IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ෆයිසර් එන්නත ලබාදීමේ බලය යුද හමුදාවට

 (සුජිත් හේවාජුලිගේ )

කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය පළමු වතාවට යුද හමුදාවට පවරනු ලැබ ඇත.

ෆයිසර් එන්නත විනිවිදභාවයකින් තොරව පිටස්තර පුද්ගලයන්ට ලබා දීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු රජය මෙම පියවර ගෙන ඇත.

එලෙස එන්නත ලබාගත් පුද්ගලයන්ගේ තොරතුරුද හිතාමතාම ලේඛනවලට ඇතුළත් කර නොමැති බව හෙළිදරව් වී ඇත.

සෞඛ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවති පුත්තලම හලාවත කොක්කාවිල මධ්‍යස්ථානයකදීද පිටස්තර පුද්ගලයන්ට ෆයිසර් එන්නත ලබාදී ඇතැයි පසුගියදා තොරතුරු හෙළි විය.

ෆයිසර් එන්නත මින් ඉදිරියට යුද හමුදාවේ මූලිකත්වයෙන් ජනතාවට ලබාදෙන බවත් එන්නත ලබාදෙන නිසි ක්‍රමවේදයෙන් බැහැරව සහ එන්නත ලබාගැනීමට සුදුසුකම් නොලබන කිසිදු පුද්ගලයෙකුට ෆයිසර් එන්නත ලබානොදෙන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

ඇමරිකාව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයක් කොවැක්ස් පදනම යටතේ ශ්‍රී ලංකාවට පිරිනැමුවේය.

 



අදහස් (13)

ෆයිසර් එන්නත ලබාදීමේ බලය යුද හමුදාවට

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 29 August 2021 05:20 PM

රටටම ෆයිසර් එන්නත දුන්නා නම්, රටේ ජනතාව රජය කෙරෙහි කෙතරම් පැහැදීමක් ඇතිවේවිද යන්න එය විද ගැනීමට පොරකන ලෙසින්ම පෙනේ. වෙනත් එන්නත් ගෙනැවිත් විදීමට රජයට උපදෙස් දෙන අය නිසා රජයට වෙන අවාසිය පෙනෙනුයේ ඊලඟ මැතිවරණයකදී ය. එදාට උපදෙස් වල වටිනාකම වැටහුණත්, ඒ වනවිට ප්‍රමාද වූවා වැඩිය.

:       2       9

සිරිබිරිස් Sunday, 29 August 2021 05:47 PM

ෆයිසර් එන්නත ගහ ගන්න ඔච්චර පොර කන්නේ ඇයි ? අපි හිතුවෙ කොයි එන්නතත් එකයි කියල .

:       2       3

Kumara Sunday, 29 August 2021 05:58 PM

ඕක සල්ලි වලට ගහගන්න පෞද්ගලික අංශයට ගෙන්න්නන්න දෙන්නකො, මොනවද මේ කරන පිස්සු වැඩ?

:       1       5

නලින් Sunday, 29 August 2021 06:22 PM

ලෝකයේ රටවල් වල වයස අවුරුදු 12 ට වැඩි අයට ලබා දෙන්නේ ෆයිසර් එන්නත. කාට බලය ලබා දුන්නත්, නිසි ක්‍රමවේදයක් සකස් කරලා, අඩුම තරමින් සාමාන්‍ය පෙළ, උසස් පෙළ සිසුන්ට මේක ලබා දීලා, පාසල් විවෘත කරන්න කටයුතු කළොත් හොඳ නැද්ද?

:       1       9

Sanath Sunday, 29 August 2021 06:50 PM

නීති ඉහළ සිට පහළට අනුගමනය කළ යුතුය. එසේ නැත්නම් මෙය අවසාන ප්‍රතිඵලයයි.

:       2       3

Sriland Sunday, 29 August 2021 07:50 PM

ඒක හොඳයි ඔය වැක්සින් එක හදන්නෙත් බලවත් කියන රටක්නේ.

