IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අනුන් වෙනුවෙන් දිවි පිදූ විරුවකුට බුහුමන් පිදුණු වගයි

 

අරණායක සාමසර කන්ද නාය යෑමේ ඛේදවාචකය සිදුවු අවස්ථාවේදී පළමු නාය යෑමෙන් පසු පවුල් 70 ක් පමණ එම ප‍්‍රදේශයෙන් ඉවත් කරමින් දිවි බේරාදුන් නමුත් දෙවනි නාය යාමට හසුවී සිය සොහොයුරා සමග ජිවිතය පූජාකළ අරණායක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එළඟිපිටිය ග‍්‍රාම නිලධාරි වසම භාරව කටයුතු කළ ආර්ථික සංවර්ධන නිලධාරි එරංග විකුම්සිරි මහතා වෙනුවෙන් මෙවර ජාතික විරු ජන සම්මාන උ​ෙළලේ ප‍්‍රධානතම ගෞරව සම්මානය වන වීර බුදල්නා ස්වර්ණ සම්මානය පිරි නැමුණු අතර එය එරංග වෙනුවෙන් ලබාගත්තේ ඔහුගේ බිරිඳ වන දිස්නා චතුමාලිය. සිය සෙනෙහෙබර සැමියා වෙනුවෙන් සම්මානය ලබාගත් දිස්නා, සම්මානයද තුරුලුකර ගනිමින් දිව ගියේ ඇගේ සුරතල් ආදිත්‍ය පුතු ළඟටය. සුරතල් පුතු සිය පපුවේ හොවාගත් ඈ බොහෝ වෙලාවක් යනතුරු ඉකිබින්දාය.

 

පසුගිය වසරේ අරණායක සාමසර කන්ද නාය යෑමේ විපතේදී සිය රාජකාරිය ඉක්මවා මනුෂ්‍යත්වයේ නාමයෙන් කැපවු ශ්‍රේෂ්ඨ මිනිසුන් අතරට එරංග විකුම්සිරි එක්වූයේ වීර බුදල්නා ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලබමින්් සිය බිරිඳට, පුතුට, මව්පියන්ට සහෝදර සහෝදරියන්ට පමණක් නොව මුළු මහත් රාජ්‍ය සේවයටම ගෞරව අභිමානයක් ගෙන දෙමිනි.  


ඇස් දෙකෙන් කඩා හැළෙන කඳුළු කැට ඇගේ දෙකම්මුල් දිගේ ගලා එන්නේ වක්කඩ කැඩුවා වාගේ. ඒවා ඈ තුරුලේ හිඳින පුංචි ආදිත්‍ය පුතුගේ හිස මතට වැටෙයි. සාරි පොටෙන් තම දෙනෙතින් ගලා එන කඳුළු පිස දමමින් සුරතල් පුතු ඇකයේ හොවාගත් දිස්නා චතුමාලි කඳුළු අතරින් සිනාසෙමින් නැවතත් සිය සෙනෙහෙබර සැමියා ගැන කතා කළාය.  


‘‘එරංගට සම්මානයක් ලැබෙනවා කියලා මට ලිපියක් ඇවිත් තිබුණා. නමුත් මම ඒ ගැන වැඩිය හිතුවේ නෑ. එරංග නැතුව මට මේ කිසිදෙයක් දැන් වැඩක් නෑ. පස්සේ ගෙදරින් කිව්වා දරුවා වෙනුවෙන් ගිහිල්ලා මේ සම්මානය ගන්න කියලා. මම කොළඹ නෙළුම් පොකුණ රඟහලට ගිහිල්ලා මට වෙන්කරල තිබුණ පුටුවේ වාඩිවුණා. ඒ උත්සවයට ඇවිල්ලා හිටියේ කතානායක තුමා, ආරක්ෂක ඇමතිතුමා, හමුදාවේ, පොලිසියේ අය. මට වාඩිවෙන්න තිබුණු තැන මම අසල ගොඩක් හිටියේ පොලිසියේ හමුදාවේ අය. විශාල සෙනඟක් ඉදිරියේ එරංගගේ නම කියල නිවේදනය කළා. ජීවිත හැත්තෑවක් බේරාගත්ත එරංග වෙනුවෙන් සම්මානය ගන්න ආරාධනා කළේ මට. මට ඒ වෙලාවේ එරංග ගැන ඇතිවු​ෙණ් ලොකු සතුටක්. එයා කරපු වීර ක‍්‍රියාව ගැන අගයමින් සම්මානය මම අතට ගන්න කොට මට දරාගන්න බැරිව අැඬුණා. දුක සතුට වාගේම ලොකු පාළුවකුත් මට ඇති වුණා. එරංගත් එක්කම ගිහින් මේ සම්මානය ගන්න තිබුණා නම් කියන්න බැරි සතුටක් දැනෙයි. එහෙම වුණා නම් මේ සම්මානේ ගන්නේ මමයි එරංගයි චූටි පුතයි තුන්දෙනාම ගිහිල්ලා. අනුන්ගේ ජීවිත රකින්න ගිහිල්ලා මට එරංග නැති වුණා වගේම මාගේ පුංචි පුතාට තාත්තා කෙනෙක් නැති වුණා. ඒත් එරංග කරපු වීරකම හින්දා අද ගොඩක් දරුවන්ට ඒ අයගේ තාත්තලාගේ ජීවිත බේරා දෙන්න එයාට පුළුවන් වුණා. ඒ හින්දා තමයි එයත් පස්කන්දට යටවුණේ. ඒත් එයා නැතුව සම්මානය අතට ගත්තට මගේ හිතට මොකක්දෝ වාගේ තනිකමක් දැනුණා.”  


