IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


​ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපනය ලබාදෙන ෆින්ලන්තය

 

 

ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ ෆින්ලන්තයේය. ෆින්ලන්ත දරුවකු පාසලකට ඇතුළත් වන්නේ වයස අවුරුදු 7ට පසුවයි.  


අපේ රටවල මෙන් වයස අවුරුදු 1 1/2 දී ක්‍රීඩා පාසල් (Play School), අවුරුදු 2 1/2 දී නිදහස් බාලාංශය (Free K.G.), අවුරුදු 3 දී ප්‍රාථමික බාලාංශය (L.K.G.), අවුරුදු 4 දී ඉහළ බාලාංශය (U.K.G.) ආදී වශයෙන්ම දරුවන්ට දරුණු වධ දීමක් ෆින්ලන්තයේ දක්නට නැත.   


මවගේ ගර්භාෂයෙන් පිටතට පැමිණි වහාම දුව ගොස් පන්ති කාමරයක වාඩිවීමේ හදිසියක් හෝ අවස්ථාවක් ෆින්ලත්ත දරුවන්ට නැත.   


නින්දෙන් තොර වූ සෑම මොහොතකම දරුවෙකු  ඉගෙනීමක් ලබයි. කඩිසරව ක්‍රියාත්මක වන දරුවාගේ කුඩා මොළය, තම පරිසරයේ දක්නට ලැබෙන සෑම චලනයකින්ම සෑම ශබ්දයකින්ම යමක් ඉගෙන ගනී. ගසකින් කොළයක් බිම වැටීම, කුඩා බීජයකින් පැළයක් හටගැනීම, සංගීතයෙන් බිහිවන ශබ්දය හා පක්‍ෂීන් පියාසර කිරීම වැනි දේවල්වලින් ද දරුවෙක් යමක් ඉගෙන ගනී.   


එලෙස ඉගෙනීමට අවස්ථාවක් ලබා නොදී දරුවා නමැති මුල උදුරා ඔවුන්ව පන්ති කාමරවල ගාල් කිරීමෙන් දරුවන්ගේ දැනුම වැඩිවෙනු ඇතැයි සිතීම ඉතාම සාවද්‍ය විශ්වාසයකි.   
අවුරුදු හතේදී පාසලට ඇතුළත් වන ෆින්ලන්ත දරුවා ඊළඟ අවුරුදු තුනක කාලය තුළ, පාසලට යන්නේ අවුරුදදෙන් මාස හයක් පමණි. අවුරුද්දේ ඊළඟ මාස හයම ඔහුට නිවාඩු කාලයකි.   


දිනපතාම පාසලෙහි ඉගෙනුම් කටයුතු කෙරෙන්නේ ද සීමිත පැය කීපයක් පමණි. ඒ සීමිත කාලය තුළ පවා අධ්‍යාපනයට ලබාදෙන කාලය හා සමාන කාලයක් සංගීතය, චිත්‍ර හා ක්‍රීඩාවලට වෙන් කෙරේ.   


සෑම පාසලකම විවේක කාමර ඇත. ඉගෙනීමට කැමැත්තක් (රුචියක්) නොදක්වන හා විඩාවට පත්වන දරුවන් එම විවේක කාමරවලට ගොස් විවේක සුවය ලබාගත හැකිය.   
විශේෂයෙන් දරුවන්ගේ වයස 13 වන තෙක් ප්‍රාථමික හා ද්විතියීක ලෙස ඔවුන්ගේ පන්ති බෙදීම සිදු කෙරේ. දරුවන්ගේ ප්‍රගති වාර්තා ඔවුන්ගේ මව්පියන්ට ලබාදී ඔවුන්ගේ අත්සන් ලබාගැනීමේ ක්‍රමයක් ද ක්‍රියාත්මක නොවේ.   


තම දරුවාගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය වූ මව්පියකුට ඒ සඳහා පුද්ගලිකව ඉල්ලුම් කර බලාගත හැකි වේ. අධ්‍යාපනයෙහි තරගයක් නොපවතින බැවින් විභාගවලදී තමන් උපරිම ලකුණු ලබාගත යුතුය යන සිත් තැවුලක් ෆින්ලන්ත ශිෂ්‍යයන්ට නැත.   


