IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දෙහිවල සත්තු වත්ත යළි විවෘත කරයි



    (රොමේෂ් ධනුෂ්ක සිල්වා)
    
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස 03 ක පමණ කාලයක් වසා දමා තැබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානය මහජනතාව වෙත නැවත විවෘත කිරීම අද (15) උදෑසන සිට යළි ඇරඹිණි.

සත්වෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි කුඩා දරුවන් ඇතුළු ඔවුන්ගේ දෙමාපියන් වෙත මල් කළඹක් පිරිනමා ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් විසින් සුහදශීලීව පිළිගන්නා ලදී.
   
සියලු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සහ පුද්ගල දුරස්ථභාවය පිළිබද සැලකිලිමත් වෙමින් මහජනයාට උදෑසන 8.30 සිට සවස 05  දක්වා සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව හිමි වන අතර  ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පස්වරු 3.30 ට අවසන් කරන බවත්  කොවිඩ් 19 රෝගය මිනිසාගෙන් සතුන්ට පවා බෝවිය හැකි නිසා හැකි තරම් සතුන්ගෙන් ඈත්ව සිට සතුන් නරඹන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසීය.

පාසල් නිවාඩුව තවදුරටත් ක්‍රියාත්මක නිසා කුඩා දරුදැරියන් රැසක් තම දෙමාපියන් සමග අද උදෑසනම සත්වෝද්‍යානය නැරඹීම සදහා පැමිණි සිටි අයුරු දැකගත හැකි විය.
 



අදහස් (27)

දෙහිවල සත්තු වත්ත යළි විවෘත කරයි

විජිත් Monday, 15 June 2020 09:19 AM

සත්තු වත්ත බලන්න චූටිකාලේ අපේ ගෙදර අයත් එක්ක ගියාම මම හරි සතුටු වුනා. ඒ කාලේ අපේ තාත්තගේ බොක්ස් කැමරාවෙන් ෆොටෝ එහෙමත් ගත්තා. ඉස්කෝලේ යාලුවන්ටත් ෆොටෝ පෙන්වලා සතුටුවුණා.. නමුත් අදවනවිට මම වෙනස්ම මිනිහෙක් වෙලා. සතුන් සිරකරගෙන තබාගෙන, අපිට අවශ්‍ය ආහාර ඒගොල්ලන්ට කෑම සඳහා දීලා.. කූඩු කරලා.. එළියේ ඉඳගෙන ඒ අයදිහා බලලා අපි මහාම මහා කාලකන්නි සතුටක් ලබනවා. කැලෑවේ ජීවත් වනවිට ඒ සතුන් ආහාර සොයාගෙන කන්නේ. ඒ ගොල්ලන්ට අවශ්‍ය ඒවා. ඒ අයට ලෙඩක් දුකක් ඇතිවුණාම ඒ අය ඉවෙන් ඒ සඳහා අවශ්‍ය බෙහෙත් වනයෙන් සොයාගන්නවා. විලකට ගිහින් නාගන්නවා. යහළුවන් සමග නිදහසේ දුවපැන සතුටු වෙනවා. දැන් දැන් ගොඩක් රටවල්වල විශාල විවෘත සත්ව උද්‍යාන පටන් අරන්... නමුත් ඒ සතුන් ඒ අය අයිති කැලෑවේ විඳින සතුට නිදහස අහිමි කරන්න අපිට ඇති අයිතිය කුමක්ද යන්න මට මහත්ම ප්‍රශ්නයක්.. මට මතක්වෙනවා " born free " කියන අනුවේදනීය සත්‍ය කතාව.. ජෝර්ජ් අැඩම්සන් කියන සතුන්ට පණ මෙන් ආදරය කරපු " මිනිසෙකුත් " එය හදාවඩා ගත්තා " එල්සා " කියන සිංහ ධේනුවගේත් කතාව.. නිදහස පිළිබඳ උත්තරීතර කතාවක්.. මම සතුන්ට පණ මෙන් ආදරෙයි.. එ්ත් ඒ අය කූඩුවල දකින්න කොහෙත්ම කැමති නැහැ.

