IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘ෆොන්සේකාට ඇමැතිකමක් දීමේ අර්බුදය අගමැති මැදිහත් වී විසඳනවා’

අංජුල මහික වීරරත්න
 
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධුරයක් පිරිනැමීම පිළිබඳව ඇති අර්බුදය ඉදිරි දින කිහිපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී නිරාකරණය කරගනු ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

සරත් ෆොන්සේකා මහතා අමාත්‍ය ධුරයක දිවුරුම් නොදුන්නේ ජනපතිගේ විරෝධය නිසාදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

“දේශපාලන ගැටලුවක් තියෙනවා. ඉදිරි දින කිහිපයේදී ඒවා විසඳා ගන්නට හැකිවේවි. සරත් ෆොන්සේකා මහතා දේශපාලනඥයකු මෙන්ම ෆීල්ඩ් මාර්ෂල් හැටියට ක්‍රියාකාරීත්වය ජනපති ආරක්ෂක ප්‍රධානියා ලෙස ගළපාගන්නේ කෙසේ දැයි මතයක් පැන නැගී තිබෙනවා.”

ෆොන්සේකා මහතා විශ්‍රාමික හමුදා නිලධාරියෙක්, ෆීල්ඩ් මාර්ෂල් විශ්‍රාමික නිලධාරියෙක් බවත් ඔහුට වෙනත් ධුර දැරිය හැකි බවත් ආරක්ෂක අමාත්‍යංශය මීට පෙර සඳහන් කර ඇතැයි වජිර අබේවර්ධන මහතා කීය.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.



අදහස් (24)

‘ෆොන්සේකාට ඇමැතිකමක් දීමේ අර්බුදය අගමැති මැදිහත් වී විසඳනවා’

gunarathna Thursday, 20 December 2018 12:16 PM

ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් කියන්නේ විශ්‍රාම යන තනතුරක් නෙමෙයි. ඔහු ජීවත් වෙනතුරම එම තනතුරේ ඉන්න කෙනෙක්. නමුත් ප්‍රශ්නය වෙන එකක්... කවුද මේ තනතුර හදලා ඔහුට දුන්නේ? ජනාධිපතිම තමයි. දැන් කොහොමද කියන්නේ මෙහෙම...? සරත් ෆොන්සේකා ඇමැති තනතුරේම ඉඳගෙන සම්පූර්ණ හමුදා ඇඳුමෙන් ජනාධිපතිගේ රාජ්‍ය උත්සවවලට සහභාගි වෙලා තියෙනවා. මේක දැන් දේශපාලන ප්‍රශ්නයක්..

:       0       26

pohottuwa Thursday, 20 December 2018 12:45 PM

ආරක්ෂක ඇමැතිකමට වඩාත්ම සුදුස්සා ඔහුයි. පතොලයාට වඩා ඔහු ගැලපේ.

:       14       106

sirimal Thursday, 20 December 2018 01:20 PM

නව රජයට සහාය පලකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් නොදෙන්න තීන්දු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ඇමති තනතුරු පොදියක්ම ගන්නවා. කොහොමද ඒ වැඩේ?

:       1       119

විජිත් Thursday, 20 December 2018 01:33 PM

ඉතින් එතුමාගේ කලින් රස්සාව.. ඒ කියන්නේ කලවැද්දන් බලාගන්නා ඇමති ලෙස පත්කරගත්තා නම් ප්‍රශ්නය ඉවරයිනේ. එතකොට එතුමාට තමන්ගේ වර්ගයේ කට්ටියත් එක්ක ඉන්න පුලුවන්නේ.

:       307       181

ගමගේ Thursday, 20 December 2018 02:17 PM

ජෙනරාල් සරත් ෆොන්සේකා වගේ මේ මාතෘ භූමියට තම ලේ මස් සලපු කෙනෙක් පාර්ලිමේන්තුවේ කොහෙවත් නැත. එතුමා බියගුල්ලෙක් ලෙස ඇමරිකාවට පැන නොගොස් බඩ පුරා තුවාල හොඳකරන් LTTE පරාද කරන්න හමුදා නායකත්වය දුන් උතුම් මනුස්සයෙක්... එතුමා රටේ දාමරිකකම්, කුඩු ජාවාරම් අඩුකරන්නට හිමිවිය යුතු නීතිය හා සාමය ඇමැතිකමට සුදුසු එකම පුද්ගලයා බව මහජනයා බොහොමයක්ගේ මතයයි ...

