IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


14 දැරිය මුදලට විකිණූ ඥාති සොහොයුරියට වැඩවරදී

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

දීර්ඝ කාලයක සිට  14 හැවිරිදි දැරියක්  මුදලට ගණිකා සේවයේ යෙදවූ බව කියන ඥාති සොයුරියක් සහ දැරිය මිලට ගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි .

මේ වන විට 14 හැවිරිදි දැරිය රෝහල් ගත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

බාලවයස්කාර දැරියක ගේ දෙමාපියන් මුලාකර ඥාති කාන්තාවක් විසින් දැරිය රැගෙන ගොස් විවිධ පුද්ගලයන් හට මුදලට අලෙවි කරන බවට  රහසිගත තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාරිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්  බව පොලිසිය කියයි .

ග්‍රෑන්ඩ්පාස්  ප්‍රදේශයේ  පදිංචි සැකකාරිය  මරදාන ප්‍රදේශයේ දැරියගේ නිවසට පැමිණ ඇයගේ තනි නොතනියට දැරිය රැගෙන යන බව පවසමින් මෙම ජාවාරම සිදු කර ඇති බව පොලීස් විමර්ශනවලදී හෙළිවී ඇත 

 ඒ අයුරින් දැරියව  දින දෙක තුනක් ඇයගේ නිවසේ තබා ගන්නා බව දැරියගේ දෙමව්පියන්ට පවසා  දැරිය රැගෙන ගොස් විවිධ ව්‍යාපාරිකයන් හට  රුපියල් 50,000 බැගින් වූ මුදලට අලෙවි කර ඇති බව පොලිසිය කියයි. 

සැකකාරිිය මේ අයුරින් දැරියව දොළොස් හැවිරිදි වියේ සිට වසර දෙකක කාලයක් ගණිකා සේවයේ යොදවා ඇතැයි  පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරිනියක් පැවසුවාය . සැකකාරිය දැරිය විකිණීමෙන් ලැබෙන මුදලින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇතැයි පොලිසිය කියයි

දැරිය  ලබා දී තිබෙන  ප්‍රකාශ අනුව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය .

අත්අඩංගුවට ගත් සැකකාරිය 32 හැවිරිදි තැනැත්තියක් වන අතර මරදාන ප්‍රදේශයේ පදිංචි සැකකරු 38 හැවිරිදි අයකු වේ.

 සැකකරු සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති  චන්ද්‍රකුමාර ,කොළඹ මධ්‍යම ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සහකාර පොලිස් අධිකාරී සෙනරත් මහත්වරුන්ගේ උපදෙස් මත        මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉශාන්ත කුමාර ඇපල කොටුව මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ 

 



අදහස් (1)

14 දැරිය මුදලට විකිණූ ඥාති සොහොයුරියට වැඩවරදී

fairoos Wednesday, 22 December 2021 02:28 PM

නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

දියත

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 121 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 79 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 392 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 207 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 222 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1354 2

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 218 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 511 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site