‘‘මම සම්මානය අරගෙන දුවගෙන ආවේ ආදිත්‍ය පුතා ළඟට. ඇවිල්ලා එයා තුරුලු කරගෙන ගොඩාක් වෙලා ඇඬුවා. මට ඒ වෙලාවේ අඬනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. මුළු රටම මාගේ මහත්තයා වීරයෙක් විදිහට පිළිඅරගෙන මේ වාගේ සම්මානයක් එයාට දෙන්න කටයුතු කරපු එක ගැන මට ගොඩක් ආඩම්බරයි. මේ ගැන කටයුතු කරපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි.”


‘‘දැන් ආදිත්‍ය පුතාට අවුරුද්දකුත් මාස තුනක් වෙනවා. එයත් එරංග වාගේ හොඳ වීරයෙක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. පුතා ලොකු වුණාම එයාගේ තාත්තා මියගියේ ජීවිත හැට හැත්තෑවක් බේරාගන්න ගිහින් කියලා එයා දැන ගත්තාහම පුතාට කොච්චර ආඩම්බරයක් ඇතිවෙයිද. ඒ හින්දා මම උත්සාහ කරන්නේ පුතාට හොඳට උගන්වලා රටට වැඩක් කරන්න පුළුවන් තැනකට යවන්න. මගේ පුතාගේ තාත්ත නම් ඇත්තටම එයාට වීරයෙක්. පුතාට විතරක් නෙමෙයි මටත් එයා වීරයෙක්. එරංග වාගේ කෙනෙක්ගේ බිරිඳ වෙන්න ලැබීම මට ලොකු සතුටක්. මිනිසුන්ට ආදරය කරන මිනිසුන් වෙනුවෙන් වැඩ කරන මිනිසුන් වෙනුවෙන් ජීවිතය උනත් පූජා කරන එරංග වගේ නිලධාරින් ඉන්නවා නම් මේ රට කොච්චර ලස්සන වෙයිද.”  


”සම්මාන උ​ෙළලේදි කතානායක කරු ජයසූරිය මහත්තයා හොඳ කථාවක් කළා. එතුමා කිව්වේ තමාගේ ජීවිතයට ඇති අවදානම හිතන්නේ නැතුව අනතුරට පත් ජීවිත බේරා ගැනීමට ඉදිරිපත්වීම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වයේ පරමාදර්ශයක් වෙන බවයි. ඒ වගේම අනතුරක් වුණාම ඒ අනතුරෙන් බේරීමට පොරබදන මිනිසුන් බේරා ගැනීමට ඉදිරිපත් නොවී එවැනි දර්ශන පටිගත කර මුහුණු පොතේ (ෆේස් බුක්) දැමීමට නොඉවසිලි මත්වෙන අරුම පුදුම මිනිසුන්ද සිටින බවද කථානායක කරු ජයසූරිය මහත්තයා කීවා. එතුමා එහෙම කථා කරනකොට මට එරංගව මතක් වුණා. නමුත් එරංග එවැනි දේවල් කර කර ඉඳල නැති බව එයාගේ මුහුණු පොතේ (ෆේස් බුක්) බලපුවාහම තේරුණා. අද ගොඩක් දෙනා කරන්නේ රාජකාරියකට ගියහම අනතුරක් දැක්කහම ඒවාගේ දේවල් ෆෝන් එකෙන් ෆොටෝ ගගහ ඉන්න එක. ඒත් එරංග ආදර්ශමත් නිලධාරියෙක්. එයා රාජකාරිය දේවකාරියක් කරගත්ත කෙනෙක්.  
ඵරංග විකුම්සිරිගේ බිරිඳ වන පී. දිස්නා චතුමාලී පතිරණ දැනට පදිංචිව සිටින්නේ වරකාපොළ බෝපිටිය ප‍්‍රදේශයේ ඇගේ මහ ගෙදරය. සුරතල් ආදිත්‍ය පුතු සමග දිවි ගෙවන ඇය වෙනුවෙන් අරණායක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය රුවන්වැල්ල තලවත්ත ප‍්‍රාදේශයේ නව නිවසක් ඉදිකර දීමට ඉදිරිපත් වී සිටී. දැනට වහල මට්ටම දක්වා ඵහි ඉදිකිරීම් කටයුතු නිමවා තිබේ.


