(අංජුල මහික වීරරත්න ආණමඩුවේ සිට)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යනු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීම සඳහා පක්ෂ බේදයකින් තොරව සම්මත කරගත් ඓතිහාසික නීතියක් යැයිද එය විවේචනය කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැත්තේ කාටදැයි ඉතා පැහැදිලිව පෙනෙන්නේයැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණමඩුවේදී අද (22) පැවැසීය.
ව්‍යවස්ථාදායක සභාව කරන පත්වීම් හෝ ප්‍රතික්ෂේප කිරීම් සම්බන්ධයෙන් හේතු දැක්වීම් නොකරන්නේ 1947 වසරේ සිට පැවතෙන අතීත සම්ප්‍රදාය අනුව බව කී අග්‍රාමාත්‍යවරයා මෙරට අධිකරණ සේවා කොමිසම මෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ පත්වීම් දෙනවිට හෝ ප්‍රතික්ෂේප කරන විට 1947 වසරේ සිට කිසිඳු හේතුවක් ඉදිරිපත් නොකළ බවද කීය.
මේ තත්ත්වය වෙනස් කරන්නට ගියොත් අධිකරණ සේවා කොමිසම දෙන සෑම තීරණයකටම හේතු දෙන්නට වනු ඇතැයිද එවිට විවිධ වාද විවාද ඇතිවීම වැළැක්විය නොහැකියැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ආණමඩුව නවගත්තේගම සහ කරුවලගස්වැව සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමෙන් පසු ආණමඩුව රෝහල් භූමියේ පැවැති ජන රැළියේදී අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
මෙම අවස්ථාවට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න,පාඨලී චමිපික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගෙ බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘‘19 ය පක්ෂ බේදයකින් තොරව සම්මත කරගත් ඓතිහාසික නීතියක්‘‘
රජින්ද Friday, 22 February 2019 02:03 PM
මහමැතිවරණය පවත්වන්න එපා කියමින් රට අස්ථාවර කල මේගොල්ලෝම අනික් අයට ඇගිල්ල දික් කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියමින්...
Raveendra Friday, 22 February 2019 02:48 PM
අනේ මෙහෙමත් විකාර...
Hafeel Friday, 22 February 2019 03:29 PM
මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලා අදාළ පනත්වල මොනවාද අන්තර් ගත වෙලා කියල කියවල බලනවනං, මා දන්නා තරමට 13, 18, 19 සම්මත වෙනවද? අනික ඔතන කී දෙනක්ටද කියවීම හා තේරුම් ගැනීම හැකියාව තියන්නේ. අර ගිය පාර්ලිමේන්තුවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආපු නළුවක්ගෙන් මාධ්‍ය 18 ගැන විමසුවිට, 18 ගැන එයා දන්න නැතිලු. නමුත් 18 ට පක්ෂව ඡන්දය දුන්නලු. ඉතින් ආයිත් අහන්නම ඕනද.
Hafeel Friday, 22 February 2019 03:30 PM
ප්‍රතික්ෂේප කිරීම් සම්බන්ධයෙන් හේතු දැක්වීම් අනිවාර්යයි .
ආර්.වික්‍රමසිංහ.Friday, 22 February 2019 04:47 PM
නැතිනම් මොනවා කරන්නද? ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.
විජිත් Friday, 22 February 2019 08:31 PM
නැත්නම් අපිව කොහාකට අරන්යනවද මහත්තයෝ..?
Bamunuarachchi Friday, 22 February 2019 04:33 PM
කාටද ඔය කියන්නේ අර 62 ටද?
කාවින්දි Friday, 22 February 2019 07:45 PM
අන්තිම ෆොටෝඑක මට අල්ලන්නේ නැහැ. පුතේ පරිස්සමින්.. සමනලයින් හැම තැනම.
