IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


රෝගීන් සුවපත් කරවන අරුම පුදුම වෙදකම

 

 

​‘රේකි’ නූතන ලෝකය විසින් විකල්ප වෛද්‍ය ක්‍රමයක් ලෙස හඳුනාගෙන ඇති වෛද්‍ය ක්‍රමයකි. දැනට ලෝකයේ පිළිගත් වෛද්‍ය ක්‍රමය ලෙස සැලැකෙනුයේ බටහිර ඇලොපති වෛද්‍ය ක්‍රමයයි. එහෙත් බටහිර ජාතීන්ගේ ආගමනයට පෙර මෙරට පිළිගත් දේශීය වෛද්‍ය ක්‍රම භාවිත වූ බව පිළිගත් සත්‍යයකි. මේ හැම ක්‍රමයක දීම රෝගීන් සඳහා ඖෂධ ලබාදීම සිදු වුණි.


එහෙත් ලෝකයේ පසුගිය දශක කිහිපයක සිට ක්‍රමයෙන් ඖෂධ භාවිතයෙන් තොරව කෙරෙන ප්‍රතිකාර ක්‍රම දෙස විමසිල්ලෙන් යුතුව බලා සිටින බව පැහැදිලිය. ඉදිරි දශක දෙක තුන තුළ දී ඖෂධ භාවිතයෙන් තොර වූ ශක්තිය මුල් කරගත් වෛද්‍ය ක්‍රමවලට මුල් තැන ලැබෙන බවට සාක්ෂි ලැබෙමින් පවතී,   
මෙවැනි ශක්තිය පදනම් කරගත් එක් ප්‍රතිකාර ක්‍රමයක් (Energy healing System) ලෙස රේකී (REIKI) නමින් ප්‍රචලිත වෛද්‍ය ක්‍රමය ඉස්මතු වෙමින් පවතී.   
දැනටමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන රෝහල් සහ ප්‍රධාන රේකී ප්‍රතිකාර මධ්‍යස්ථාන හැටකට (60) වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යන බව www.reikiinhospitals.org යන අන්තර්ජාල වෙබ් අඩිවියේ දක්වා ඇත.   


ඇමෙරිකා එක්සත් ජනපදය හැරුණු විට කැනඩාවේ හා දකුණු ඇමෙරිකානු රටවලත් මෙය පැතිරී ඇත. එම රටවල් හැරුණු විට යුරෝපාකරයේ ජර්මනිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඕලන්දය, ඉතාලිය ආදී තවත් බොහෝ රටවල ද මහා බ්‍රිතාන්‍ය ඇතුළු එක්සත් රාජධානියට අයත් රටවල ද මෙම ක්‍රමය පිළිගත් මට්ටමේ පවතින බව කිව යුතුය. ආසියා මහද්වීපයේ ඉන්දියාව, චීනය, කොරියාව, තායිලන්තය, තායිවානය, වියට්නාමය වැනි රවටල චි (CHI) නමින් ද ජපානයේ කි (KI) නම් ශක්තිය පදනම් කරගත් ක්‍රමවේද ලෙසින් ද මෙය භාවිත වේ. ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ද මෙම ක්‍රමය රෝහල්වල භාවිත කරනු දැකිය හැකිය.   
මෙම ක්‍රමයේ දී ඔෟෂධයක් ලෙස රෝගියාගේ ශරීරයට යොමු කෙරෙන්නේ ශක්ති ප්‍රවාහයකි. එය වර්තමාන ලෝකයේ හඳුනාගෙන අැත්තේ දිගු අධෝරක්ත කිරණය (FAR INFRARED) ලෙස යි. දැනුදු රෝග නිවාරණය සඳහා විවිධ කිරණ උපයෝගී කරගත්ත ද ඒවායේ හානිකර තත්ත්වයන් ඇති බව හඳුනාගෙන ඇති නමුදු මෙම දිගු අධෝරක්ත කිරණය සත්ත්ව ශරීරයට කිසිම ආකාරයකින් හානිකර නොවන බව තහවුරු වී ඇත. එහෙත් මේ ක්‍රමය වර්තමාන ලෝකයට හඳුන්වාදීමට මුල් වූයේ ටිබැටයේ සහ නේපාලයේ විසූ රහතන් වහන්සේලා බව විස්තර වී ඇත. එදවස මේ ක්‍රමය හැඳින් වූයේ බූඩෝ (Buddho) ක්‍රමය ලෙසයි. දැනුදු ටිබැටයේ ඈත පිටිසර ගම්මානවල මෙනමින් මේ ක්‍රමය භාවිත වෙන බව ද සඳහන්ය.   


