IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ෆොන්සේකා හිටියේ ඡන්දයක් දිනාගන්න බැරිව අනාථ වෙලයි

(අරුණ එස් කුමාර)

සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයකු කියාගෙන අපේ පක්ෂයට අවා. අපේ ඡන්ද ගත්තා. ඊට පස්සේ දා ගත්තා ගිනි සිළුවක්. ඡන්දයක් දිනාගන්න බැරිව අනාත වෙලා හිටියේ.  අපේ නායකතුමාට පිංසිද්ධ වෙන්න එයා නැවත අපේ පක්ෂයට ආවා. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමකුත් දුන්නා. මැතිවරණ කොමසාරිස්තුමාට මා අභියෝග කරනවා ඔබ කළ මේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම වැරදි. සුදුසු නැති කෙනකුට මන්ත්‍රීකමක් දීම වැරදි යැයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා යටදොලවත්තේදී අද (15) පැවැසීය.

යටදොලවත්ත තරන්තෑකර මාර්ගය විමධ්‍යගත අරමුදලින් පිළිසකර කර ජනතා අයිතියට පත් කිරීම වෙනුවන් පැවැති උත්තසවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.

      ‘‘මා පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස තුන් පාරක් දිවුරුම් දුන්නා. 57.000 ඡන්දය අරගෙන මා දිස්ත්‍රික්කයෙන් පළමු වැනි තැන ගත්තා. ගිය සැරේ ඡන්දයේදී මා  118000ක් මනාප ගත්තා. 94,00000 ඉතුරු වුණා. අද මේ අපේ පක්ෂයට ආ හිටපු හමුදාපතිවරයකු මට විවිධ චෝදනාකළා. විවිද දේ කියමින් දොස් කීවා.  මා ඒ හැම දේකටම එකින් එක උත්තර දුන්නා. කාගෙද කොන්ත්‍රාත් එකක් අරගෙන මරු කියවනවා. මා කියූ කිසිම දේකට උත්තර දුන්නේ නෑ. මං අහගෙන කියනවා අපේ පැත්තෙ එකෙක් කියල. මොකක්ද දන්නෑ එයාගෙ පැත්ත.

එයා ගත්තේ ඡන්ද 2000යි . අද ගම්මන්පිලට බනිනවා. විමල් වීරංශට බනිනවා. විමල් වීරවංශ මහත්තයා මහ මැතිවරණයේදී  ඡන්ද 300801ක් ඡන්ද අරන් තියෙනවා. මේ මිනිස්සු ඡන්දෙ දීල තියෙන්නෙ කැමැත්තෙන්. තුවක්කු දික්කරල, බළකරල නොවේ ඒ ඡන්ද ගත්තේ. ඒ මනුස්සයින්ට රටේ ප්‍රශ්න කතාකරන්න අයිතියක් තිබෙනවා. අපේ ගම්මන්පිල මහත්තය 198000ක් විතර ඡන්ද අරන් තියෙනවා.

මෙයා මට කියනව පනික්කිය කියල. පනික්කියා කියන එක මෙයා දන්නේ නැහැ. මා සිංහල ශබ්ද කෝෂය බැලුවා පනික්කියා කියන්නේ සතුන් අල්ලන මිනිහට මෙයා ඒක දන්නෙත් නෑ. මෙයාත් ශර්පයෙක් හින්ද තමා මේ සර්පයාව බෝතලයක දාල කොහාට හරි ගිහින් දාන්න මා මේ හදන්නේ. ඒකට තම මා පනික්කි වැඩේ කරන්නේ.

