(මනෝප‍්‍රිය ගුණසේකර)
මහරගම ප‍්‍රදේශයේ කෝටි ගණනක වටිනා ඉඩමක් කූඨ ලේඛන මඟින් ලබාගත් බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට සහ ඔහුගේ බිරියට එරෙහි නඩුවකින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් මහතා අද නියම කළේය.
නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම චෝදනා පත‍්‍රය ගොනු කොට ඇත්තේ ‘කාලාවරෝධයෙන්’ පසුව බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජාලිය සමරසිංහ මහතා ඉදිරිපත් කළ මුලික විරෝධතාවයකින් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
විත්තිකාර යුවළට එරෙහි අධිචෝදනා පත‍්‍ර බාරදුන් අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජාලිය සමරසිංහ මහතා මුලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් මෙම චෝදනාවට අනුව මෙම වරද සිදුව ඇත්තේ 1996 වසරේ වන නිසා නීතීපතිවරයා තම සේවාදායකයන්ට නඩු පවරා ඇත්තේ කාලාවරෝධයෙන් අනතුරුව යැයි දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම නඩුව පැවරීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් නීතීඥ ජාලිය සමරසිංහ මහතා තම සේවාදායකයින් නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.
නීතීඥ ජාලිය සමරසිංහ මහතාගේ මුලික විරෝධතාවය පිළිබඳව කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට අවසර දුන් විනිසුරුවරයා විත්තිකාර යුවළ නිදොස් කොට නිදහස් කළේය.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හොර ඔප්පු නඩුවෙන් වාස් නිදහස්
wahaldeepe Thursday, 02 December 2021 10:55 PM
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...
Royfedricks Friday, 03 December 2021 03:20 AM
තාක්ෂණික දුබලතා මත නඩුවෙන් නිදහස් වුණාට වරදක් කර නොමැතිද?
ලුම්බිණි Friday, 03 December 2021 06:00 AM
"විත්තිකරුවන්ට එරෙහි චෝදනා පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය." ඒ කියන්නේ වරද කලේ නැහැ කියලා නොවෙයිනේ...
sharm warn Friday, 03 December 2021 10:02 AM
කොහොමත් කරන්න ඕනෑ වෙලා තිබුණේ මේ මනුස්සයාව එළියට දාලා ශානි මහත්තයාට දඬුවම් කරන එකනේ... දැන් ඒකත් වෙයි. මෙයත් මොකක් හරි සභාපතිකමක් දෙන්න සූදානම් කරලා ඇති දැන් වෙනකොට... හොරුන්ගේ ආණ්ඩුවනේ...