බෞද්ධ සහ හින්දු චින්තනයට අනුව මෙම ශක්තිය විශ්වයේ නිර්මාණයට හේතු වූ මූලික ශක්තීන් වන පඨවි, අාපෝ, තේජෝ සහ වායෝ යන සතර මහා භූතයන් මුල් කරගෙන නිර්මාණය වී ඇත. මෙම ශක්තිය ඥානාන්විත (Intelligent Energy) ශක්තියක් ලෙස විස්තර වේ. නූතන භෞතික විද්‍යාවේ දී එය එසේ පිළිගැනේ.   
මේ නිසා විශ්වයේ දරුවන් වෙන සත්ත්වයන් රෝගවලින් පෙළෙන විට ඔවුන්ගේ ආරක්ෂාවට මෙම ශක්තිය ලබාදෙන බව පිළිගැනේ මෙයට හේතුව සත්ත්වයා ද නිමවී ඇත්තේ මෙම ශක්තීන්ගේ එකතුවක් ලෙස වීමයි.   
මෙම ක්‍රමය ලොව දියුණු ශිෂ්ටාරචාර පැවැති සමයවල දී පැවැති බවටත් විශේෂයෙන් මධ්‍යම ඇමෙරිකාවේ විසූ ඉන්කාවරුන්ගේ මෙන්ම මිසරයේ පාරාවරුන්ගේ කාලයේ දී ද පැවැති බවටත් තොරතුරු ලැබී ඇත.   
බුදුන් වහන්සේගේ කාලයෙන් පසු වැඩ විසූ රහතන්වහන්සේගෙන් මේ ක්‍රමය ආසියාව පුරා පැතිර ගොස් තිබුණ ද නූතන ලෝකයට මෙම ක්‍රමය හඳුන්වාදීමට මුල් වූයේ ජපානයේ විසූ ආචාර්ය මිකාඩ් උසුයි. ඔහුගේ ප්‍රධාන ගෝලයා වූ ජපන් නාවික හමුදාවේ විශ්‍රාම ලත් වෛද්‍යවරයකු වූ චුජිරෝ හයාෂි වෛද්‍යවරයා විසින් මෙය වෛද්‍ය ක්‍රමයක් ලෙස ලොවට හඳුන්වා දෙන ලද බව ඉතිහාසයේ සටහන්ව ඇත.   


චුජිරෝ හයාෂි ගේ ගෝලයකු බවට පත් වූ හවායි දේශයේ හයායෝ ටකාට මහත්මියගෙන් මෙම ක්‍රමය ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු විය. පසුව ශිල්පය උගත් විවිධ පුද්ගලයන් නිර්මාණය කරගත් ගුරුකුල ඔස්සේ මෙම ක්‍රමය විවිධ රවටල ව්‍යාප්ත වී ඇත.   
අප අනුගමනය කරන්නේ චුජිරෝ හයාෂි ගේ එක් ගෝලයකු වූ පූජ්‍ය ටකෙඋචි නම් හිමියන්ගේ ද ගෝලයකු වූ පූජ්‍ය ටකමොරි නම් හිමියන්ගෙන් මෙම ශිල්පය උගත් ශ්‍රී ලාංකිකයකු වූ ආචාර්ය (Phd) රංග ප්‍රේමරත්න විසින් හඳුන්වා දෙන ලද රේකී ජින් කෙයිඩෝ නම් ගුරුකුලයයි.   
මෙම ක්‍රමය මඟින් වර්තමාන ලෝකයේ ප්‍රධාන ගැටලුවක්ව පවතින බෝ නොවන රෝග ගණයට වැටෙන සියලු රෝගවලට සහනයක් ලබාගත හැකියි.   
සත්ත්වයා රෝගී බවට පත්වීමට ප්‍රධාන හේතුව ලෙස මෙමගින් හඳුනාගෙන ඇත්තේ දැරිය නොහැකි තරමට ශරීරය තුළ විවිධ විෂ වර්ග තැන්පත් වීමයි. මෙම විෂ ශරීරය තුළට ඇතුළු වෙන්නේ ආහාරවලින් පානවලින් මෙන්ම දුම්බීමෙන් සහ මත්පැන් භාවිතයෙනි. මේ හැර පරිසරයේ ඇති ශරීරයට අහිතකර විෂ වායු වර්ග ද විවිධ කිරණ වර්ග ද හේතු වේ. එසේම මානසිකව ඇති කරගන්නා තත්ත්වයන් ද මීට හේතුවෙන බව හඳුනාගෙන ඇත. තවද අද ලෝකයේ මිනිසා භාවිත කරන විවිධ ඔෟෂධ වර්ගවලින් විෂ ශරීරයට ඇතුළු වෙන බව සොයාගෙන ඇත.   


