අයිතිකරුට බාරදෙයි
(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පරණ පත්තර සහ අබලි ද්‍රව්‍ය එකතු කිරීමේ රැකියාවේ නියුතු පුද්ගලයකු රුපියල් 100කට මිලදී ගත් පත්තර මිටියක තිබූ රුපියල් ලක්ෂ තුනක මුදලක් එහි අයිතිකරුට බාරදීමේ සිද්ධියක් හොරණින් වාර්තා වේ.
හොරණ, පෝරුවදණ්ඩ, පැලවිටිගොඩ අංක 138 ලිපිනයේ පදිංචි ආර්. කරුණාරත්න මහතා කුඩා ලොරියකින් හොරණ සහ අවට ප්‍රදේශවල සැරිසරමින් පරණ පත්තර, අබලි ද්‍රව්‍ය ආදිය එකතු කර ඒවා විකුණා සාධාරණ ජීවිකාවක් කරගෙන යන එක් දරු පියෙකි.
ඉකුත් 17 වැනිදා ඔහු සිය සේවකයා වන හොරණ ඇලකන්ද පදිංචි වේලු සම්මුගන් සේදරන් සමග කුඩා ලොරියක ගැට ගසන ලද ශබ්ද විකාශන යන්ත්‍රයක් උපයෝගී කරගෙන පරණ පත්තර හා ඉවත ලන අබලි ද්‍රව්‍ය මිලදී ගන්නා බවට ප්‍රචාරය කරමින් හොරණ නගරය ආසන්නයේ අතුරු මාර්ග රැසක නිවාස කිහිපයකට ගොස් ඒවා මිලදීගෙන අනතුරුව 20 කණුව ප්‍රදේශයට ද ගොස් ඇත.
එම ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් ඔවුන්ට කතා කර නිවසේ තිබූ පරණ පත්තර තොගයක් දී තිබූ අතර කිලෝ දහයක් තිබූ එම පත්තර තොගයට රුපියල් සියයක් දී එම පත්තර තොගය පොහොර උරයක දමාගෙන එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.
එම ප්‍රදේශයේම තවත් නිවාස කිහිපයකින් යකඩ, ප්ලාස්ටික් හා පරණ පත්තර ද මිලදී ගත් කරුණාරත්න එකතු කරගත් සියලුම දෑ වෙනදාත් විකුණන හොරණ, මුණගම අබලි ද්‍රව්‍ය වෙළෙඳසැල වෙත සිය සේවකයා හා ලහි ලහියේ පිටත් වූයේ ලොරියේ කාර්මික දෝෂයක් කාර්මිකයකු ලවා සකසාගැනීමේ අවශ්‍යතාව තිබූ හෙයිනි.
මුණගම වෙළෙඳසල කරා ලොරිය පැද වූ කරුණාරත්න සිය සේවකයා ලවා එකතු කරගත් සියලුම භාණ්ඩ ලොරියෙන් පිටතට ගෙන වෙන් කරන්නට විය.
සිය සේවකයා ලොරියේ පිටුපසට වන්නට තිබූ පත්තර දැමූ පොහොර බෑග් ඔහු වෙත දුන් අතර කරුණාරත්න ඒවා පිටතට ගෙන සකස් කරමින් සිටියදී පත්තර අතර රබර් පටියක් දැමූ මුදල් නෝට්ටු මිටියක් තිබෙන අයුරු දැක ඇත.
වහා එය අතට ගත් ඔහු වෙළෙඳසැලේ පසෙකට ගොස් කාටත් නොපෙනෙන පරිදි පරීක්ෂා කිරීමේදී රුපියල් පන් දහසේ නෝට්ටු හැටක් ඒ තුළ අඩංගුව තිබෙන අයුරු දැක ගත හැකි වී තිබේ.
ඒ බව සිය සේවකයාට හෝ නොපැවසූ කරුණාරත්න එදින එකතු කරගත් සියලුම පත්තර ඇතුළු අබලි ද්‍රව්‍ය එම වෙළෙඳසලට දී ඒ වෙනුවෙන් මුදල් ද රැගෙන ලොරිය සාදා ගැනීමට හොරණ නගරයේ ස්ථානයකට ගියේ රුපියල් ලක්ෂ තුනේ හිමිකරු එදිනම සොයා ගැනීමේ හෝ සොයා එයි යන අදහසිනි.
මේ අතරතුර 20 කණුව ප්‍රදේශයේ නිවසේ කරුණාරත්න පත්තර විකුණූ කාන්තාවගේ සැමියා නිවසට පැමිණ පත්තර අතර සැඟවූ මුදල් අවශ්‍යතාවකට ගැනීම සඳහා එම ස්ථානයට ගොස් තිබේ.
ආර්. කරුණාරත්න මහතා (වමේ) ඔහුගේ සේවකයා වන වේලු සම්මුගන් සේදරන් (දකුණේ) පරණ පත්තර හා අබලි ද්‍රව්‍ය එකතු කරන ලොරිය ඉදිරිපිට දී
රුපියල් ලක්ෂ තුනක මුදල සඟවා තිබූ පත්තර ගොඩ එම ස්ථානයේ දක්නට නොවූයෙන් ඔහු නිවසේ සෑම තැනකම එය සොයා බැලුවේය.