මා කිසිදිනක පොහොට්ටුවෙන් සල්ලා ගත්තේ නෑ. යුද හමුදාවේ දුරකතන මුදල්වලින් ඇමෙරිකාවේ ඉන්න දරුවන්ට මා උගන්වල නෑ. කළුතර විද්‍යාලයක් ළඟ මා කුඩු වික්කලු. දරුවන්ගෙන් කප්පම් ගත්තාලු. මා ඒවාගේ ජරාවැඩ කරල නැ. මා තරම් දරුවන්න කවුරු ආදරේ නෑ. මා දරුවන්ට ඒ තරම් ආදරෙයි. දරුවන් දැක්කාම මගේ පපුව පත්තුවෙනවා. මතුගම නගරෙ කිසිම දරුවකු ගහගන්න ඉඩ දෙන්නෙ නෑ. හැමෝගම ළමයි මට මගේ දරුවන් වගේ. එහි ප්‍රතිඵලයක් නිසා තමා 2002 ප්‍රාදේශීය සභාවේ සභාපති වුණේ. මහින්ද සමරසිංහ රාජිත මහත්තෙලා පක්ෂේ දාල ගියාම මා පළාත් සභාවේ ඉල්ලා අස්වෙලා. ආවා. මා මිනිසුන්ට උදව් කළා. . මා සිරගත කර සිටියදී කළුතර ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු පත් කළේ ඒ නිසා. ගිය සැරේ ඡන්දය ඉල්ලන්න සල්ලි නැතිව ඉන්නැද්දි මේ හැමෝම ඡාති ආගම් බොදයක් නැතිව මාට 118000 අරන්දිල 9800000 ඉතිරි කළේ ඒ නිසා. කුඩු වික්කානම් එහෙම දෙන්නේ නෑ. ජාතික ලැයිස්තුවෙන් පත්කරන් සුදුසු පුද්ගලයෙක් නොවේ සරත් පොන්සේකා කියන්නේ. මෙයාගේ ෆීල්ඩ් මාෂල් කම වැරදි. ෆීල්ඩ් මාෂල් කමක් දෙන්න ලක්ෂ 6 ක හමුදාවක් තිබෙන්න ඕනේ. රටවල් දෙකක් අතර යුද්ධයක් තිබෙන්න ඕනේ. මෛත්‍රිපාල සිරිසේන ජානාධිපති පස්සෙ ගිහින් මේ ෆීල්ඩ් මාෂල්කම ගත්තා.

එහෙම අරගෙන ජනාධිපතිතුමාටත් බැන බැන යනවා.මගේ තාත්තා මට ආදරේට කීවේ චන්ඩි මහත්තය කියල. චන්ඩි කියන නමට පානදුරෙ පොලිසියේ හිටපු පොලිස් නිලධාරියෙක් මා අල්ලාගෙන ගියා.මාස තුනක් මා පොලිසියේ තියාගත්තා මට විරුද්ධව කිසිම චෝදනාවක් තිබුණේ නැති නිසා පොලිසියෙන් තුවක්කු දෙකක් දාල මා අධිකරණයට දැම්මා.

මා අල්ලන්න ආ පොලිසියේ නිලධාරියකු අත තිබූ ගිනි අවිය ඉබේ පත්තු වුණා. ඒ බයට මගේ බිරියගේ කුසේ හටපු දරුවා මරුණා.  මෙයා දැන් මට කියන මා කුඩු වික්කා කියල. හරි දේ හොයල ඇත්ත කියන්න කියා මා ෆොන්සේකාට කියනවා.‘‘



අදහස් (18)

ෆොන්සේකා හිටියේ ඡන්දයක් දිනාගන්න බැරිව අනාථ වෙලයි

laksitha paris Tuesday, 15 January 2019 06:27 PM

ඕපාදූප එපා අපිට. රට හදන්න. තමාගේ ප්‍රශ්න අපිට වැඩක් නැහැ ...

:       789       1264

sam Tuesday, 15 January 2019 08:39 PM

මෙයාට තව පාරක් ඉස්කෝලේ ගිහින් එන්ට බැරිද?

:       4       88

Chandima Wednesday, 16 January 2019 12:11 AM

මේ වගේ හරක් කවද්ද රටක් සංවර්ධය කරන්නේ? අනේ ලංකාවට වෙච්ච දේ .

:       0       84

Chandima Wednesday, 16 January 2019 12:11 AM

මේවගේ නායකයෝ කවද්ද රටක් සංවර්ධය කරන්නේ? අනේ ලංකාවට වෙච්ච දේ .

:       0       74

පිටිගල මිලානෝ Wednesday, 16 January 2019 12:32 AM

නුගතුන් දැන් වත් පාර්ලිමේන්තුවෙන් එලවමු.

:       19       79

Raveendra Wednesday, 16 January 2019 01:56 AM

දියවන්නඔයේ 225 අනාත වෙච්ච සරණාගතයෝ. රටේ දුප්පත් මිනිස්සු නැත්නම් මේ සරණාගතයෝ 225 ම බඩගින්නේ මැරෙන්නේ.