මෙම විෂ ශරීරයේ විවිධ තැන්වල ස්එටිකාකාරව තැන්පත් වී රෝග ලක්ෂණ පහළ කරයි. මෙවැනි තත්ත්වයකට පහසුවෙන් හඳුනාගත හැකි සාක්ෂ්‍ය වෙන්නේ හෘද රෝග ඇති කිරීමට මුල්වෙන එක් සාධකයක් වෙන ප්‍රධාන කිරීට ධමනිවල (Main Artirary) බැඳෙන විෂ ය. මේවා එන්ජියෝග්රෑම් නම් පරීක්ෂණය මගින් හඳුනා ගැනේ. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව ධමනි තුළ ලේ ගමනාගමනයට බාධා ඇති කරවන ස්ථානවල ස්ටෙන්ට් (STENT) යෙදීම හෝ බයිපාස් සැත්කමක් කිරීම හෝ කළ යුතු වේ. එහෙත් රේකී මගින් එම කිරීටක ධමනි තුළ ඇති වූ අවහිරතාවන් ඉක්මනින් ඉවත් කරයි.   
රෝගයක් ඇතිවෙන්නේ නහරවල හෝ ස්නායුවල හෝ විෂ තැන්පත් වීම නිසාය. එම විෂ මෙම දිගු අධෝරක්ත කිරණය ශරීරය තුළට යොමු කිරීමෙන් දියකර හැරීමට සමත් වෙන නිසා රෝග නිවාරණයට වෙනත් ඔෟෂධයක අවශ්‍යතාවක් පැන නොනගී.  
වකුගඩුවක් අක්‍රිය වීමට වකුගඩුවේ ලේ පෙරීමට ඉවහල් වෙන නියුෆ්‍රන්ස් නම් පෙරනයන්ගේ දුර්වලතාව හේතු වේ. අක්‍රිය වූ දුර්වල වූ මෙම පෙරනයන් ශක්තිමත් වීම හා යථා තත්ත්වයට පත් වීම මෙම කිරණවලින් සිදු වේ.   


වකුගඩු රෝගියකුගේ වකුගඩු අක්‍රිය වීමේ දී කෙරෙන ලේ පරීක්ෂණයක දී සේරම් ක්‍රිටිනයින් (SERAM CRETININE) නම් විෂ කොටස් ලේවල දක්නට ලැබේ. මෙහිදී වකුගඩුවලට මෙම අධෝරක්ත කිරණ යොමු කිරීමෙන් එම අහිතකර තත්ත්වයන් වෙනස් වී හිතකර තත්ත්වයක් පෙන්නුම් කරයි.   
පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථියේ ඉදිමුමට මෙන්ම කාන්තාවන්ගේ ඩිම්බකෝෂ ඇසුරින් හටගන්නා රෝගවලට ද විශේෂයෙන් ප්‍රජනන කාර්යයට බලපාන බොහෝ දෝෂ නිවැරදි කිරීමට ද මෙම ක්‍රමය භාවිත කළ හැකිය.   