අනෙකුත් ශිෂ්‍යයන් තමන්ගේ තරගකාරයන් ලෙස දැකීමේ සිරිතක් ඒ ශිෂ්‍යයන් අතර නැත. ශිෂ්‍යයන්ට ‘ගෙදර වැඩක්’ දෙනු ලබන්නේ ද නැත. ශිෂ්‍යයන් කැමති විෂයක් තෝරා ඒ විෂයෙන් ඔවුන්ට ගෙදර වැඩ කළ හැකිය. එය ද අනිවාර්ය නොවේ.   


එක් පාසලකට ගන්නා ශිෂ්‍යයන්ගේ උපරිම ගණන 600 කි. ෆින්ලන්තයේ පුද්ගලික පාසල් නැත. අධ්‍යාපනය මුළුමනින්ම රජය සතුය.   


ශිෂ්‍යයන් සියලු දෙනාටම සම තත්ත්වයක අධ්‍යාපනක් ලබාදීම රජයේ වගකීමකි. එබැවින් ෆින්ලන්ත ශිෂ්‍යයෝ 99%ක්ම සුඛෝපභෝගී අධ්‍යාපනයේ නිරත වෙති. එයින් 94%ක් උසස් අධ්‍යපනය කරා යති. ටියුෂන් (අමතර පන්ති) නමැති අශික්ෂිත සංස්කෘතිය ඒ රටට හඳුන්වා දී නැත.   


විභාග සමත්වීමේ පදනමකින් තොරවූ මෙවැනි අධ්‍යාපනයක් ලබන ඒ රටේ ශිෂ්‍යයෝ ජාත්‍යන්තර මට්ටමින් පවත්වනු ලබන විභාගවලදී වැඩියෙන්ම ලකුණු ලබා උසස් ප්‍රතිඵල ලබාගනිති.   


ෆින්ලන්තයට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙවැනි ජයග්‍රහණයක් ලැබුණේ කෙසේ ද?   


මෙවැනි අධ්‍යාපන ක්‍රමයේ ජයග්‍රහණ පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ සිටින අධ්‍යාපනඥයෝ පුදුමයට පත් වී සිටිති. මෙම විප්ලවයට හේතු සොයන්නට ඔවුහූ පෙලඹෙමින් සිටිති. එහෙත් එක්සත් ජාතීන්ගේ සමුළුව (UNO) විසින් ඒ සඳහා පර්‌යේෂණ රාශියක් පවත්වා ඊට හේතූන් සොයාගෙන ඇත.   


ලෝකයේ සිටින දරුවන්ගෙන් ඉතාමත් සතුටින් කල් ගෙවන අය පිළිබඳව වාර්ෂිකව පර්‌යේෂණයක් පවත්වා එය ලැයිස්තු ගත කර ඇත. එම ලැයිස්තුවේ කවදත් මුල් තැන ලබා ඇත්තේ ෆින්ලන්තයයි.   


ඉතාමත් සතුටින් කල් ගෙවිය හැකි පරිසරයක ජීවත්වන දරුවෝ විවිධාකාර දැනුමක් ලබාගැනීමට උද්‌යෝගයක් දක්වති. ෆින්ලන්තයේ දක්නට ලැබෙන මෙම අධ්‍යාපන ක්‍රමය පිළිබඳව දැනුම්වත් වීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් සිටින විද්වත්හු හා අධ්‍යාපනඥයෝ ඒ රටේ සංචාරය කරති.  


ඒ වෙනුවෙන් ලෝකයේ රටවල් 56කින් නියෝජිතයෝ 15,000ක් අවුරුදු පතා ෆින්ලන්තයට යමින් සිටිති. වි​ෙද්ශිකයන්ගේ​ මෙවැනි අධ්‍යාපන චාරිකා හේතුවෙන් මහ පරිමාණයේ විදේශ විනිමයක් ෆින්ලන්තයට ලැබෙමින් පවතී.   


එහෙත් ෆින්ලන්තයේ සිටින විද්වතුන් හා අධ්‍යාපනඥයන් ජාත්‍යන්තර මට්ටමින් තමන්ට ලැබෙන ප්‍රශංසා ලබාගැනීමට යුහුසුලු වන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු තම අදහස් මෙලෙස පළ කරති.   


“ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමයයි (Finnish Education System) කිව නොහැකිය. ඊට හේතුව OCED සංවිධානයේ පර්​ෙ‌ය්ෂණවලට ලෝකයේ සියලුම රටවල් භාජනය වනතුරු මෙය පිළිගත නොහැකිය. අපටත් වඩා ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ක්‍රමයක් තිබෙන රටවල් තවත් තිබිය හැකියි” යැයි ඔවුහු නිහතමානීව පවසති. සුළු දෙයකට පවා උද්දාමයට පත්වී තමන් තමන්ටම මල් මාලා පලඳවා ගන්නා විද්වතුන් (කියන අය) සිටින ලෝකයේ ෆින්ලන්ත විද්වතුන්ගේ අදහස් ප්‍රශංසනීය නොවන්නේ ද?   
ෆින්ලන්තයේ ගුරු වෘත්තිය ඉතාමත් ගෞරවනීය මෙන්ම, ශ්‍රේෂ්ඨ වෘත්තියක් ලෙස සැලකේ. එරටේ රජයේ ප්‍රතිපත්තීන් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කර්තව්‍යයට ද ගුරුවරුන්ගේ දායකත්වය අනිවාර්යයෙන්ම ලබා ගැනේ.  


ෆින්ලන්ත තරුණ තරුණියන්ගෙන් තුනෙන් එකක අරමුණ වී ඇත්තේ අනාගතයේදී ගුරුවරයකු බවට පත්වීමයි. එහෙත් ඒ රටේ ගුරු පත්වීම් ලබාගැනීම ද එතරම් පහසු කාර්යයක් නොවේ. 

 
ජ්‍යෙෂ්ඨ පන්තිවල සිටින ඉතාමත් දක්‍ෂ ළමයින් ගුරු පුහුණුව සඳහා තෝරා ගනු ලබති. එම පුහුණුව අවුරුදු පහකි. ඒ අතර නේවාසික පාසල්වලින් ඔවුන් මනා දැනුමක් ලබාගත යුතුයි. ඉන් අනතුරුව මාස හයකට හමුදා පුහුණුවක් ලබාගත යුතුයි. ඉන් අවුරුද්දක කාලයක් විවිධ පාසල් තුළ ගුරුවරයකුට අවශ්‍ය අමතර පුහුණුවක් ලබාදෙනු ලැබේ.   


අවුරුදු හතක පුහුණු කාලයක් තුළ යම් විෂයක් සඳහා වූ ව්‍යාපෘතියක් (සැලැස්මක්) සකස් කිරීම, ළමා අයිතිවාසිකම් පුහුණු කඳවුරුවලට සහභාගී වීම, රටේ නීති රීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මනා දැනුමක් තිබෙන බවට සාක්‍ෂි දරන සහතික ලබා ගැනීම (ඒ සහතික ජාතික සංවිධානවලින් ලබාගත යුතුයි), ගිනි නිවීම, ආත්මාරක්ෂාව පිළිබඳ පුහුණුව, ප්‍රථමාධාර පුහුණුව සඳහා ලබාගත් වෛද්‍ය සහතික වැනි දේ පුහුණුවට අන්තර්ගත වේ.   


ෆින්ලන්ත තරුණ තරුණියන්ට ශ්‍රේෂ්ඨ අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා ගුරුවරුන්ට එවැනි පුහුණුවක් ලබාදීම මගින් එහි අධ්‍යාපන ක්ෂේත්‍රයේ මහ පරිමාණයේ පුනරුදයක් දකින්නට ලැබේ. 

 
අධ්‍යාපනය සඳහා වූ අපේ වගකීම   


• මව්පියන්, අධ්‍යාපනඥයන්, විද්වතුන්, අධ්‍යාපන ආයතනයන් හා රටේ දේශපාලනඥයන් සියලු දෙනා එක් වී මේ පිළිබඳව සංවාදවල නිරත විය යුතුයි.  


• මුලින්ම අපේ දරුවන්ට යහපත් සිතිවිලි ඇතිවීමේ පරිසරයක් බිහි කළ යුතුයි.   