:       0       2

Praba Sunday, 29 August 2021 09:16 PM

නියමයි සර්. රෝගීන්ට බෙහෙත් කරන එකත් හමුදාවට පවරන්න. ඒකට විතරක් මොකටද සුව විරුවො!

:       5       5

Asela Monday, 30 August 2021 06:37 AM

අවුරුදු 18 ට වැඩි සියලුම පාසල් ලමුන්ටත් විශ්වවිද්‍යාල සිසුන්ටත් මෙම ෆයිසර් එන්නත එන්නත් කලානම් ගැටලුවක් නැහැ. එහෙයින් පිටරට අධ්‍යාපනයට යන ලමුන්ටත් ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. සියලුම හමුදාවේ අය සහ ඔවුන්ගේ පවුල්වල අයටත් මෙය එන්නත් කර ගන්නවා. ඇයි මේවගේ අසාධාරණකම් කරන්නේ. හරිම කණගාටුයි.

:       0       0

විදේශගත වන සිසුන්ට ෆයිසර් එන්නතMonday, 30 August 2021 06:02 PM

මහනුවරට, යාපනයට, මන්නාරමට නම් මේ වගේ එන්නත් ලැබුනා කියල දන්නවා. හමුදාවට සාමාන්‍යයෙන් ලැබුනෙ සයිනොෆාම්. විශේෂිතම රජගෙදරට ආසන්න අයට ලැබෙන දේ ගැන කවුරුත් දන්නෙ නැහැනෙ. ඒත් වීසා පෙන්නුවොත් විදේශගතවන අයට ෆයිසර් ලබා දෙනවා. එන්නත් ඔය තරම් ක්‍රියාත්මක වෙනව නම් මන්ත්‍රී පොකුරු ඇතිවෙන්න විදියක් නැහැ නේද? එන්නත්කරණය මරණය වලක්වනවා විතරයි.

:       0       4

Prase Monday, 30 August 2021 08:30 AM

මේක නම් හොඳ වැඩක් ,සුව විරුවා එතනත් හොර කරනවා

:       0       0

Pakaya Monday, 30 August 2021 08:54 AM

හොද වැඩක්

:       0       0

ඉතා හොදයි Monday, 30 August 2021 10:13 AM

පවුලේ සාමාජිකයන් හමුදාවල ඉන්න අය දන්නවා ඒගොල්ලො කොයි තරම් පිළිවලකට වැඩ කරන්න පුරුදුවෙලා තියනවද කියලා. කම්මැලිකම අදුරන්නැති මේ අය මෙය හොදින් කළමණාකරණය කරාවි. අනෙක වෛද්‍යවරු හෙදියො ඒගොල්ලන්ට කොහොමත් ඉන්නවා.

:       1       6

Shesa Wednesday, 01 September 2021 07:30 PM

පෞද්ගලික අංශයටත් ඕකට අවස්ථාව දුන්නා නම් හොඳයි. තියෙන අය සල්ලිවලට බේත් අරගනීවිනේ. අසරණ මිනිස්සු පැත්තකට විසිකරන් ගිහින් බේත් විදගන්න සමහරු දඟලන හැටි දැක්කාම මට නම් එහෙම හිතෙනවා. අනික කොයි එක්කෙනාට දුන්නත් අරයා මෙයා ඉන්නවා කියලා වැඩ කරගන්නවා. කැම්පස් ළමයිනුත් ඇතුලුව වයස 12න් ඉහළ 30 දක්වා අයට ෆයිසර් එන්නත ක්‍රමවත්ව ප්‍රාදේශීය මට්ටමින් දුන්නා නම් මේ අවුල විසඳෙනවා. හැමෝටම ඕනිම තැනකින් වැක්සින් එක ගන්න පුලුවන් කියලා කිව්ව ගමන් සෙනඟ පිස්සුවෙන් දුවනවා.. ඒ නිසා එන්නත්කරණ මධ්‍යස්ථාන වල වැඩ ටිකක් අක්‍රීය වුණා වගෙත් පෙනුණා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 601 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 170 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 490 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1717 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site