:       4       88

සමිත සේනක අලුත්ගමගේ. Monday, 15 June 2020 09:42 AM

සොබාදහම හා බැඳී මේ සතුන් දෙස බලා සිටීමම පමණක් මොනතරම් සිතට වින්දනයක් ගෙන දෙනවාද ?... ඒත් මේ සතුන් මෙසේ කොටුවී සිටියත්, ඔවුන්ගේ වර්ගයාත් සමගින් වනාන්තරයේ වනසුව විඳිමින්, කෙලිදොලෙන් සිටින්නාක් මෙන් සතුටක් ඔවුන්ට නැත..

:       5       76

විජිත් Monday, 15 June 2020 04:19 PM

( 2 කොටස )..පසුගිය මාස 3 ම මිනිස්සු වන අපි කොරෝනාට බයේ ලොක්ඩවුන් වෙලා. සුපුරුදු පරිදි එළියට පෙහෙලියට යාගන්න බැරිව විඳපු දුක අපි කාටවත් අමතක නැහැ නේද...? මිනිසාගේ පරිසර දූෂක වැඩපිළිවෙල ඒ මාස 3ට තාවකාලිකව අත්හිටවූ නිසා... පරිසරය නැවතත් පණ ලැබුවා. සොබාදහම් අම්මගේ පාට - හරිත වර්ණයෙන් මුළු ලෝකයම දිදුලන්න ගත්තා. මිනිසා කියන නපුරුම සතාට බයේ වනයේ සැඟවී සිටි සතුන් මිනිසුන්ගෙන් තොරවුණු වනෝද්‍යානවල සිත් සේ කල් ගෙවන්න ගත්තා. දැන් බලන්න.. හෝර්ටන් ප්ලේස් වනෝද්‍යානයේ ගෝන්නු හැම තැනම ගැවසෙනවාලු. පාරවල්වල කොටි පැටවුන් කෙලි දෙලෙන් ගතකරනවාලු. ඒ දවස්වල අපිව කූඩුවලට දමලා වහලා... ටිකක් හිතන්න මාසයක් දෙකක් ගෙදරට කූඩුවෙලා හිටපු අපි මොන දුකක්ද වින්දේ...? එතකොට සත්තු වත්තේ සදාකාලිකවම... මැරෙනකම්ම කූඩු කරගෙන ඉන්න සත්තු මොනතරම් දුක් කන්දරාවක් උහුලාගෙන වෙන්න ඕනද මේ ඉන්නේ...? සතෙක්ව සිරකරගෙන ඒ සතා දිහා බලලා සතුටුවෙන්න මගේ සිත පොළඹවා ගන්න මට නම් බැහැ.. යම් ක්‍රමයකින් මට නොපෙනී යන්න හැකිනම්... මම ඔය සත්තු වත්තේ හිරකූඩු ඔක්කොම ඇරලා ඔක්කොම සත්තුන්ව නිදහස් කරලා.. ඒ ගොල්ලෝ අයිති කැලෑවට යන්න පාර පෙන්වනවා...

