PM

නිකමට නොවේ දේශපාලුවන් යනු දේශගුණය විනාශකිරීමට මූලිකත්වය හැමවිටම ගන්නා තිරිසනුන් කොට්ටාශයක් ලෙස ප්‍රසිද්ධ... " තමන් උපන් රටටද වැඩක් නැති තමන්ටත් වගතුවක් නැති මොවුන්ට.." උපරිම දඬුවම් ලැබේවා...!!

:       0       0

රවින් Monday, 16 March 2020 06:05 AM

පක්ෂ අදාළ නොවේ... පාට අදාළ නොවේ. එකම සුදුසුකම වාහනය රාජසන්තක කිරීමට හා අඩුම ගානේ අවුරුදු 10 කටවත් බරපතල වැඩ ඇතිව මහගෙදරට යැවීමට, "දේශපාලකයෙක් " වීම. කිසිම සමාවක් නම් දෙන්න එපා. දඬුවමට අයත් කරන්න කියා ගරු අධිකරණයෙන් ඉල්ලිය හැකි කරුණක් නම් "අඩුම ගානේ වෙනිවැල් පැල 250ක් වත් දේශපාලුවාට හා එක් එක් හෙන්චයියෙකුට කැලේ රෝපණයකර සාත්තු කිරීමට සැලැස්වීම...

:       0       56

Hafeel Monday, 16 March 2020 06:13 AM

ලොක්කලා රටේ සම්පත් විදේශ සමාගම්වලට විකුණනවා. ගෝලයෝත් ලොක්කන්ට දෙවැනි නෑ කියලා ඔප්පුකළා.

:       3       24

Samitha Senaka Aluthgamage. Monday, 16 March 2020 06:42 AM

' අල්ලා හමගසා ගස් බැඳ තලනු වටී. වෙනිවැල් බොන්න ඇති පදමින් නෙලනු වටී '

:       0       79

ඔබේ අදහස් එවන්න

 

දියත

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 611 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 149 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 167 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 362 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 650 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 279 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 149 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site