:       0       95

Raveendra Wednesday, 16 January 2019 03:57 AM

සීතලට පමණක් වස්ත්‍ර ඇගලා ගන්නා දේශපාලුවන් ඉන්න එකම රට මගේ, අපේ, ඔබේ රට වීම සැබවින්ම කනගාටුවකි. 225 කින් කුමක් අපගේ මාතෘභූමිය බලාපොරොත්තු වන්නද.??

:       0       130

rocky Wednesday, 16 January 2019 04:44 AM

රට හැදිල්ල ගැන එච්චරම කරදර වෙන්න එපා. ඉස්සෙල්ලා තම තමන් හැදුනොත් රට ඉබේටම හැදෙයි..

:       0       104

sena Wednesday, 16 January 2019 04:58 AM

මෙයා පාර්ලිමේන්තුවේ තියාගෙන ඉන්නේ මොකද?

:       0       71

Bandula. Wednesday, 16 January 2019 06:35 AM

දැන් අපි වැඩක් කරමු... ඔය කතා වැඩක් නැහැ. ඡන්දයක් තිබුණොත් ඔය ලොක්කන්ට ජනතාව සලකාවි...

:       0       0

ජයන්ත මිලානෝ Wednesday, 16 January 2019 06:53 AM

හරි හැටි කරුණු අවබෝධ නොකර මෙතුමාට අවලාද කියන එක වැරදියි. අද ඉන්න ඇමැති හොරුන් දිහා බලන කොට මෙතුමා මිනිසුන් හඳුනන කෙනෙක් විදිහටයි මම දකින්නේ. මෙතුමාගේ මානව හිතවාදීකම අගයමු.

:       236       228

lankaWednesday, 16 January 2019 10:47 AM

මොහු මානව හිතවාදී කෙනෙක් විය හැකියි. නමුත් මොහුගේ හැසිරීම් සහ කතා කරන විලාශයෙන් පිළිබිඹු වෙන දෙයක් නම්, මොහු එතරම් අධ්‍යාපනයක් ලද කෙනෙකු නොවන බවයි. මොහු ක්ෂේස්ත්‍රයට ගොස් වැඩ කිරීමට හැකි කෙනෙක් වුවත්, රටේ පරිපාලනය සම්බන්ධයෙන් තීරණ ගත හැකි කෙනෙක් නොවේ.

:       0       12

Kumar (Gulf) Wednesday, 16 January 2019 07:33 AM

නරියෙක් මොකක්ද එක හැලෙනකම් පස්සෙන් යනවා වාගෙයි.

:       0       108

ranjith Wednesday, 16 January 2019 08:20 AM

මේ වගේ ගොන් හරක් පන්නන්නේ නැතුව තියාගත්තොත් මේ ඉන්න පක්ෂ ජනතාව ප්‍රතික්ෂේප කරන එක නියතයි. මහජන මුදලින් පඩි අරන් මේ අය එනවා විතරයි. කෝ රට දියුණු කරන වැඩපිළිවෙලක් දෙන්න මේ අයට කතා කරන්න බැරිද?

:       0       104

amali Wednesday, 16 January 2019 09:07 AM

මෙයා විතරක් නෙවෙයි, ෆොන්සේකාත් පාර්ලිමේන්තුවේ තියාගන්න වටින්නේ නැහැ. දෙන්නම එකයි.

:       2       85

Kumara Wednesday, 16 January 2019 09:10 AM

අනුන්ට මඩගහනවට වඩා තමුන්ගේ දේ හරියට කරන්න.

:       0       76

Darshana Wednesday, 16 January 2019 10:14 AM

කාගේ කාගේත් තරම දැන් පෙනේ...

:       0       11

dhamneth Wednesday, 16 January 2019 10:33 AM

එක්සත් ජාතික පක්ෂය මෙරට සිටි ශ්‍රේෂ්ට ජනනායකයින් විසින් ආරම්භ කරපු ශ්‍රේෂ්ට පක්ෂයක්. පක්ෂයේ වත්මන් නායක කාරකාදීන් පක්ෂයේ ගෞරවය ආරක්ෂා වන විදිහට ක්‍රියාකළ යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 99 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 167 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 128 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 243 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 119 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 945 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site