(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය පළමු වතාවට යුද හමුදාවට පවරනු ලැබ ඇත.
ෆයිසර් එන්නත විනිවිදභාවයකින් තොරව පිටස්තර පුද්ගලයන්ට ලබා දීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු රජය මෙම පියවර ගෙන ඇත.
එලෙස එන්නත ලබාගත් පුද්ගලයන්ගේ තොරතුරුද හිතාමතාම ලේඛනවලට ඇතුළත් කර නොමැති බව හෙළිදරව් වී ඇත.
සෞඛ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පැවති පුත්තලම හලාවත කොක්කාවිල මධ්‍යස්ථානයකදීද පිටස්තර පුද්ගලයන්ට ෆයිසර් එන්නත ලබාදී ඇතැයි පසුගියදා තොරතුරු හෙළි විය.
ෆයිසර් එන්නත මින් ඉදිරියට යුද හමුදාවේ මූලිකත්වයෙන් ජනතාවට ලබාදෙන බවත් එන්නත ලබාදෙන නිසි ක්‍රමවේදයෙන් බැහැරව සහ එන්නත ලබාගැනීමට සුදුසුකම් නොලබන කිසිදු පුද්ගලයෙකුට ෆයිසර් එන්නත ලබානොදෙන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.
ඇමරිකාව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයක් කොවැක්ස් පදනම යටතේ ශ්‍රී ලංකාවට පිරිනැමුවේය.
ඌණ උපයෝජිත රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතු වලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින පාර්ලිමේන්තුවට නිවාඩු ලබා
මෙරට තේ කර්මාන්ත ශාලා 709ක් පමණ තිබුණා මේ වන විට එයින් කර්මාන්ත ශාලා 124ක් වැසී ගොස් තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත ක
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ෆයිසර් එන්නත ලබාදීමේ බලය යුද හමුදාවට
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 29 August 2021 05:20 PM
රටටම ෆයිසර් එන්නත දුන්නා නම්, රටේ ජනතාව රජය කෙරෙහි කෙතරම් පැහැදීමක් ඇතිවේවිද යන්න එය විද ගැනීමට පොරකන ලෙසින්ම පෙනේ. වෙනත් එන්නත් ගෙනැවිත් විදීමට රජයට උපදෙස් දෙන අය නිසා රජයට වෙන අවාසිය පෙනෙනුයේ ඊලඟ මැතිවරණයකදී ය. එදාට උපදෙස් වල වටිනාකම වැටහුණත්, ඒ වනවිට ප්‍රමාද වූවා වැඩිය.
සිරිබිරිස් Sunday, 29 August 2021 05:47 PM
ෆයිසර් එන්නත ගහ ගන්න ඔච්චර පොර කන්නේ ඇයි ? අපි හිතුවෙ කොයි එන්නතත් එකයි කියල .
Kumara Sunday, 29 August 2021 05:58 PM
ඕක සල්ලි වලට ගහගන්න පෞද්ගලික අංශයට ගෙන්න්නන්න දෙන්නකො, මොනවද මේ කරන පිස්සු වැඩ?
නලින් Sunday, 29 August 2021 06:22 PM
ලෝකයේ රටවල් වල වයස අවුරුදු 12 ට වැඩි අයට ලබා දෙන්නේ ෆයිසර් එන්නත. කාට බලය ලබා දුන්නත්, නිසි ක්‍රමවේදයක් සකස් කරලා, අඩුම තරමින් සාමාන්‍ය පෙළ, උසස් පෙළ සිසුන්ට මේක ලබා දීලා, පාසල් විවෘත කරන්න කටයුතු කළොත් හොඳ නැද්ද?
Sanath Sunday, 29 August 2021 06:50 PM
නීති ඉහළ සිට පහළට අනුගමනය කළ යුතුය. එසේ නැත්නම් මෙය අවසාන ප්‍රතිඵලයයි.
Sriland Sunday, 29 August 2021 07:50 PM
ඒක හොඳයි ඔය වැක්සින් එක හදන්නෙත් බලවත් කියන රටක්නේ.
