(තරංග ගුණරත්න)
මාතර කොට්ඨාශ දුෂණ මර්දණ ඒකකයේ නිලධාරීන් විසින් වැලිගම නගරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී යතුරු පැදියක් භාවිතා කරමින් හෙරොයින් අලෙවි කිරිමේ ජාවාරමේ නියුතු සැකකරුවෙකු සමග රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා හෙරොයින් හා හොරොයින් අලෙවි කිරිමෙන් ලබා ගත් රුපියල් දස ලක්ෂ විසිදාහක මුදලක් සමග සැකකරුවකු අද (11) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසති.
ඊසි කැෂ් ක්‍රමයට වැලිගම ප්‍රදේශයේ හෙරොයින් අලෙවි කරනු ලබන බවට මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාට ලද තොරතුරක් මත මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලිම කරනු ලැබ තිබේ.
එහිදී හෙරොයින් ඊසි කැෂ් ක්‍රමයට අලෙවි කිරිමට යොදා ගන්නා ලද ජංගම දුරකථන 3 ක්, හෙරොයින් ගැණුම්කරුවන්ට ලබා ගැනිමට තබා තිඛෙන ස්ථාන පිළිබදව සිතියම් ගත කොට ඇති පොත් කිහිපයක්, බැංකු ඒ.ටී.එම්. කාඩ්පත් කිහිපයක් ආදිය පොලීසිය විසින් සැකකරු සන්තකයේ තිබි සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල දික්කුඹුර අහංගම ප්‍රදේශයේ පදිංචි වයස 46 පුද්ගලයෙකු වන අතර සැකකරු කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිට පසුව පලා ආ පුද්ගලයකු බවට සිදු කළ විමර්ශන වලදී අනාවරණය තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07 ක රැදවුම් නියෝග ලබාගෙන තවදුරටත් විමර්ශන කටයුතු මෙහෙවන බව පොලිසිය කියයි.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හෙරොයින් සමග ලක්ෂ 65 ක බඩු වැලිගමින් අල්ලයි