‘‘මහත්තයා නැති වෙලා අවුරුද්දක් වෙනවා. පුතත් ඵක්ක මං ජීවත් වෙන්නේ අම්මලා ගාව. දැන් පුතාට අවුරුද්දයි මාස තුනක් වෙනවා. මම දැන් ගොඩක් අසරණ වෙලා තියෙන්නේ. මහත්තයා නැති වුණාට පස්සේ අපිට කියලා ලැබුණේ රුපියල් ලක්ෂයක වන්දි මුදලයි, අග‍්‍රහාර රක්ෂණ මුදලයි විතරයි. දැනට මහත්තයාගේ පැන්ෂන් ඵක ලැබෙනවා. ඵ්ක රුපියල් පහළොස් දාහක් විතරයි ඵන්නේ. වෙන කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. රෝහල් සාත්තු සේවිකා රැකියාවක් ලැබුණා. ඵ්ත් ඵ්කට යන්න විදිහක් තිබුණේ නැහැ. ඵතකොට බබාට මාස හතරක් පමණ වෙනවා. අනුන්ගේ ජීවිත බේරා ගන්න ගිහිල්ලා මගේ අහිංසක දරු පැටියාට තාත්තා කෙනෙක් නැති වුණා.” සිඟිති ආදිත්‍ය පුතු තුරුලු කර ගනිමින් දිස්නා ඉකි බිඳිමින් පැවසුවාය.  


2016 මැයි 17 වැනිදා රාජකාරිය දේවකාරියක් කරගනිමින් මිනිස් ජීවිත රැසක් බේරාගැනීමට ගොස් ජීවිතයෙන් සමුගත් එරංග විකුම්සිරි පිළිබඳ ඔහුගේ මව, පියා සහෝදරයා වගේම බිරිඳද සිටින්නේ තවමත් දුකෙනි. ඇස්වලින් පිටවන දුක් කඳුළැලි දරා ගනිමින් සිය වැඩිමහල් පුතු ගැන එරංගගේ පියා වන හැටඑක් වියැති එම්. වික‍්‍රමපාල මහතා මෙසේ පවසයි.


‘‘මගේ ලොකු පුතා වීරයෙක්. එයා මියගියේ ගමේ පවුල් හැත්තෑවක් විතර බෙරාගෙන. මට එයා ගැන ආඩම්බරයි. එයාට සම්මානයක් ලැබුණා කිව්වම තාත්ත කෙනෙක් විදියට මට ලොකු සතුටක් ඇතිවුණා.”  


‘‘එරංග ලොකු පුතා මේ වසම භාරව හිටියා. එදා උදේ වසමට ඇවිදින්න ගිහින් එනකොට වෙල් යාය මැද පාර පාත්වෙලා වතුර පිරිලා තියනවා. ඊට පස්සේ ඒ.ජී. ඔෆිස් එකෙන් හවස් වෙලා පුතාට කතා කරලා ඒ පැත්තට ගිහින් හොයලා බලන්න කියලා තියනවා.