Praba Sunday, 29 August 2021 09:16 PM
නියමයි සර්. රෝගීන්ට බෙහෙත් කරන එකත් හමුදාවට පවරන්න. ඒකට විතරක් මොකටද සුව විරුවො!
Asela Monday, 30 August 2021 06:37 AM
අවුරුදු 18 ට වැඩි සියලුම පාසල් ලමුන්ටත් විශ්වවිද්‍යාල සිසුන්ටත් මෙම ෆයිසර් එන්නත එන්නත් කලානම් ගැටලුවක් නැහැ. එහෙයින් පිටරට අධ්‍යාපනයට යන ලමුන්ටත් ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. සියලුම හමුදාවේ අය සහ ඔවුන්ගේ පවුල්වල අයටත් මෙය එන්නත් කර ගන්නවා. ඇයි මේවගේ අසාධාරණකම් කරන්නේ. හරිම කණගාටුයි.
විදේශගත වන සිසුන්ට ෆයිසර් එන්නතMonday, 30 August 2021 06:02 PM
මහනුවරට, යාපනයට, මන්නාරමට නම් මේ වගේ එන්නත් ලැබුනා කියල දන්නවා. හමුදාවට සාමාන්‍යයෙන් ලැබුනෙ සයිනොෆාම්. විශේෂිතම රජගෙදරට ආසන්න අයට ලැබෙන දේ ගැන කවුරුත් දන්නෙ නැහැනෙ. ඒත් වීසා පෙන්නුවොත් විදේශගතවන අයට ෆයිසර් ලබා දෙනවා. එන්නත් ඔය තරම් ක්‍රියාත්මක වෙනව නම් මන්ත්‍රී පොකුරු ඇතිවෙන්න විදියක් නැහැ නේද? එන්නත්කරණය මරණය වලක්වනවා විතරයි.
Prase Monday, 30 August 2021 08:30 AM
මේක නම් හොඳ වැඩක් ,සුව විරුවා එතනත් හොර කරනවා
Pakaya Monday, 30 August 2021 08:54 AM
හොද වැඩක්
ඉතා හොදයි Monday, 30 August 2021 10:13 AM
පවුලේ සාමාජිකයන් හමුදාවල ඉන්න අය දන්නවා ඒගොල්ලො කොයි තරම් පිළිවලකට වැඩ කරන්න පුරුදුවෙලා තියනවද කියලා. කම්මැලිකම අදුරන්නැති මේ අය මෙය හොදින් කළමණාකරණය කරාවි. අනෙක වෛද්‍යවරු හෙදියො ඒගොල්ලන්ට කොහොමත් ඉන්නවා.
Shesa Wednesday, 01 September 2021 07:30 PM
පෞද්ගලික අංශයටත් ඕකට අවස්ථාව දුන්නා නම් හොඳයි. තියෙන අය සල්ලිවලට බේත් අරගනීවිනේ. අසරණ මිනිස්සු පැත්තකට විසිකරන් ගිහින් බේත් විදගන්න සමහරු දඟලන හැටි දැක්කාම මට නම් එහෙම හිතෙනවා. අනික කොයි එක්කෙනාට දුන්නත් අරයා මෙයා ඉන්නවා කියලා වැඩ කරගන්නවා. කැම්පස් ළමයිනුත් ඇතුලුව වයස 12න් ඉහළ 30 දක්වා අයට ෆයිසර් එන්නත ක්‍රමවත්ව ප්‍රාදේශීය මට්ටමින් දුන්නා නම් මේ අවුල විසඳෙනවා. හැමෝටම ඕනිම තැනකින් වැක්සින් එක ගන්න පුලුවන් කියලා කිව්ව ගමන් සෙනඟ පිස්සුවෙන් දුවනවා.. ඒ නිසා එන්නත්කරණ මධ්‍යස්ථාන වල වැඩ ටිකක් අක්‍රීය වුණා වගෙත් පෙනුණා...