IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ෆේස්බුක් සාදයේ 28 දෙනාට ඇප

(ඩී.ජී.සුගතපාල)

මුහුණු පොත හරහා සංවිධානය කර තිබු  සාදයක් වටලා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තරුණයින් 26 දෙනා සහ තරුණියන් දෙදෙනා ඇතුළු 28 දෙනා ඇප මත මුදා හරින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (2) නියෝග කළේය.

එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.

පසුගිය 29 වැනිදා රාත්‍රි අක්මීමණ පොලිස් වසමේ හෝටලයක මෙම  තරුණ  තරුණියන් 28 දෙනා සාදයක් පවත්වමින් සිටියදි පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මේ මස  මස 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම මහතා 30 වැනිදා නියෝග කලේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියේ වයස අවුරුදු 18ත් 24ත්  අතර  වයස්වල පසුවන මොරටුව, අම්පාර,අනුරාධපුරය, මාතලේ,බදුල්ල.තුරුණෑගල කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචි තරුණයින් 26 දෙනකු සහ අම්පාර හා මොරටුවේ පදිංචි තරුණියන් දෙදෙනෙකි.

නිරෝධායන නිති රිති උල්ලංඝනය කරමින් ඈත පළාත්වලින්  මෙම සාදයට පැමිණ සිටි අතර රාජ්‍ය බුද්ධි අංශය විසින් ද මේ පිළිබඳ පරික්ෂණ පවත්වන බවත්  තවමත් පරික්ෂණ අවසන් නොමැති බවත් පොලිසිය කියා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙම පිරිස අතර ප්‍රධාන පාසල්වල ඉගෙනුම  ලබන උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුන් ද  වන අතර තවත් අය උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන අය බවයි.



අදහස් (0)

ෆේස්බුක් සාදයේ 28 දෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 

දියත

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 155 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1546 2

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 494 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 267 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 238 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 408 1

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site