(ඩයනා උදයංගනී)
වෛද්‍යවරයකුගේ වයස අවුරුදු 12 ක දියණියකට හලාවත, කොක්කවිල ප්‍රාථමික විදුහලේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයේදී එන්නත් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අද (27) පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශය මගින් සිදුකරන එම පරීක්‍ෂණයේ වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධ ඉදිරි පියවර ගනු ඇතැයි කී අධ්‍යක්‍ෂවරයා මෙහි වරදක් වී ඇත්නම් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනෙනු ඇතැයි ද සඳහන් කළේය.
විමර්ෂණ අංශය විසින් මෙම වාර්තාව හැකි ඉක්මනින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාට ලබාදෙනු ඇතැයි කී රංජිත් බටුවන්තුඩාව මහතා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාත් මේ පිළිබඳ විමසිල්ලෙන් සිටින බව කීවේය.
විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (27) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක වන අවස්ථාවක පිට පළාත්වලට ගොස් එන්නත් ලබාගැනීම සුදුසු දෙයක් නොවන බව ද හෙතෙම පැවසීය.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හලාවත එන්නත්කරණ සිද්ධිය ගැන පරීක්ෂණයක්
WCA Friday, 27 August 2021 06:45 PM
දැන් ගාල්ලෙත් පරීක්ෂණ කළානේ... මොකද වුනේ? නිකන් පරීක්ෂණ කියන නමත් විහිළුවක් වෙලා තියෙන්නේ...
de silva Saturday, 28 August 2021 02:05 PM
කරුණාකරලා ඡන්දහිමි නාමලේඛනයට අනුව ඒන්නත් විදීම සිදු කරන්න පෝලිම්වල පොර කන්න ගියාම ලොකු අවුලක්