:       163       367

Bamunuarachchi Thursday, 20 December 2018 05:10 PM

පොන්සේකා දේශපාලනයට සුදුසු පුද්ගලයෙකු නොවෙයි. ජනාධිපතිතුමා වැනෙන ප්‍රතිපත්ති තියාගන්න එපා. ඔබ කියනදේ කරන පුද්ගලයෙක් නොවන බවයි පෙනෙන්නේ. පොන්සේකාට ඇමතිකමක් නොදීම ඉතා හොඳ තීරණයක් එය ක්‍රියාවට නගන්න.

:       378       169

sg Thursday, 20 December 2018 06:35 PM

ඔහු දේශපාලනයටවත් සුදුසු නොවේ....

:       294       101

Bamunuarachchi Friday, 21 December 2018 12:09 AM

ඔහු දේශපාලනය කොරන්නේ යුද මාන්සිකත්වයෙන්. ඔහු දේශපාලනයට නුසුදුසුයි.

:       563       401

රවින් Friday, 21 December 2018 12:11 AM

පොඩි ප්‍රශ්නයක් තියනවා තමා. ෆීල්ඩ් මාර්ෂල් යනු ඕනෑම අවස්ථාවක යුධ පෙරමුණට යායුතු පුද්ගලයෙක්. ඔහු හෝ ඇය තනතුර ලද පසු ජිවිතයේ සියලුම අවස්ථාවන්හි යුද්ධයකට සුදානම් වී සිටිය යුතුය.

:       111       54

මුණසිංහ Friday, 21 December 2018 01:42 AM

ඔන්න දැන් සුපුරුදු ගේම පටන් ගත්තා. පහුගිය කාලයේ වැඩි බරක් ඇදපු ඇතුන් ටික විසි වෙලා. මේක තේරුම් ගන්න බැරි උන්ට ඊළග මැතිවරණය බිංදුවටම බහින්න වෙනවා.

:       0       52

Sanka Friday, 21 December 2018 02:01 AM

ෆොන්සේකා මහතා කියපු කතා හරි.මොකද ජනාධිපති තුමා හැසිරුනේ මැරිලා ඉපදිලා වගේ.

:       113       424

saman Friday, 21 December 2018 02:10 AM

ඇමතිකම් දෙන්නේ රටේ අවශ්‍ය තාවයටද? නැතිනම් එක එක කෙනා සතුටු කරන්නද? දැන් බලන්න ඉඳිකිරීම් එක ඇමති කෙනෙකුට , කොළඹ සංවර්ධනය තව ඇමති කෙනෙකුට, වයඹ සංවර්ධනය තව ඇමති කෙනෙකුට. ඊට අමතරව ඒ ඒ පළාතට පළාත් සභාත් තියෙනවා. මෙව්ව් රට වනසන විහිලු නෙමේද? නිකන් ජනතා මුදල් බෙදා ගන්න කරන වැඩ.

:       0       116

upaliFriday, 21 December 2018 07:08 AM

සරලව තමන් සංවර්ධනය වීමි...

:       0       2

Bamunuarachchi Friday, 21 December 2018 07:01 AM

සෙට් එක එකතු වුනේ නැතිනම් ඊළඟ වැඩේ දෙන්න බැහැනේ... සාධාරන සමාජයකට හාමුදුරුකෙනෙකුත් රොටි පිච්චුවා. එයත් ලිට්රෝ ගෑස් සාමාජිකයෙක්ද කියා දැන් අපිට හිතෙනවා..

:       218       122

Hafeel Friday, 21 December 2018 07:17 AM

ජනාධිපති සමග අගමැති මැදිහත් වී විසඳනවා’නං, අද රට මෙච්චර ප්‍රපාතයට යනවද?