පත්තර ගොඩ නොවූයෙන් පපුව රත්වී දැඩි කලබලයට පත් ඔහු සිය බිරියගෙන් ඒ ගැන විමසීමේදී එම පත්තර තොගය විකුණූ බව පවසා ලොරිය පිළිබඳ හා එහි පැමිණි පුද්ලයන්ගේ හැඩරුව මතක ඇති අයුරින් සැමියාට පැවැසුවාය.
වහා ක්‍රියාත්මක වූ මුදල් හිමිකරු සිය බිරිය ද කැටුව නගරයේ අබලි ද්‍රව්‍ය තොග ගණනට මිලදී ගන්නා ව්‍යාපාරිකයා හමුවට ගොස් නිවසට පත්තර මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන්ගේ හැඩරුව පවසා ඔවුන්ට පත්තර විකුණු බවත් ඒ තුළ ඉඩමක ඔප්පුවක් තිබූ බවත් පවසා ඇත.
එම අඹුසැමි යුවළ පැවසූ තොරතුරු අනුව එම පුද්ගලයා පැල්විටිගොඩ කරුණාරත්න බව වහා හඳුනාගත් ව්‍යාපාරිකයා කරුණාරත්නගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන වෙළෙඳසලට වහා පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.
ඒ අනුව කරුණාරත්න එම ස්ථානයට පැමිණි අතර අඹුසැමි යුවළ ද එම ස්ථානයේ සිට ඇත.
වෙළෙඳ ව්‍යාපාරිකයා කරුණාරත්න අමතා, ‘මෙයාලාගේ ඉඩම් ඔප්පුවක් ඔයා ගෙනාව පත්තර මිටිය තුළ තිබුණලු. ඒක දැම්ම තැන පෙන්වන්නැ’ යි පැවැසීය.
‘නෝනා මහත්මයා පත්තර ගොඩ ඇතුළේ ඔප්පුවක් නම් තිබුණේ නැහැ. මෙන්න මේ සල්ලි මිටිය නම් තිබුණා. හොඳට ගැනලා ගන්න ඔතැන ශතයක්වත් අඩු නැහැ’ යැයි පවසා එම යුවළ අත තැබීය.
පන්දහසේ නෝට්ටු 60කින් සමන්විත රුපියල් ලක්ෂ 3ක මුදල නිසි පරිදි වූයෙන් එම යුවළ ඒ මොහොතේම කරුණාරත්නට රුපියල් හතළිස් දහසක මුදලක් දීමට කෘතඥ විය.
කරුණාරත්න ඔවුන් ඉදිරිපිටදීම තම සේවකයා වූ සේදරන් වෙත රුපියල් විසි දහසක් පරිත්‍යාග කළේ තම ගුණවත්කම තවදුරටත් කියාපාමිණි.
මීට වසර කිහිපයකට පෙර ත්‍රීරෝද රථ රියැදුරෙකු ලෙස සිටි කරුණාරත්න පවුම් දෙක හමාරක් බරැති අත්පළඳනාවක් මෙන්ම රුපියල් හතළිස් දහසක මුදල් පසුම්බියක් ඔහුගේ ත්‍රීරෝද රථයේ වැටී තිබියදී අහුලා අයිතිකරුවන් වෙත බාරදීමට තරම් අවංක කාරුණික හදවතක් තිබූ පුද්ගලයකු බවට ඔහු හා කළ කථා බහේදී හෙළි විය.
රුපියල් ශතවලට මනුස්සකම අමතක වී අමනුෂ්‍යකම ඉස්මතු වන අවධියක කරුණාරත්න වැනි මිනිසුන් මුළු සමාජයටම ආදර්ශයක් බව මෙම සිද්ධිය ගැන ඇසූ දුටු සියල්ලෝම පැවැසූහ.
මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල 1971 කැරැල්ලේ හත්වැනි විත්තිකරුය. කැරැල්ලේදී ජවිපෙ වෘත්තීය අංශයේ නායකයා වූ ඔහු සාමාජිකයන් අතර ප්‍රකට
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2006 - 2012 කාල වකවානුව සිහිපත් කරන විට මට සිහිවන්නේ හංස සංදේශයේ කාව්‍යයකි.
ජාත්‍යන්තර සංක්‍රමණ නීති අනුව මුහුදු මගින් එන යම් සරණාගතයකු ආපසු තම රටට යාම ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගොඩ බැස සිටින රටේම සරණාගතයකු ලෙස සිටීමට අවසරය ඇත. ඉ
න්‍යායික තලයේදි මාධ්‍ය සමග ගනුදෙනුව ගැන ආණ්ඩුවට හොඳ දැනුමක් තිබුණත් ප්‍රායෝගික තලයෙදි යම් ආගන්තුකභාවයක් පෙන්නුම් කරනවා.
මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොලේ
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රුපියල් 100 ට විකුණූ පරණ පත්තර ගොඬේ ලක්ෂ 3 ක්