(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ළමා අපචාර නඩු සඳහා මහාධිකරණවල නිශ්චිත දිනයක් වෙන් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව එකඟතාව පළකර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවැසීය.
ළමයින් සම්බන්ධ නඩුවලට එම දිනයේදී ප්‍රමුඛතාව ලබාදීමටත සහ එම නඩු හඳුනා ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීමට අදාළ අධිකරණ සේවා කොමිෂන් සභාවේ අංක 449 දරන චක්‍රලේඛය සියළු මහාධිකරණ විනිසුරුවරුන්ට යවා ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (03) පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමේදීය.
මෙයට අමතරව වින්දිත දරුවන් උසාවි වලට නොකැඳවා දුරස්ථ වෙනත් ස්ථාන වල සිට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ මධ්‍යස්ථාන 09ක් සෑම පළාතකම පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද විදානපතිරණ මහතා කීවේය.
ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් මේ වන විට අදාල අමාත්‍යාංශ දහය පදනම් කරගෙන ආරම්භ කර ඇති බව පැවසූ සභාපතිවරයා ළමා ආරක්ෂණයට අදාල ජාතික දත්ත පද්ධතිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග එක්ව එළඹෙන ඔක්තොබර් මාසයේදී ජනගත කිරීම සඳහා සියල්ල සූදානම් බවද සඳහන් කළේය.
දරුවන් අපචාරයට ලක් කිරීම, ලිංගික හිංසනයට භාජනය කිරීම, මෙහෙකාර සේවයේ යෙදවීම ඇතුළු මෙරට දරුවන්ගේ සුරක්ෂිත යහ පැවැත්මට හානිකර ක්‍රියාවන්ට එරෙහිව පවතින නීති ශක්තිමත් කිරීමටත්, නව නීති ගෙන ඒමටත්, ළමා අපචාර සිදුවීම වැලැක්වීම පිණිස නිසි වැඩපිළිවෙලක් ආරම්භ කිරිමටත් සිය සංසදයේ නායකත්වය ලබා දෙන බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
කොවිඩ් වසංගත කාලයේදී ළමා ආරක්ෂණ අධිකාරියට ලැබී ඇති විමසීම් සංඛ්‍යාව 55,000ක් බවත් පසුගිය මාස 06 තුළදී ලැබී ඇති ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි ප්‍රමාණය 4740ක් බවත් මෙහිදී ප්‍රකාශ විය.
සංසදයේ උප සභාපතිනියකවන රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොල මහත්මිය මෙහිදී ප්‍රකාශ කළේ ළමා අපයෝජන සිදුවීම් මාධ්‍ය මගින් වාර්තා කිරීමේදී යම් වාරණයක් අවශ්‍ය බවත් වත්මන් මාධ්‍ය තුළ අපයෝජන වාර්තාකිරීමේ ක්‍රමය වින්දිත දරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් තව තවත් අපහසුතාවයට ලක් කරන්නක් නිසාවෙන් එම වාර්තා කිරීමේ ක්‍රමවේදය මෙන්ම අදාළ සිදුවීම් සම්බන්ධව සමාජ මාධ්‍යජාලාවන්හි ක්‍රියාකාරීත්වයද නියාමනය කිරීම අත්‍යවශ්‍ය බවත්ය.
මෙම රැස්වීමට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් වන රෝහිණි කවිරත්න, ආචාර්ය හරිනි අමරසූරිය සහ ඩයනා ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ද පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඇතුළු ළමා ආරක්ෂණයට අදාල ආයතන රැසක නිලධාරීන් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ළමයින්ට මහාධිකරණවල වෙනම දිනයක්
lal Thursday, 05 August 2021 04:28 AM
ලිංගික හිංසනයට භාජනය කිරීම, මෙහෙකාර සේවයේ යෙදවීමට දඩය රු. මිලියනයක් කරන්න. අනිවාර්යයෙන්ම කවුරුත් මෙවැනි අවධානමක් ගෙන පොඩි දරුවො මෙහෙකාර සේවයට ගන්නේ නැහැ. එතකොට ගන්නවානම් හැමෝම උප්පැන්න චෙක් කරලා බලලා තමයි ගන්නේ.