එතෙරින් මෙතෙරට
බීබීසී සිංහල සේවයෙන් උපුටා ගැනිණි
තම සම්පූර්ණ වත්කම් හෙළි නොකිරීමේ චෝදනා මත ඉස්ලාම්බාද්හි පිහිටි දූෂණ විරෝධී අධිකරණයක් විසින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් නියම කර ඇත.
අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු අගමැතිවරයා පසුගිය ජූලි මස වෙනත් දූෂණ චෝදනාවකට සිරගත කරනු ලැබිණි. නමුත් පසුව ඉස්ලාමාබාද්හි ඉහළ අධිකරණයක් විසින් වසර දහයක අත්හිට වූ සිරදඬුවමක් සමග ඔහු ඇප මත නිදහස් කරන ලදී.
නවාස් ෂරීෆ් සිරගතව සිටින අතරතුර පැවැත් වූ මහ මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය පරාජයට පත්විය.
හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් නියෝජනය කරන පීටීඅයි පක්ෂයට වැඩි ආසන ගණනක බලය හිමි වූ අතර දූෂණය මැඩලීම ඔවුන්ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුව විය.
සඳුදා (දෙසැම්බර් 24) තීන්දුව ලබාදෙන අවස්ථාවේ අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි.
නවාස් ෂරීෆ් නැවත සිරගත කිරීමට එරෙහිව විශාල විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් පවා අඩපණ කරන බවට ඔහුගේ ආධාරකරුවෝ තර්ජනය කරති.
කෙසේ වෙතත් අධිකරණය පිටත සිටි ඔහුගේ ආධාරකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් පොලු පහර එල්ල කර තිබේ.
තීන්දුව පිළිබඳ ප්‍රතිචාරය පළ කරමින් නවාස් ෂරීෆ් කියා සිටියේ දේශපාලන පෙළඹීම් මත මෙම තීන්දුව ලබා දී ඇති බවය.
සෞදි අරාබියේ පිහිටි යකඩ කර්මාන්ත ශාලාවක අයිතිය සහ ආදායම තහවුරු කිරීමට අපොහොසත් වීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.
ලන්ඩන් නගරයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක් මිලදී ගැනීමේදී සිදුකළ බව පැවසෙන දූෂණ සම්බන්ධයෙන් මින් පෙර අධිකරණයක් විසින් ඔහුට වසර 10ක සිර දඬුවමක් නියම කළේය.
එවර ඔහුගේ දියණිය වන මරියම් නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් සහ ඔහුගේ බෑනා වන සෆ්දාර් අවාන්ට ද වසරක සිර දඬුවමක් නියම කෙරිණ. නමුත් ඔවුන් සියලු දෙනා ඇප මත මුදා හැරිණි.
එක්සත් රාජධානියේ ලන්ඩන්හි පිහිටි දේපළ ගණනාවක් සම්බන්ධයෙන් පැවති මෙම නඩුව හඳුන්වා ඇත්තේ Avenfield Reference යනුවෙනි.
ලන්ඩනයේ නිවාස මිලදී ගැනීම පිණිස අගමැති නවාස් ෂරීෆ්ගේ දරුවන් විදේශීය සමාගම් යොදාගෙන ඇතැයි 2015දී පැනමා ලිපි ගොනුවලින් අනාවරණය වී තිබුණි.
බීබීසී ලෝක සේවයේ එම්රේ අසීස්ලේර්ලි (Emre Azizlerli) සකස් කළ ලිපියක් ඇසුරෙනි.
මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල 1971 කැරැල්ලේ හත්වැනි විත්තිකරුය. කැරැල්ලේදී ජවිපෙ වෘත්තීය අංශයේ නායකයා වූ ඔහු සාමාජිකයන් අතර ප්‍රකට
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2006 - 2012 කාල වකවානුව සිහිපත් කරන විට මට සිහිවන්නේ හංස සංදේශයේ කාව්‍යයකි.
ජාත්‍යන්තර සංක්‍රමණ නීති අනුව මුහුදු මගින් එන යම් සරණාගතයකු ආපසු තම රටට යාම ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගොඩ බැස සිටින රටේම සරණාගතයකු ලෙස සිටීමට අවසරය ඇත. ඉ
න්‍යායික තලයේදි මාධ්‍ය සමග ගනුදෙනුව ගැන ආණ්ඩුවට හොඳ දැනුමක් තිබුණත් ප්‍රායෝගික තලයෙදි යම් ආගන්තුකභාවයක් පෙන්නුම් කරනවා.
මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොලේ
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දූෂණවලට වරදකරු වූ පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට යළි සිර දඬුවම්