IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ළමා හිංසනය ගැන ඔන්ලයින් හරහා සංවාදයක්

ශ‍්‍රී ලංකාව තුළ වර්තමානයේ උත්සන්න වී ඇති ළමා අපයෝජන වළක්වාගැනීමට ගතයුතු පියවර පිළිබඳව සාකච්ඡා කරන ‘ළමා හිංසනයට තිත පදනම’ ළමා ආරක්ෂණය ජාතික අර්බුදයකි යන තේමාව යටතේ අන්තර්ජාලය ඔස්සේ සංවිධනය කරන සංවාදාත්මක වැඩසටහන මේ මස 31 වැනිදා  පස්වරු 7.00 සිට ෆේස්බුක් ඔස්සේ පැවැත්වේ.

මහජන නියෝජිතයන් සහභාගි වන මෙම වැඩසටහන www.facebook.com/stopchildcruelty ඔස්සේ ක‍්‍රියාත්මක කරයි.
මෙම සාකච්ඡාවට ක‍්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන් වන රෝහිණී කවිරත්න සහ හරිනි අමරසූරිය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශානක්කියන් රාසමානික්කම් යන මහත්ම මහත්මීහූ සහභාගි වෙති.
සාකච්ඡාව පිළිබඳ වැඩිදුර තොරතුරු, www.stopchildcruelty.com වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, ඒ පිළිබඳ විමසීම් [email protected] යන ඊමේල් ලිපිනයට යොමු කළ හැකිය.

1991 ජූලි 12 දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අනුමත කිරීමෙන් හරියටම වසර තිහකට පසු, එනම් 2021 ජූලි 12 වන දින රට දෙදරුම් කමින් තිබෙන ළමා අපයෝජන භයානක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට බලධාරීන් දැනුවත් කිරීමේ සහබල කිරීමේ අරමුණින් ‘ළමා හිංසනයට තිත’ පදනම විසින් වැඩසටහන් රැසක් දියත් කරමින් සිටියි.



අදහස් (6)

ළමා හිංසනය ගැන ඔන්ලයින් හරහා සංවාදයක්

C.K.Lankaputhra Thursday, 29 July 2021 06:25 PM

හොඳයි, හොඳයි. ඒක නොවේ... අර ඔන්ලයින් එකෙන් විකුණුන අවුරුදු 15 ගෑණු දරුවගේ කේස් එකට දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක පස් වලට යටවුණා වත්ද? මට නම් හිතෙන්නේ එහෙමයි...

:       0       2

ලලිත් අම්බලන්ගොඩගේ Thursday, 29 July 2021 09:30 PM

මේවා මේ අලුත් දේවල් නොවෙයි. මම හිටපු විදුහල්පතිවරයෙක්. අද මගේ රස්සාව නැති කරලා තියෙන්නේ. මේවා ගැන පත්තර වලට ලියපු නිසා. මෙම මේ අපරාධ ගැන මෙයට වසර 12 කට පෙර ඉතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. පාසල් යා යුතු දරුවන් ඇයි මහ මග රැඳුනේ කියලා ලස්සන ලිපියක් මම ජාතික පුවත්පතකට ඉදිරිපත් කළා. ඒ වෙනකොට පාසල් යා යුතු වයසේ පසුවන දරුවන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් පාසල් නොයන වග මම සඳහන් කළා. බොහොම ලස්සන ලිපියක්. මේවා ඒ කාලේ කවුරුවත් ගණන් ගත්තේ නැහැ. සමහර ළමයි අධ්‍යාපන නිලධාරීන් විසින්ම විනාශ කළ බව මම සාක්ෂි සහිතව ඔප්පු කළා. මම ඒකට අදත් ලැහැස්තියි. මට කථාකළොත් වග කිවයුත්තෙක් හැටියට මම අදටත් ඉදිරිපත් වෙන්න සූදානම්. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ දෙදෙනා ඇවිත් මගේ පාසලේ ඉගෙනුම ලබමින් සිටි දරුවන් හතර දෙනෙකුගේ පාසල් ගමන සහමුලින්ම නතර කළා. ඒ සිදුවීම ලිඛිත සාක්ෂි සහිතව ඔප්පු කරන්න අදටත් මම සූදානම්. මේ බොරු වැඩ වැඩක් නැහැ. මන්ත්‍රීවරු දන්නේ නැහැ ළමයි ගැන. අපි වගේ අය කැඳවන්න. මම සූදානම් ඉදිරිපත් වෙන්න. දැන්වත් දරුවන් ගැන සිතා බොරු වැඩ නතර කරන්න.

:       0       77

Lalith M Friday, 30 July 2021 07:10 AM

සමහර ළමා නිවාසවල ඉන්න ළමයි ගැනත් මේ කථාව අදාලයි. කලුකෝට් කාරයෝ ඉන්නේ මුදල්වලට කට අරින්න විතරක් නිසා මේවාට සාධාරණය බලාපොරොත්තුව හීනයක් විතරයි.

:       0       1

AsankaFriday, 30 July 2021 11:47 AM

ඔබතුමා [email protected] ඊ මේල් එක හරහා සම්බන්ද වෙලා ඔය තොරතුරු ලෝකෙටම එලි කරන්න .මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න . එක දරුවන් වෙනුවෙන් කරන සේවයක් . ඔබ කල සේවයට ස්තුතියි .

:       0       2

Yamaha Thursday, 29 July 2021 09:56 PM

සංවාද කරකර ඉඳලා වැඩක් නෑ. කරන අයව අල්ලලා ලොකු දඬුවම් දෙන්න..

:       0       1

අයි.ජී.එල් - අම්බලන්ගොඩ Friday, 30 July 2021 11:28 AM

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වසරකට පාසල් පැමිණෙන ළමුන් අඩුම තරමින් 3000 ක් අධ්‍යාපනය තුල අතරමං කරනවා.10 ශේණිය දක්වා පාසල් පැමිණි සිසුසිසුවියන් 3000 කට පමණ 11 වසර රජයේ විභාගයට ලියන්න වැඩි වෙන විදියට කටයුතු කරනවා.මේ අපරාධය නිසා ඒ දරැවන් සියල්ලගේම අනාගතය විනාශ වෙනවා. මම ලැහැස්තියි මේක සනාථ කරන්න.මේ අය තමයි අවසානයේදි දරැණු අපරාධ කරුවන් වෙන්නෙ.මම විදුහල්පතිවෙරයක්. මම මේ පිළිබද සවිස්තරාත්මකව කරැණු ඉදිරිපත් කරන්න සූදානම්.මේව සිදුකලේ දකුණු පළාත් සභාවේ හිටපු දේශපාලකයින්ගේ අවහ්‍යතාවයට. අද ඒ දේශපාලක යො ලංකාවෙත් නැහැ. උන් පදිංචි වෙලා ඉන්නෙ ඇමරිකාවෙ. මම ලැහැස්තියි මේ අපරාධය රටට හෙළිදරව් කරන්න. මෙන්ම මගේ දුරකථන අංකය 071-8282669 මේ ගැන මම අති විශාල ළිපි සංඛ්‍යාවක් ඉදිරිපත් කරල තියෙනව.මේ අපරාධයන් දවසක දෙකක ප්‍රතිපල නොවෙයි.මේව ඉතා ගැඹුරින් සාකච්ඡා කල යුතුයි. මන්ත්‍රීවරු මේව දන්නෙ නැහැ. මන්ත්‍රීවරුනුත් මේවට වග කියන්න ඕනෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

දියත

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 66 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 49 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 240 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 140 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 175 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1147 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 217 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 508 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site