මෙරට මැතිවරණ ක්‍රමය ආරම්භ වූ දා සිට මේ දක්වා පැවැති සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කිරීමට තරම් වාසනාවන්ත වූ ගම්මුලාදෑනිවරයෙක් ගාල්ල, කලහේ, වංචාවල ‘පියසිරි’ නිවසේ දිවි ගෙවයි. 105 වන වියට එළඹ සිටින ඔහු සැමී යාපා සිරිවර්ධන මහතාය. 1915 ජුනි මස 18 වන දින ගාල්ල මීපේ ග්‍රාමයේ දී මෙලොව එළිය දුටු සැමී යාපා මහතා තම ජීවිත කාලය පුරාවටම මත්පැන් සහ දුම්පානයෙන් තොර ජීවිතයක් ගත කළේය.
1944 සැප්තැම්බර් මස 6 වන දින කලහේ ගම්මුලාදෑනිවරයා ලෙස පත්ව 1963 මැයි මස 1 වන දින දක්වා පුරා වසර දහනමයක් එම තනතුරේ කටයුතු කර තිබූ ඒ මහතාට රජය විසින් ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කිරීම නිසා එම තනතුර අහිමි විය. ගම්මුලාදෑනි ක්‍රමය වෙනුවට ආරම්භ කළ ග්‍රාමනිලධාරි වෘත්තියට පත්වීමට ඔහුට අවස්ථාව හිමිකර දී තිබුණි. එහෙත් ඔහු ඊට එකඟ නොවීම නිසා අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය කටයුතු කර තිබිණි.
1947 අගෝස්තු මස මෙරට පැවති ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පටන් මේ දක්වා පැවැති සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කර ඇති ඒ මහතා එළඹෙන ජනාධිපතිවරණයේ දී දාහත්වන වතාවටත් ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටියි. ඒ මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ ගාල්ල කලහේ ශ්‍රී සුමංගලෝදය මහා විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයේ දීය.
සැමී යාපා සිරිවර්ධන මහතා සිය අතීතය ආවර්ජනය කරමින් මෙසේ කීය. ඒ කාලේ අදටත් වඩා උනන්දුවෙන් ජනතාව ඡන්ද කටයුතුවල නිරත වුණා. ගමෙන් ගමට ඒ කාලේ ඡන්ද රැස්වීම් තිබුණා. ඒ කාලේ පොල් ගෙඩි තොරණ, ගොක් කොළ තොරණ එහෙම ගහලා තමයි අපේක්ෂකයන් පිළිගත්තේ. අද වගේම එදත් අපේක්ෂකයෝ කරන්න බැරි දේවල් කියලා තමයි ජනතාවගෙන් ඡන්ද ලබාගත්තේ.
මම ගම්මුලාදෑනි තනතුරට පත් වුණේ 1944 දීයි. ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණේ ඊට වසර තුනකට පසු 1947 වසරේයි. ඒ ඒ අපේක්ෂකයන් සඳහා ඔවුන්ගේ අනන්‍යතාව හැඟවෙන පරිදි තබා තිබූ පාට පාට ඡන්ද පෙට්ටිවලට තමයි අපි ඒ කාලයේ ඡන්දය දැම්මේ. අද වගේ ඡන්ද නියෝජිතයෝ උන්නේ නැහැ. රජයේ නිලධාරීන් කීප දෙනෙකු පමණයි ඡන්ද මධ්‍යස්ථානවල උන්නේ. ඡන්දය ගණන් කිරීමත් එම මධ්‍යස්ථානවල දීම සිදු වුණා.
ඉස්සර එක් පක්ෂයකින් එක් ආසනයක් සඳහා එක් අපේක්ෂකයකු පමණක් ඉදිරිපත් කළා. එක් අපේක්ෂකයකු ජයග්‍රහණය කරාම එයාගේ ගෝලයෝ සටන්පාඨ කියමින්, රබන් වයමින්, ගල් වෙඩි ගසමින් ගම වටේ ගියා. කැවුම් කිරිබත් කමින් සතුටු වුණා. ඉස්සර ඡන්දය දාන්න හැඳුනුම්පත අවශ්‍ය වුණේ නැහැ. මේ නිසා සමහරු දෙතුන් වතාවක්ම හොරට ඡන්දය දාපු අවස්ථා ද තිබුණා.
අද වගේ වෛවර්ණ පෝස්ටර් කටවුට් ඒ දවස්වල දකින්නවත් තිබුණේ නැහැ. මුද්‍රණාලයකින් අච්චු ගැසූ තනිපාට කුඩා පෝස්ටර් තමයි ගස්වල, ගල්වල ඇලෙව්වේ. පෝස්ටර් අලවන්න ලොකු තරගයක් එදා තිබුණා. කලින් අපේක්ෂකයාගේ අලවා තිබූ පෝස්ටර් වැසී යන සේ ඒ මතම ඊළඟ අපේක්ෂකයාගේ පෝස්ටර් ඇලවීම සිදුවුණා. මේ නිසා ඇති වූ ආරවුල් පවා විසඳන්න ගම්මුලාදෑනිවරුන් ලෙස අපට සිදුවුණා.
සැමී යාපා සිරිවර්ධන මහතාගේ විශ්‍රාම වැටුප් හැඳුනුම්පත
සැමී යාපා සිරිවර්ධන මහතාගේ උප්පැන්න සහතිකය
සටහන හා ඡායාරූප
රත්ගම ගාමිණී මහදුර
සැබැවින්ම එය වැකියකටත් වඩා යථාර්ථවාදී මතයක පිහිටා තැනූවක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. වර්තමානය වන විට නාගරීකරණයට ලක්වූ මාර්ගවල වාහන තදබදය අධික ලෙස ව
මරණයට පෙර අවසන් කැමති පත්‍රයක් ලියා තැබීම, අවසන් කටයුතු සඳහා මිල මුදල් වෙන් කර තැබීම ආදිය විරල නොවුණු සුලබ සිදුවීම් බවට පත්ව තිබේ. එහෙත් ඒ කිසිවකුට තමන්
පාතාල කල්ලි අතර ගැටුම් උග්‍ර වී මිනිසුන් මරා දැමීම් ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය රටේ සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම් ඇති කරන බවට ද මත පළ වේ.
දිවයිනේ පළාත් අතුරින් උතුරැ මැද පළාත අධ්‍යාපන මට්ටමින් පසුගිය 1999 වර්ෂයේ දී සිවුවන ස්ථානය ට පත්ව තිබුණි.
“ ආදරය “ මඟහැර යන්නට නොහැකි, විශ්වාසයට කියන තවත් නමකි, තව පැත්තකින්, ප්‍රේමය යනු රූස්ස ගස් වගේ මිනිස්සු ද පරඬැල් වගේ දිය කරවන මහ පුදුම හැඟීමකි. ආදරය තරම්,
කළු කුහරයක් යනු විශ්ව අවකාශයේ, එසේත් නැත්නම් අවකාශ - කාලයේ (space - time) පිහිටීම හෙවත් සාමාන්‍යයෙන් පවතින ආකාරය අසාමාන්‍ය ලෙස හකුළා දැමිය හැකි තරම් අධික ගුරුත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ලංකාවේ සෑම මැතිවරණයකදීම ඡන්දය දුන් ගම් ප්‍රධානියෙක්