:       0       49

BamunuarachchiFriday, 21 December 2018 02:09 PM

පොළොන්නරුවේ මිනිහෙක් කුරුඳුවත්තෙන් ගැහැනියක කසාද බැන්දොත් ඒ මගුල කෙරේවිද? පොළොන්නරුවේ මිනිහා හිතන්නේ සියරටදේ සිරිසැපදේ කියලා... කුරුඳුවත්තේ උන්දෑ හිතන්නේ පිටරට දේ සැප ගෙනදේ කියලා. අපේ රැකියාවල් නිෂ්පාදන පිටරටට ඇදීගියා... කොටින්ම මත්තල ගබඩා කරන්න තරම් වී හාල් තිබුණා.. අපි පිටරටින් හාල් ගෙනෙන්න පටන්ගත්තා. සිංහලයාගේ බිස්නස් වැසීගීයා ඉන්දියන් කාරයා මෙහෙ බිස්නස් කර්මාන්ත පටන් ගත්තා. ඔන්න ප්‍රතිපත්ති වෙනස. 1956 එජාප ප්‍රතිපත්ති රටට නොගැලපෙන නිසා බණ්ඩාරනායක මහතා එජාපෙන් ඉවත් වුණා. 2015දී අවස්ථාවාදියෝ රට කන්න එකතු වුණා...

:       113       8

dias Friday, 21 December 2018 07:52 AM

කැබිනෙට්ටුව හොඳයි. සජිත්ට සමෘධියත් හම්බ වුණා නම් තවත් හොඳයි.

:       1       7

BamunuarachchiSaturday, 22 December 2018 03:43 AM

ඇයි රවීට මුදල් ඇමතිකම හොඳ නැද්ද?

:       0       0

kamil Friday, 21 December 2018 08:17 AM

19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය හිමි අගමැතිවරයා තමයි කැබිනට්ටුව තෝරන්නේ.. ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීම පමණයි වියයුත්තේ * මේ කාරණාවත් හැකි ඉක්මණින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉක්මනින් අර්ථ නිරුපණයක් ගතයුතුයි...!!!

:       6       67

කරුණාපාල Friday, 21 December 2018 08:53 AM

එදා, කරුණා අම්මාන් ඇමතිකම් වලින් පිදුම් ලබද්දී, නැට්ට බඩ යට ගසාගෙන සිටි වර්තමාන නැහැයකයා, දැන් නැට්ට කෙලින් කරගෙන දඟලන්නේ කුමන රෝගයකින් පෙලෙන නිසාද යන්න, සොයා බැලිය යුතුයි. මඩුවලිගයෙන්ම තලන්න ඕනෑ මෙවැනි පුහු පුද්ගලයින්ට.

:       5       126

Ratawasiya Friday, 21 December 2018 09:20 AM

මහජන ඡන්දෙකින් පත්වෙන්න බැරි හාල්පාරුවන්ට මොන ඇමැතිකම්ද?

:       237       38

irond Friday, 21 December 2018 06:34 PM

රටවැසියා හරියටම හරි . එස් .බි . දිසානායක වගේ අයට වෙන්න ඇති

:       0       0

Bamunuarachchi Saturday, 22 December 2018 03:52 AM

ඇයි ෆොන්සේකා මැරිලා ඉපදිලා වගේ නොවෙයිද? යුද්දය කාලයේදී රාජපක්ෂලාව වර්ණනා කල හැටි යු ටියුබ් එකේ තිබෙනවා. ඒවත් බලන්න. ෆොන්සේකාට වැරදුනේ "මූසිල" චරිතය කොරන්න ගිය නිසා. එයා හිතුවා මහින්දගේ දේශපාලන ජනප්‍රිය භාවය එයාටත් තිබෙනවා කියලා. තමන් ගැන අධි තක්ෂේරුවක් කළා. අන්තිමට කෙලවුනා.

:       0       0

ajith Tuesday, 25 December 2018 02:16 AM

බස්කාරයෝ මස් කඩ කාරයෝ ඇමතිකම් දරපු අපේ පාර්ලිමේන්තුවට හමුදාවක් පාලනය කරපු සරත් ෆොන්සේකා මහත්මයා නුසුදුස්සෙක් වුනේ කොහොමද? මේ නම් තියෙන්නේ හොරුන් තුළ ඇති භය නේද? ජනාධිපතිතුමා දැන් බළල් අතක් වෙලානේ මෙහෙය වන්නේ අර හොරු කණ්ඩායමනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 470 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 269 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 164 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 172 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 345 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 2063 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site