පස්සේ ලොකු පුතයි, බාල පුතයි දෙන්නම සිරිපුර ජනපදයට ගිහිල්ලා ත‍්‍රීවීල් එක මග දාලා සිරිපුර පන්සල ළඟට ගිහින් තියෙනවා. ඊට පස්සේ තමයි කන්ද නාය ගිහින් තියෙන්නේ. පස්සේ මේ ගැන පල්ලෙහා අයට දැනුම් දීලා තියෙනවා. සිද්ධිය ආරංචි වෙච්ච ගමන් අපි පුතාට කතා කළත් ෆෝන් එක වැඩ කළේ නෑ. 18 උදේ පාන්දර අපි ඒ පැත්ත බලන්න ගියා. මුළු පැත්තම නාය ගිහින් වැහිලා තිබුණා. මේ ගැන හෝදිසි කරද්දී මුලින්ම ලොකු පුතාගේ මළ සිරුර අපට හමු වුණා. මේ සිද්ධිය අපට විඳ දරා ගන්න පුළුවන් කමක් නෑ. මගේ දරුවෝ දෙන්නම මේ විපතට ගොදුරු වුණා.


ගමක් බේරාගන්න ජීවිතය දන් දුන් එරංගගේ පවුලේ අය අද ඉන්නේ දුක් කන්දකය. එරංගගේ බිරිඳ සිඟිති දරුවා මෙලොව තනි වී ඇත.

ඡායාරූප හා විස්තර :   
අරණායක ප‍්‍රදීප් කුමාර ධර්මරත්න
මාවනැල්ල බණ්ඩාර ජයරත්න



අදහස් (0)

අනුන් වෙනුවෙන් දිවි පිදූ විරුවකුට බුහුමන් පිදුණු වගයි

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

විල්පොත බණ්ඩාරනායක දරුවෝ අස්වැන්න ගෙට ගනිති
2024 සැප්තැම්බර් මස 02 21 0

පාසල් වාරය අවසානයේදී අස්වැන්න ගෙට ගැනීමේ හැකියාව විල්පොත බණ්ඩාරනායක කුසලතා පාසලේ දරුවන්ට පසුගියදා ලැබිණ. ඒ පාසලේ දරුවන් සහ පාසලේම සම්පත් යොදාගෙන කු


යුද ගිනි මැද පෙරට ආ මානවවාදී ලේඛිකාව වෙට්‍රිචෙල්වි චන්ද්‍රකලා
2024 අගෝස්තු මස 27 29 0

“මිනිසා නිර්මාණය වී ඇත්තේ පරාජය වෙන්නට නොවේ. මිනිසෙකු විනාශ කරන්නට පුළුවන. නමුත් ඔහු පරාජය කරන්නට බැරිය.” මෙසේ කීවේ ලෝක පූජිත නවකතාකරු අර්නස්ට් හෙමින්


මුහුද මැද බලගතු හාස්කම් පිරි සිනිගම මහ දෙවොල් බිම
2024 අගෝස්තු මස 27 77 0

ඵෙතිහාසික ශ්‍රී දෙවොල් දේවාලය ශ්‍රී ලංකාවේ මුහුදු මැද පිහිටි එකම දේවාලයයි. දකුණු පළාතේ හික්කඩුව සංචාරක පුරවරයට නුදුරු සීනිගම මූලික කොට ගෙන වන්දනාමාන


සර්පයන්ට මෙත් වඩන මෙලූෂා
2024 අගෝස්තු මස 27 83 0

ජීවිත අවදානම දෝතින් දරාගෙන වසර හයක කාලයක් තිස්සේ සිට අනාරක්ෂිතව මරණය අභිමුඛව සිටින නාගයින් සහ පොළොඟුන් වැනි විෂ ඝෝර සර්පයින් නිරුපද්‍රිතව අල්ලා අභය


ශ්‍රී ලංකාවේ බිලියන 1 ක පෙරළිය
2024 අගෝස්තු මස 27 67 0

කෝකටත් තෛලය බඳුව මේ දිනවල නිතර දෙවේලේ අසන්නට ලැබෙන යුගයේ හොරණෑව බඳු වදන් පෙළක් වී තිබෙන්නේ කෘත්‍රිම බුද්ධිය යන්නය. ශ්‍රී ලංකාවේ පාසල්වල ටිසින්ක්ලේයා


තේ කර්මාන්තයේ බරපතළ කඩාවැටීමක්
2024 අගෝස්තු මස 21 35 0

1867 දී ඉංග්‍රීසි ජාතික ජේම්ස් ටේලර් විසින් හේවාහැට ලූල්කඳුර වතුයායෙන් හඳුන්වාදුන් මෙරට තේ වගාව හොඳම තේ නිපැයුම්කරුවා වශයෙන් නමක් දිනා ගත්තේය. නමුත් එය


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site