(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පකෂයේ සභාපතිවරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර , පක්ෂ විනය කමිටුව , මැතිවරණ කොමිසන් සභාවේ සභාවේ සභාපති හා සාමාජිකයින් ඇතුළු 14 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරු ඉතාමත් දිගු කාලයක සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය පවත්වා ගිය තැනැත්තෙකි.පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. පෙත්සම්කරු එම පක්ෂය බලයට පත්වූ විවිධ කාලයන් හි අමාත්‍ය ධූර තනතුරු රැසක් දරමින් සක්‍රීය දේශපාලනයේ නිරත වූවෙකි. එලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියදී එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් කටයුතු කරන බවට ජනමාධ්‍ය මඟින් දැන ගන්නට ලැබී තිබෙන බව සඳහන් කරමින් ඉකුත් සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් පෙත්සම්කරුට ලිපියක් එවා ඇත. ඒ සම්බන්ධයෙන් පක්ෂය හමුවේ හේතු දක්වන්නැයිද පක්ෂ ලේකම්වරයා පෙත්සම්කරුට ලිපියෙන් දන්වා ඇත.
පක්ෂ ලේකම්වරයා පෙත්සම්කරුට යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් යැවීමටද පෙත්සම්කරු කටයුතු කර ඇත.පසුව එම කරුණ සම්බන්ධයෙන් විමසීම සඳහා පක්ෂය විසින් විනය කමිටුවක්ද පත් කළ බවත් ඒ අනුව එම විනය කමිටුව සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව පෙත්සම්කරුට දැන ගන්නට ලැබී ඇත.
එලෙස පක්ෂ සාමාජිකත්වය අහෝසි කළද තමන්ට ඒ පිළිබඳ පක්ෂයේ නිලධාරීන් කිසිවෙකුත් නිල වශයෙන් දැනුම් නොදුන් බවද පෙත්සම්කරු කියා සිටී.
එසේම පෙත්සම්කරුගේ මෙම පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බැවින් ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස දන්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් යවා ඇති බවද පෙත්සම්කරුට දැනගන්නට ලැබී ඇත.
මෙලෙස තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී බවත් එම තීරණය බල රහිත කරන ලෙසත් තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පවතින බවට නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා සිය පෙත්සමින් ඉල්ලා සිටී.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ෆවුසි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරයි
kule Wednesday, 18 December 2019 08:36 PM
එදා ෆිලික්ස් ඩයස්ගේ අනුදැනුම පිට කොළොඹ නගරාධිපති පට්ටමත් සමගයි ශ්‍රී ලංකා එකට ගියේ
sisira Wednesday, 18 December 2019 11:37 PM
අනේ පව් නොදී ගෙදර නවතින්න ෆවුසි.
lalithm Thursday, 19 December 2019 03:17 AM
අවලංගු වෙච්ච පොට්ට කාසි. කිසි ගතයුත්තක් නැහැ. පව් නොදී ගෙදර යන්න.
sisira Thursday, 19 December 2019 11:44 AM
අනේ පව් නොදී ගෙදර නවතින්න ෆවුසි...