:       1       27

විජිත් Tuesday, 16 June 2020 04:42 AM

( 2 කොටස )..පසුගිය මාස 3 ම මිනිස්සු වන අපි කොරෝනාට බයේ ලොක්ඩවුන් වෙලා. සුපුරුදු පරිදි එලියට පෙහෙලියට යාගන්න බැරිව විඳපු දුක අපි කාටවත් අමතක නැහැ නේද..? මිනිසාගේ පරිසර දූෂක වැඩපිළිවෙල ඒ මාස 3 ට තාවකාලිකව අත්හිටවූ නිසා... පරිසරය නැවතත් පණ ලැබුවා. සොබාදහම් අම්මගේ පාට - හරිත වර්ණයෙන් මුළු ලෝකයම දිදුලන්න ගත්තා. මිනිසා කියන නපුරුම සතාට බයේ වනයේ සැඟවී සිටි සතුන් මිනිසුන්ගෙන් තොරවුණු වනෝද්‍යානවල සිත් සේ කල් ගෙවන්න ගත්තා. දැන් බලන්න.. හෝර්ටන් ප්ලේස් වනෝද්‍යානයේ ගෝන්නු හැම තැනම ගැවසෙනවාලු. පාරවල්වල් කොටි පැටවුන් කෙලි දෙලෙන් ගතකරනවාලු. ඒ දවස්වල අපිව කුඩුවලට දමලා වහලා... ටිකක් හිතන්න මාසයක් දෙකක් ගෙදරට කූඩුවෙලා හිටපු අපි මොන දුකක්ද වින්දේ...? එතකොට සත්තු වත්තේ සදාකාලිකවම... මැරෙනකම්ම කූඩු කරගෙන ඉන්න සත්තු මොනතරම් දුක් කන්දරාවක් උහුලාගෙන වෙන්න ඕනද මේ ඉන්නේ...? සතෙක්ව සිරකරගෙන ඒ සතා දිහා බලලා සතුටුවෙන්න මගේ සිත පොළඹවා ගන්න මට නම් බැහැ.. යම් ක්‍රමයකින් මට නොපෙනී යන්න හැකි නම්... මම ඔය සත්තු වත්තේ හිර කූඩු ඔක්කොම ඇරලා ඔක්කොම සත්තුන්ව නිදහස් කරලා.. ඒ ගොල්ලෝ අයිති කැලෑවට යන්න පාර පෙන්වනවා.. ලෝකය නිදිගත් නිමේෂයක..

:       0       79

පූජා Tuesday, 16 June 2020 10:17 AM

විජිත්, නොපෙනී ගිහින්, සත්තු වත්තේ කූඩු අරින්න ඉස්සෙල්ලා, නරකද ගිහින් "ඉර" දිහා ටිකක් බැලුවොත්?

:       1       75

saman Tuesday, 16 June 2020 11:19 AM

මමත් පුංචි සන්ධියේ සත්තුවත්ත බලන්න හරිම කැමතියි. දැන්නම් හරිම අකමැතියි සත්තු වත්තේ සත්තු කූඩු කරලා ඉන්නවා බලන්න. දන්න කියන කවුරුහරි කියන්න, සත්තුවත්ත නිර්මාණය කළ හේතුව සහ දැන් පුළුවන්ද සත්තු වත්ත අහෝසි කරන්න....?

:       1       24

විජිත්Tuesday, 16 June 2020 12:27 PM

මම අහලා තියෙන විදිහට 2 වැනි ලෝක යුද්ධය පටන් ගන්නට කලින්..., ලංකාවේ හිටපු ජර්මන් ජාතික වැවිලි කරුවෙක්ගේ (මෙයාගේ නම හේගන්බෙක්..) පුද්ගලික"සත්ව එකතුවක්" ලු. නමුත් 2වැනි ලෝක යුද්ධය පටන්ගන්න අවුරුදු කිහිපයකට කලින් ජෝන් හේගන්බෙක් එයාගේ කොම්පැනිය වසාදාලා නැවත ජර්මනියට යන්න කලින් සත්තු ඇතුළු සියලුම දේවල් ශ්‍රී ලංකා රජයට පවරලා දීලා තියෙනවා.

:       1       19

පූජා Tuesday, 16 June 2020 11:26 AM

මාත් සත්තු කූඩු කරන් ඉන්නවාට කැමති නැහැ තමයි.. ඒ වුණාට අපි පුංචි කාලේ, මෙයාලාව දැකලා වින්ද ආශ්වාදය.. කුඩා දරුවන් විඳිනවාට අකමැති වෙන්න තරම් මා නපුරු සිත් ඇත්තියක් නොවෙයි..

:       6       292

විජිත් Tuesday, 16 June 2020 12:04 PM

පූජා, ඔයා ඔය නොකියා කියන්නේ.. මට මේ කූඩු ඇරලා සත්තුන්ව කැලෑවට යවන්න එපා කියලද...? මම හිතුවේ ඔයත් මට සපෝර්ට් එකට එයි කියලා.. හොරෙන් ගිහින් කුඩු ටික ඇරලා සත්තු නිදහස් කරන්න. දැන් බැලුවම මට "නපුරු සිත් ඇත්තෙක්" කියලා ලේබල් එකකුත් ගහලනේ.. කමක් නැහැ. ඒ ඔයානේ...