• දරුවන්ට වඩා වැඩිවියට පත් වූ අය, උසස් යැයි නොසිතිය යුතුයි.   


• සැමවිටම දරුවන්ගේ අඩුපාඩුකම් ගැන පමණක් කතා කළ යුතුයි. යහපත් ක්‍රියාවක යෙදෙන සෑම විටම ඔවුන්ට ප්‍රශංසා කළ යුතුයි. එසේ නොකරන්නේ නම් ඔවුන් සිත් තැවුලකට පත්වෙනු ඇත.   


• දරුවකුගේ අනාගතය පිළිබඳව ය​ෙමකුට නිවැරදි තීරණයක් ගත ​නොහැකි මෝඩයකු යැයි කොන් කරනු ලැබූ පුද්ගලයෙක් අනාගතයේදී බුද්ධිමතකු විය හැකිය. එමෙන්ම බුද්ධිමතෙකු යැයි සැමවිට ප්‍රශංසාවට ලක් කරනු ලැබූවකු අනාගතයේදී රටේ නොහොබිනා ක්‍රියාවල නිරත විය හැකිය. එබැවින් දරුවන් පිළිබඳ කිසිවිටක වරදවා තේරුම් ගැනීම වැරදිය.   


උදාහරණ කීපයක් බලන්න : 


• තෝමස් ඇල්වා එඩිසන්’ - ‘මෝඩයෙක්’ යැයි පවසමින් පාසාලෙන් දොට්ට දමනු ලැබූවෙකි. පසු කාලයකදී සොයා ගැනීම් රාශියකට ඔහු හිමිකරුවකු වූයේය.   


• ‘ලුවී පාශ්චර්’ - පාසලේ සිටි සාමාන්‍ය ශිෂ්‍යයෙක්. පසු කලකදී ඔහුට නොබෙල් ත්‍යාගයක් ලැබුණේය.   


• ‘ඇල්බ්‍රට් අයින්ස්ටීන්’ ට ඔහුගේ ගුරුවරයා, ‘මොහු තරමට මොළය නරක් වූවකු මා ජීවිතේටම දැක නැතැයි’ කීය. එහෙත් ඔහු විසිවන ශතවර්ෂයේ අතිශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු බවට පත්විය.   


• දිනපතාම තම දරුවන් සමග විනාඩි කීපයක් ​ෙහා් කතා කරන්න. යහපත් දේම කතා කරන්න. දයාවෙන් හා කරුණාවෙන් කතා කරන්න. ඔවුන්ගේ අඩුපාඩුකම් පිළිබඳව වැඩි වේලාවක් කතා නොකරන්න. ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව කතා කරන්න.   


• දරුවන් සමග තවත් යමකු සසඳන්නට උත්සාහ නොකරන්න. ඔහු - ඔහුමය. ඔබ - ඔබමය. ඔබ පරමාදර්ශී වන්න. ඔබ දෙස බලා ඔවුන් ඉගෙන ගන්නවා ඇත.   


• ඔවුන් සමග කතා කරනවිට ජීවිතය ජයග්‍රහණය කළ අය ගැන කතා කරන්න. එක් එක් ක්ෂේත්‍රවල විශිෂ්ටත්වයක් ලැබූවන් ගැන කතා කරන්න. 

 
• සැමවිටම ආදර්ශමත් පුද්ගලයන් ගැන කතා කරන්න. ප්‍රායෝගික උදාහරණ ගැන කතා කරන්න. ඔවුන්ටත් තම අදහස් ඉදිරිපත් කරන්නට ඉඩදී, ඔවුන්ට වරදින තැන පෙන්වාදී ඔවුන් යහමගට ගන්නේ කෙසේ දැයි කල්පනාවෙන් ක්‍රියාත්මක වන්න.   


• මල් ඉසින ලද පාරවල් ගැන අප ඔවුන්ට කියාදෙන විට ඔවුන් කටු පඳුරුවලින් පිරුණු පාරවල් ගැන දැනුමක් ලබාගන්නවා ඇත.   


