IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


2021 අවසානයේදී ට්‍රිලියන 18 ක ණය කන්දක රට හිරවෙනවා

 

මෙම ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවට අනුව 2021 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ට්‍රිලියන 18 ක ණය කන්දක හිරවන බවත් ඒ සඳහා විකල්ප ලෙස නැවත ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම බවත් ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය. එය අසමත් බවේ ලක්‍ෂණයක් ලෙසින් ද විජිත හේරත් මහතා විසින් හඳුන්වන ලදි.

ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් විජිත හේරත් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“රටක් හැටියට 2021 වසර අවසන් වන විට අපි ට්‍රිලියන 18 ක ණය කන්දක හිරවෙනවා. මෙයට විකල්ප දෙකයි තියෙන්නේ. එකක් ණය ගන්න එක. අනිත් එක ඔබතුමන්ලා යෝජනා කරන්නේ සල්ලි අච්චු ගහන එක. ණය ගැනීමයි, සල්ලි අච්චු ගැසීමයි කියන්නේ අසමත් කමනේද?”

“ආණ්ඩුව ඉදිරිපත් කරපු අයවැයේ ඉතා පැහැදිළිව කියලා තියෙනවා ආදායම බිලියන 1961 කියලා. ඒ වගේම වියදම බිලියන 3500 කියලා. මේ අදායම සොයාගන්නා උත්පාදන ක්‍රමයක් ගැන සඳහන් කතරලා නෑ”

“ආණ්ඩුව ඉතා පැහැදිළිව මේ අයවැය තුළ යෝජනා කරලා තියෙන්නේ තවත් බිලියන 3000 ක් අලුතෙන් ණය ගන්න. 2020 තුළ බිලියන 2000 ක් දැනටමත් ණය අරන් තියෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතුවත් මේ ආණ්ඩුව බිලියන 2000 ක් ණය අරගෙන තියෙනවා. දැන් යෝජනා කරනවා තවත් බිලියන 3000 ක් ණය ගන්න. ඒ කියන්නේ මේ අවුරුදු දෙකට පමණක් 2020 සහ 2021 ට අවුරුදු දෙකට පමණක් මේ අසමත් ආණ්ඩුව බිලියන 5000 ක් ණය ගන්න යෝජනා කරනවා. ඒ කියන්නේ ටි්‍රලියන 5 ක්”

“සේමසිංහ ඇමතිතුමා කිව්වා 2014 වන විට ටි්‍රලියන හතක ණය බරක් තිබුණා කියලා. එක්සත් ජාතික පක්‍ෂය ඒක ට්‍රිලියන 13 දක්වා වර්ධනය කරා කියලා. ඒ අවුරුදු පහ තුළ ට්‍රිලියන හයකින් ණය බර වැඩි කළා කියලා. ඔබතුමන්ලා අවුරුදු දෙකක් ඇතුළත ට්‍රිලියන පහකින් මේ ණය බර වැඩි කරනවා. ඒක හරිද?

“මේ කරන්නෙත් නැවත ණය කන්දක රට හිරකරන එක නේද? එදා එක්සත් ජාතික පක්‍ෂය බලයට එනවිට කිව්වා රාජපක්‍ෂ පාලනය රට ණය කළා ඒකෙන් රට මුදොගන්න කියලා. නමුත් එතුමන්ලා කළෙත් රට ණය උගුලක පැටලීමයි” යැයි ද හේරත් මහතා වැඩි දුරටත් පැවසීය.

-048

 



අදහස් (11)

2021 අවසානයේදී ට්‍රිලියන 18 ක ණය කන්දක රට හිරවෙනවා

sunil Milano Thursday, 19 November 2020 03:30 PM

මෙලෝ වැඩකට නැති ආර්ථික විශේෂඥයා.

:       0       0

De Thursday, 19 November 2020 03:51 PM

ණය කියලා දෙයක් නෑ පුතා, ඔය ගන්න ඔක්කොම අදායම තමයි. ඕවා ගෙවන්න ඕන නැහැ. අපිත් දිනුම් රටත් දිනුම්...

:       0       0

SUNIL MILANO Thursday, 19 November 2020 04:22 PM

ආර්ථික ඔස්තාර්....

:       0       0

Prase Thursday, 19 November 2020 04:53 PM

නිකන් බොරුවට කියවන්නේ නැතුව ගෙවන්න පුළුවන් ක්‍රමයක් හදලා ආණ්ඩුවට කිව්වානම් හොඳයි.

:       0       0

Chandima Thursday, 19 November 2020 06:26 PM

හ‍රි ඉතින් පඬි වදන් දෙන්න කලින් මේකට කරන්න ඕන දේ කියන්නකෝ කෙලින්ම.

:       0       0

Nuwan Thursday, 19 November 2020 07:58 PM

නය ගන්නෙ නැතුව රට කරන හැටි ඔබතුමා කියන්නකෝ. ලෝකෙ ගොඩාක් රටවල් ඉන්නවා එහෙම දෙයක් ඉල්ලන. ඔබතුමාට නොබෙල් ත්‍යාගය උනත් ලැබෙන්න පුලුවන්.

:       0       0

bulath Friday, 20 November 2020 01:39 AM

ඉතින් විකල්පය මොකක්ද?

:       0       0

Ranith Friday, 20 November 2020 06:14 AM

අවුරුදු 5ක් තිස්සේ ඔබ රනිල් එක්ක එකතුවෙලාකරපු දේවල් තමයි. ණය බර ගිය අවුරුදු 5 ලොකු ගාණකින් වැඩි වුණා. ඒ මදිවට රටේ වටිනාම සම්පත් චීනාට දුන්නා.

:       1       1

upali Friday, 20 November 2020 08:18 AM

ඔබගේ විසඳුම කුමක්ද?

:       0       0

SUNIL MILANO Friday, 20 November 2020 09:39 AM

ආර්ථික ඔස්තාර් යටත් විජිත.. මෙ දවස්වල අත යට බුරුස් නැති නිසා බොරු කියනවා වියරු වැටිලා...

:       1       0

Bamunuarachchi Saturday, 21 November 2020 03:00 AM

ජෙප්පන්ට බලය ලැබුනොත් ණය නැතිව රට ගෙනියන්න පුලුවන්ද? හැබැයි කොමියුනිස්ට් ක්‍රමයට මිනිසුන්ගේ තැන්පත් මුදල් බලෙන් අත්පත් කරගන්න වත් විදේශීය ගිණුම් අත්පත් කරගන්නවත් අපි ඉඩදෙන්නේ නැහැ. එදාට දෙගොල්ලන්ම ටයර් සෑයවල යාවි. ඔහෙලගේ මූලික අරමුණ අපි දන්නවා. හැබැයි ඒ අරමුණට යාමේ ක්‍රමය පමණක් වෙනස් වෙලා. ලේ සැලෙන විප්ලව දැන් කරන්න බැහැ. ඒ හරක් විකුණලා බොහොම කල්...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 629 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 517 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 131 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1760 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site