:       36       366

පූජාTuesday, 16 June 2020 12:27 PM

ඉතින් ළමයෝ, මටත් ඔයා ඔය කියනවා වාගේ නොපෙනී යන බලයක් තියෙනවා නම්, මම ඉස්සර වෙලාම කරන්නේ ඔයා ඉන්න තැනටම ඇවිල්ලා, ලස්සන සිංදුවක් එහෙම අහලා ඉවර වෙලා, එනවා මෙයාලාව නිදහස් කිරීමේ සටනට සහාය වෙන්නට...

:       183       1007

විජිත් Tuesday, 16 June 2020 03:47 PM

පුජා, නොපෙනී ඉන්න බලයක් නැතිවුනත් .. ඔයාට පුළුවන් සිහිනයක් වෙලා එන්න..

:       221       1007

විජිත් Thursday, 18 June 2020 11:51 AM

මට ඔයාව දැනෙනවා පූජා... අපි කොස්මික්ලා දෙන්නෙක්..

:       212       1007

පූජාFriday, 19 June 2020 02:34 PM

විජිත් ,අපට මේ මොකක්ද අනේ මේ වෙලා තියෙන්නේ ? මට පිස්සු හැදිලා තමයී නැවතෙන්නේ මෙහෙම ගියොත්.. මගේ හිත හැදෙන්න සිංදුවක් ලියන්න විජිත්....

:       112       1008

විජිත්Friday, 19 June 2020 03:07 PM

පූජා, දැන් පැරිසියත් වැඩ පටන් ගන්න යන්නේ ටිකෙන් ටික... හැබැයි දැන් මේ මිනිස්සු මීටරයේ පරතරය එහෙම ගණන් ගන්නේ නැති තරමට මුරණ්ඩු වෙලා. ඒ මදිවට චීනයේ "බිජිං" (වූහාන්වලට නොවේ) වලට කොරෝනා ගියේ යුරෝපයෙන්ලු.. සැමන් ටින් වලින්ලු. අනේ මන්ද...ඔයාට දැන් කොහොමද..?

:       30       328

විජිත්Tuesday, 23 June 2020 01:13 PM

කවදාවත් නොදැණුන තරමට මට අද ඔයාව දැනුණා. ප්‍රවේශමෙන් ඉන්න. ඔයාට දෙවි පිහිටයි..

:       111       1012

විජිත්Friday, 26 June 2020 03:56 AM

ඔබ එන්නේ කවදාදෝ - සිත විමසන්නේ.. මග බලමින් ඉන්නේ..

:       111       334

පූජා Friday, 26 June 2020 06:54 PM

මම හිතන්නේ, හෙට ගෙදර යන්න පුළුවන් වෙයි. මට ඇඟට වඩා රිදෙන්නේ මගේ හිතයි.

:       131       334

විජිත්Sunday, 28 June 2020 06:47 AM

දුරස්ව හිඳ හිත් හඬවන්නට නම් ඇයිද අප ඉපදුනේ..? දුරස්ව හිඳ ඉකිබිඳින්නට නම් - මොටද අප ඉපදුනේ..?

:       0       16

විජිත්Sunday, 28 June 2020 08:53 AM

සංසාරේ මීට කලිනුත් ඔයා මගේ වෙලා ඉන්න ඇති.. එ්කයි...

:       0       15

විජිත්Wednesday, 01 July 2020 09:50 PM

අපි දෙන්නට මොකද මේ සිදුවුනේ .. ,?

:       111       1016

විජිත්Thursday, 02 July 2020 01:55 PM

මගෙන් ඔයාට වරදක් වුනානම් සමාවෙන්න... එත් මම කල වරද මොකක්ද..? මම තරහා වෙන්නේ නැහැ - තරහාවෙන්නත් බැහැ.