මෙසේ ඇතිවෙන විවිධ රෝග සුව කිරීමට රේකී ක්‍රමය යොදාගත හැකි අතර බෝ නොවන රෝග සුව වීම නිසා ශරීර අභ්‍යන්තරයේ නව නිරෝග සෛල සහ පටක වර්ධනය වී එමගින් ප්‍රතිශක්තිකරණය ද ශක්තිමත් වෙයි. බෝවෙන රෝග ඇති වීමට ඇති ඉඩකඩ ද එ මගින් නැතිව යයි.   
ඉහත දැක්වූ රෝග තත්ත්වයන්ට අමතරව හන්දිපත් අමාරු, ඉරුවාරදය, දියවැඩියාව, සෙම් රෝග වැනි විවිධ රෝග සුව වීමට මෙම රේකී වෛද්‍ය ප්‍රතිකාර ඉවහල් වේ.   
මේ හඳුනාගැනීමෙන් පසු මෙම ක්‍රමය ප්‍රචලිත කිරීම සඳහා රෝග සුව කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරීමේ අවශ්‍යතාව නිසා දැනට කිරිබත්ගොඩ කන්ද පාරේ අංක 32B යන ස්ථානයේ නව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අරඹා ඇත.   

 

 

විජයසේන ගංගොඩගේ  
රේකී මාස්ටර් - රේකී ජින්කෙයිඩෝ   

 



අදහස් (0)

රෝගීන් සුවපත් කරවන අරුම පුදුම වෙදකම

ඔබේ අදහස් එවන්න

 

නිම්තෙර

දැන් පොලිසිය දැක්කම වේගය අඩු කරලා වැඩක් නෑ
2025 මාර්තු මස 10 21 0

සැබැවින්ම එය වැකියකටත් වඩා යථාර්ථවාදී මතයක පිහිටා තැනූවක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. වර්තමානය වන විට නාගරීකරණයට ලක්වූ මාර්ගවල වාහන තදබදය අධික ලෙස ව


ජීවත්ව සිටියදී මරණ සහතිකය ලියාගත් නදීකා
2025 මාර්තු මස 03 183 0

මරණයට පෙර අවසන් කැමති පත්‍රයක් ලියා තැබීම, අවසන් කටයුතු සඳහා මිල මුදල් වෙන් කර තැබීම ආදිය විරල නොවුණු සුලබ සිදුවීම් බවට පත්ව තිබේ. එහෙත් ඒ කිසිවකුට තමන්


සංචාරක කර්මාන්තයට ඇති අනතුර පාතාලය පමණද?
2025 මාර්තු මස 03 24 0

පාතාල කල්ලි අතර ගැටුම් උග්‍ර වී මිනිසුන් මරා දැමීම් ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය රටේ සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම් ඇති කරන බවට ද මත පළ වේ.


සාපෙළ දිනන උතුරු මැද ක්‍රියාන්විතය රෑ ඉස්කෝලේ
2025 පෙබරවාරි මස 24 49 0

දිවයිනේ පළාත් අතුරින් උතුරැ මැද පළාත අධ්‍යාපන මට්ටමින් පසුගිය 1999 වර්ෂයේ දී සිවුවන ස්ථානය ට පත්ව තිබුණි.


ලංකාව යනු ආදරය නොහදුනන රටක් සිංහල භාෂාව පිළිබද දේශක අකිල විමංග සෙනවිරත්න
2025 පෙබරවාරි මස 17 125 0

“ ආදරය “ මඟහැර යන්නට නොහැකි, විශ්වාසයට කියන තවත් නමකි, තව පැත්තකින්, ප්‍රේමය යනු රූස්ස ගස් වගේ මිනිස්සු ද පරඬැල් වගේ දිය කරවන මහ පුදුම හැඟීමකි. ආදරය තරම්,


මනෝකායෙන් කළු කුහරය වෙතට ගිය ගමන
2025 පෙබරවාරි මස 17 219 0

කළු කුහරයක් යනු විශ්ව අවකාශයේ, එසේත් නැත්නම් අවකාශ - කාලයේ (space - time) පිහිටීම හෙවත් සාමාන්‍යයෙන් පවතින ආකාරය අසාමාන්‍ය ලෙස හකුළා දැමිය හැකි තරම් අධික ගුරුත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 218 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 509 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site