IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


2015 යෝජනාව ඉදිරිපත් කළ කිසිවෙක් අද දේශපාලනයේ නෑ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේදී 30/1 යෝජනාව ඉදිරිපත් කළ කිසිවකුත් අද දේශපාලනයේ නැතැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවැසීය.

අල්ජසීරා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කොළඹගේ මහතා ඒ බව පැවැසීය.

ජීනිවා මානව හිමිකම් කවුන්සිලය සහ ශ්‍රී ලංකාවට එල්ල වී තිබෙන යුද අපරාධ සම්බන්ධයෙන් අල්ජසීරා මාධ්‍යවේදියා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම සඳහන් කළේය.

ඉකුත් ආණ්ඩුව ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය නොදුන් නිසා පාස්කු ඉරිදා මරාගෙන මැරුණු ප්‍රහාර මාලාව එල්ල වූ බවත් තිස් වසරක යුද්ධයක් පැවැති රටක එවැනි දැවැන්ත ව්‍යවසනකාරී ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව එය වූ බවත් කොළඹගේ මහතා කීවේය.

යුද්ධය අවසන් වීමෙන් පසු තිරසර සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දේශීය යාන්ත්‍රණයක් වෙනුවෙන් කැප වූ බවත් ඒ වෙනුවෙන් පමණක් ජනාධිපති කොමිෂන් සභා තුනක් පත් කළ බවත් ඔහු කීය.

යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා රජය යුද්ධයට මැදි ව තිබූ ඉඩම්වලින් සියයට 92ක් මහජනතාව වෙත මුදා හැර ඇතැයි ද හෙතම කීවේය.

බිම්බෝම්බ ලක්ෂ හැටක් ඉවත් කර ඇති බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය මානව පලිහක් ලෙස යොදාගත් පුද්ගලයන් 295,000 කට වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර නැවත පදිංචි කර ඇති බවත් කී කොළඹගේ මහතා ඊට අමතරව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයන් 12,500 කට වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර සමාජයට මුදා හැර ඇති බවත් කී ඔහු කීය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේ දී ඉදිරිපත් කළ 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට වත්මන් රජය ගත් පියවර සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාව පොරොන්දු කඩ කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මිෂෙල් බැචලේ මහත්මිය එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් ද අල්ජසීරා මාධ්‍යවේදියා විදේශ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතාගෙන් විමසීය.

මිෂෙල් බැචලේ මහත්මිය හෝ ඇයගේ නියෝජිතයන් කිසිවකුත් ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි ද බොහෝ අය පරිගණක ඉදිරියේ සිට වාර්තා ඉදිරිපත් කරන නමුත් රටේ යථා තත්ත්වය හැබැහින් දැක නැතැයි ද ඊට පිළිතුරු දෙමින් කොළඹගේ මහතා පැවැසීය.

055



අදහස් (3)

2015 යෝජනාව ඉදිරිපත් කළ කිසිවෙක් අද දේශපාලනයේ නෑ

Demuni Uduwara Monday, 08 March 2021 06:39 PM

විදේශ මාධ්‍ය නොමග යවන්න එපා. මිනිස්සු දන්නවා පෙරදිග සිදුවන ගැටුම්වල වරදකරුවන් කවුද කියලා.

:       2       2

මුණසිංහ Tuesday, 09 March 2021 02:01 AM

රටට අහිතකර දේ කරන ඕනම දේශපාලකයෙක් එම භූමියෙන් අතුගෑවිලා යනවා.

:       1       6

Raveendra Tuesday, 09 March 2021 05:32 AM

තමන් උපන් රටට හානිවන ආකාරයට යෝජනා ඉදිරිපත්කර පසුව දේශපාලනයෙන් සමුගත් පමණින් ඒ ඒ දේශපාලුවන්ට එම පාපකර්ම වලින් ඇඟ බේරාගැනීමට හැකිද? නොහැකිද? යන්න ඉතාමත්ම සරල ගැටලුවකි.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 203 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 100 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 124 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 492 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 172 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 539 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site