:       112       2520

පූජා Friday, 03 July 2020 11:28 AM

අනේ හරීම, ආකර්ශනීය සත්වයෙක්නේ මෙයා නම්.. අපිටත් මෙයාගේ පුංචි ගුණයක් සැඟවී තිබෙනවා දැයි හිතෙන්නේ..., අපිත් එක එක වෙලාවල් වලට අපගේ ගුණයන් වෙනස් කරගන්න හින්දා.. තරහ ගියාම එක විදිහක්, අනිත් වෙලාවන්හීදි තව විදිහක්.. ඉතින් අපේ සමහර අයත් මෙයා වාගේ, එක ඇසක් වසාගෙන අනිත් ඇහින් ඇස් ගහන්නේ.. ඔයාලා දැකලා තියෙනවාද..? බෝදලිමා වාගේ පාට වෙනස් කරන් නැතුව ඉන්න එක තමයි ඉතින් වඩා හොඳ.. පෘතග්ජන මිනිසුන් වන අප කී දෙනෙකුටද එහෙම ඉන්න පුලුවන් වෙන්නේ.. පරිසරයේ වෙනස හඳුනාගෙන, තැනේ හැටියට ඇනේ ගහන්න පුලුවන් වැඩ කාරයෙක්නේ මෙයා බලාගෙන යනකොට... සොබාදහමේ තවත් අපූර්වතම විශ්මිත නිර්මාණයක්..

:       36       1026

පූජාFriday, 03 July 2020 04:33 PM

අනේ සමාවන්න. හිතේ කැළඹීම වැඩි නිසාදෝ, වැරදි තැනක, වැරදි ආටිකල් එකට මේ කමන්ට් එක වැටිලා තියෙන්නේ.... විජිත්, මම ඇයි ඔයත් එක්ක තරහ වුනේ කියලා.. පැහැදිලි කරලා කමෙන්ට් 2ක්ම මෙහි ලිව්වා.. මගෙ කරුමෙට වෙන්නැති. අලි පැටියාගේ ආටිකල් එකටත් මගේ සෝචනීය ළමාකාලය ගැන ලිව්වා. මගේ ඊමේල් එක ඇති ඉල්ලගන්න...

:       211       133

පූජා Saturday, 04 July 2020 06:55 AM

විශ්වීය බන්ධනයේ ප්‍රාතිහාර්යයක මහත... යන්න ඕනේ තැනට නොයා ඔබේ පාමුල මා වැතිරුණු සැටි... අපගේ සත්‍ය වූ ළෙන්ගතුකමට තවත් අටුවා, ටීකා කුමකටද?

:       2023       11433

විජිත්Saturday, 04 July 2020 02:17 PM

ලස්සන ගීතයක් ඔයාට. ගායනය . නවරත්න ගමගේ. රචනය. නාරද විජේසුරිය. නොකියාම ඇවිත් හිත ඇතුලට නොකියාම යන්න ගිය දවසට නොහඬාම විදිනු මිස තනිකම මම කාට කියන්නද මේ දුක....... ............ නොසිතාම කියූ රළු වදනට රිදුනාම ඔබට දුන් හදවත හැමදාම ඔබෙයි කී මා නෙත දුටුවාද තෙමෙනු උණු කදුලට.......

:       212       124

පූජා Saturday, 04 July 2020 10:37 PM

විජිත්, ප්‍රිය මිතුර, මම බොහෝ දුරක් කල්පනා කරලයි මෙය ඔයාට ලියන්නේ.. සමිත ලියල තිබුනා ,අපගේ අදහස් නිදහසේ බෙදා හදා ගන්න නම් කොහොම හරි ඔයාගේ ඊමේල් එක ගෙන්වා ගන්න කියලා..ඒක මම කොහොමද කරන්නේ.?

:       212       124

පූජා Sunday, 30 August 2020 05:31 PM

ඉහිරුණු කිරට හඬා පලක් නැත.. මිතුරුකමත් කැඩී බිඳී ගොසින්ය. ඒත් මම ඔබට කවමදාකවත් වෛර නොකරමි. ඔබට සුබ පතමින් නිහඬ වෙමි.

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6176 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7634 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18267 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1249 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9431 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 583 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1823 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 869 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 680 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site