අචලාSaturday, 23 February 2019 12:29 PM
දෙන්නෙක් ඉන්නවා. ආපෝ... අතගානවනේ.
yaha Saturday, 23 February 2019 12:11 AM
19 ගැන ලොකුවට කිව්වට ඇත්තෙන්ම ඕකේ වුනේ ජනාධිපතිගේ බලය අඩුකරලා පාර්ලිමේන්තුවට බලය ගියා සහ එමගින් සුළු පක්ෂවලට තියන තැන වැඩි වුණු එක... කොටින්ම කියනවා නම් දෙමළ සංධානයට තියෙන බලය වැඩිවුණා. මේ සියලු දේ සිද්ද වුනේ ජාත්‍යන්තරයට වුවමනා විදිහට... කොටින්ම කියනවා නම් දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය විදිහට... මේ දේ කරේ රනිල් ගේ තියන් විදේශ ගැති ප්‍රතිපත්ති නිසා.. අනික මේක සිද්ද වුනේ ශ්‍රී ලංකාවේ UNDP කාර්යාලය මගින් ගෙන ගිය රහසිගත ව්‍යාපෘතියක් මගින්... මහින්ද ඉන්නකන් මේක කරන්න බැරි වුණා. ආණ්ඩුව මාරු වුණු ගමන් UNDP එක මේ වැඩේ පටන් ගත්තා.. සම්මත කර ගත්තා.. මොන දේ වුනත් ජාතිවාදය නිසා නෙමේ සිංහලයන්ට තියන අවස්ථාව ක්‍රමයෙන් නැසී යන එක වෙන්නේ.. ඉතින් සිංහලයෙක් විදිහට කණගාටුයි... මේ දෙය පක්ෂ දේශපාලන ඇසින් බලන එක හොඳ නැහැ... ස්වාධීන රටක් විදිහට හිතන්න ඕනේ... දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය විදිහට සහ ඒ ගොල්ලන්ගේ වුවමනාවට බටහිර රටවල් වල ඇඟිලි ගැසීම් අනුව වෙන දේවල්... නැතුව රටේ ඉන්න නියම දෙමල අයට එහෙම අවශ්‍ය නැහැ... රටේ නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් හරි... සුළු, මහා ජාති කියලා නැහැ ...මොන ජාතිය හිටියත් නීතිය එකයි..
රසිකSaturday, 23 February 2019 05:45 AM
නිකන් සුරංගනා කතා ගොතන්නේ නැතුව ඉන්න මහත්තයා.. ඔයාලගේ මහලොකු පක්ෂෙ ඔක්කෝම ඕකට අත උස්සලා සම්මත කලේ මොකටද එහෙනං. ඇයි එයාලා තොත්ත බබාලද?
Bandara Saturday, 23 February 2019 05:53 AM
නියමයි යහා.. සහතික ඇත්ත...
smn Saturday, 23 February 2019 06:07 AM
2015දී රටේ ජනතාව මේ අයට ඡන්දෙ දුන්නේ විශේෂයෙන්ම එවකට බලාත්මකව පැවතුණු දුර්දාන්ත 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය අහෝසි කරලා 19 වන සංසෝධනය ගෙනෙන්නයි.. දැන් ඔය 19 සංසෝධනයේ යම්යම් අඩුපාඩු තියෙන්න පුළුවන්… ඒ අඩුපාඩු හදා ගන්නවා මිස එය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම බරපතළ මෝඩකමක්...
Raveendra Saturday, 23 February 2019 06:50 AM
නොදකින් ඇරියොත් කට බොරුමනේ... පින් මාම රවටනවා ගොට්ටන්වත් ලඟ ඉන්න... අපි නැහැ රැවටෙන්නේ ඔය ගැටවලට...
Rata Perata Saturday, 23 February 2019 08:42 AM
ඔබ කියන දේ ඇත්ත. එත් ආඳා වගේ නැතුව ඉක්මන් තීරණ අරගෙන 2015 දීපු පොරොන්දු දැන්වත් ඉටු කරන්න. තාම පල් හොරු, වීරයෝ වගේ ඉන්නවා පේන්නේ නැද්ද?