83 කළු ජූලියට වසර 38 ක් සපිරීම නිමත්තෙන් එම සිද්ධියට විරෝධය පා ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය සවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද කොළඹ ලිප්ටන් වටරවුම අසලදී පැවැත්විණි.
ජනවාර්ගික ගැටළුවට දේශපාලන විසදුම් ලබා දෙන ලෙසත්, උතුරේත් දකුණෙත් මිලිටරිකරණයට තිත තබන ලෙසත්, නිදහස් අධ්‍යාපනය කළු නොකරන ලෙසත් ජාතිවාදය නොයන්නැයි ඉල්ලමින් ඔවුහු උද්ඝෝෂණයේ නිතර වූහ.
(ඡායාරුප: ශාන්ත රත්නායක)
වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ
තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප
බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කා
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ
ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම
මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
83 කළු ජූලිය සමරන්න විරෝධතාවක්
Cisco Tuesday, 20 July 2021 04:20 PM
මේ කළු ජූලිය ඇතිකලේ එවකට ජනාධිපති ජයවර්ධන මහතා හිතාමතාම. එහි යටි අරමුණ වූයේ එමගින් ජවිපෙ තහනම්කර 1981 පවත්වන ලද ජනමත විචාරණ ජන්ද පෙත්සම් නඩුව විසි කරවන්න. මොකද මේ වෙනකොට මෙහි තීන්දුව රජයට අවාසි වෙන තත්වයකයි තිබුනේ... බලන්න දේශපාලකයින්ගේ පටු අරමුණු වෙනුවෙන් රටේ ඉදිරි ගමන විනාශ වූ හැටි. අනෙක මේක පිටින් තියලා වත්මන් රජයට විරෝධය දක්වන එක හරි දෙයක්ද?
රමණී Tuesday, 20 July 2021 05:19 PM
කළු ජූලිය පිටිපස්සේ හිටියේ එජාපය සහ සමගි ජනබල කට්ටිය හෝ ඒ අයගේ තාත්තලා. ජේවීපී නම ගෑවුණාට ඔවුන්ව ජේ.ආර්. නිකරුනේ ගැහැව්වා කියලනේ කියන්නේ. ඒ නිසා දැන් ඉන්න ආණ්ඩුවට විරුද්ධව කෑගහලා ඵලක් නෑ. ඒ වගේම ඔය දැන් කෑගහන අය හොඳයි සහරාන්ට විරුද්ධව උද්ඝෝෂණය කළා නම්...
බද්රානි Tuesday, 20 July 2021 07:01 PM
කළු ජුලිය කෙසේ වෙතත්, කතෝලික පල්ලිය ඇතුළට දේශපාලනය රැගෙන ගිය අමනයින් කවුරුන්ද කියලයි හොයා බලන්න ඕනෑ. මම දන්නා විදිහට ඉස්සර නම්, පල්ලියේ පියතුමා සභාවට හෝ පල්ලියට අගතියක් වන ලෙස කටයුතු කරනවා නම්... ලෝගුව ගලෝලයි එළවන්නේ... දැනුත් ඒ ටික කර ගන්න සමහර පියතුමාලා දඟලන පාටයි මට නම් පෙනෙන්නේ... මෝඩ කතෝලිකයිනුත් මේවාට හුරේ දාලා ලංකාවේ කතෝලික සභාව විනාශ කර ගන්නයි මේ දඟලන්නේ. බෞද්ධ ශාසනයට අද අත්වෙලා තියන ඉරණම ඇස්දෙකෙන් දැකලා නැද්ද මන්දා මේ මෝඩයින්.
සමන් විමලධර්ම Tuesday, 20 July 2021 07:49 PM
අරන්තලාවේ භික්ෂු ඝාතනයට, මහ බැංකු බෝම්බයට මේ ක්‍රිස්තියානි ලේ උණු වුනේ නෑනේ හැබෑට..
saaraweera Tuesday, 20 July 2021 11:42 PM
කලු ජූලියට ලකාවෙ කතෝලික ආගම් නායකයන් පවා වග කිව යුතුය , අද සිටිනා කාදිනල් මැල්කම් පවා කොටි කොඩිය සහිත පුවරු සමග කොටින්ට එකතුව වැඩ කල කෙනෙක්, තව බොහො බිසොප් වරුන් කියා ගන්න අයද කොටින් සමග සුහදව කටයුතු කලා, එවකට රජයට විරුද්දව මේ කාදිනල් සහ බොහෝ බිශොප් වරුන් විදෙස් රටවලට කේලම් කිවා