• වෙහෙස මහන්සි වී රැකියාවක නිරතවීම පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබාදෙන්න. එවිට රැකියාවක නොයෙදී අලසකමින් කල්පනා කිරීම කෙතරම් කරදරකාරී ජීවිතයක් ද යන්න ඔවුන්ට අවබෝධ වනවා ඇත.   


• ජයග්‍රාහකයන් ගැන ඔවුන් දැනුම්වත් කරනවිට ජීවිතයේ පරාජය වීමේ ප්‍රතිවිපාකයන් ගැන ඔවුන් දැනුවත් වනවා ඇත.   


• කඩිසර ජීවිතයේ වටිනාකම ගැන ඔවුන්ට අවබෝධ කර දෙන විට ඔවුන් කම්මැළිකම අත්හැර දමනවා ඇත.   


• තමන්ගේ නොහැකියාවන් ජයගත් අය ගැන ඔවුන්ට අවබෝධයක් ලබාදෙනවිට නොදැනුම්වත්කමින් ජීවිතයේ පරාජය වූ අය ඔවුන් හඳුන්වා ගන්නවා ඇත.  


මුලින්ම අප වෙනස්විය යුතුයි. සිතන්නට සූදානම් වන්නේ නම් අලුත් මාර්ග බිහිවෙනවා නිසැකයි. නොවෙනස් වන්නේ වෙනස්වීමයි. ප්‍රගතියක් ලැබෙන්නේ යහපත් වෙනස්වීම් තුළිනි.   

 

 


ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමයෙන් අපට උගත යුතු දේ බොහොමයක් ඇත. එලෙස උගෙන අපේ දරුවන්ගේ අනාගතය ද දීප්තිමත් කරමු. 

 

 

 

උකුවෙල - එම්. එච්. එම්. නියාස්



අදහස් (1)

​ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපනය ලබාදෙන ෆින්ලන්තය

Radina Prakash Saturday, 01 January 2022 04:54 PM

අපේ රටත් ෆින්ලන්තය වැනි රටක් වුණා නම්, කිසිම අවහිරතාවක් නොමැති ව දරුවන්ගේ අනාගතය උදෙසා ඉවසීමෙන් කැපවීමෙන් යුතුව කටයුතු කරන එම රටේ පවතින රජය කෙතරම් ශ්‍රේෂ්ඨ ද ?

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 

නිම්තෙර

ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ ආරම්භකයාගේ අභාවය
2025 ජනවාරි මස 27 79 0

මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල 1971 කැරැල්ලේ හත්වැනි විත්තිකරුය. කැරැල්ලේදී ජවිපෙ වෘත්තීය අංශයේ නායකයා වූ ඔහු සාමාජිකයන් අතර ප්‍රකට


පාසල පන්සලක් කළ විදුහල්පති යතිවරයාණෝ
2025 ජනවාරි මස 20 77 0

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2006 - 2012 කාල වකවානුව සිහිපත් කරන විට මට සිහිවන්නේ හංස සංදේශයේ කාව්‍යයකි.


මියන්මාරයෙන් ආ අනාථයන් තවත් කල්ලතෝනි ප්‍රශ්නයක් වේද?
2025 ජනවාරි මස 20 64 0

ජාත්‍යන්තර සංක්‍රමණ නීති අනුව මුහුදු මගින් එන යම් සරණාගතයකු ආපසු තම රටට යාම ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගොඩ බැස සිටින රටේම සරණාගතයකු ලෙස සිටීමට අවසරය ඇත. ඉ


සාමාජයේ සැමටම වඩා තමන් ඉදිරියෙන් සිටිනවා වැනි මානසිකත්වයක් මාධ්‍යයට තියෙනවා
2025 ජනවාරි මස 15 48 0

න්‍යායික තලයේදි මාධ්‍ය සමග ගනුදෙනුව ගැන ආණ්ඩුවට හොඳ දැනුමක් තිබුණත් ප්‍රායෝගික තලයෙදි යම් ආගන්තුකභාවයක් පෙන්නුම් කරනවා.


උදේෂිකා ජීවමානයි
2025 ජනවාරි මස 06 148 0

මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොලේ


විදු නැණ පෑදූ ආනන්දයේ මිණි පහන
2024 දෙසැම්බර් මස 30 99 0

කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ⁣ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site