IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


සැමියා හා බිරිඳ එකම දිනයක අවසන් ගමනේ

 

‘සැරයටියෙන් අපි යනෙනතුරා සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු’

ඒ අභාවප්‍රාප්ත විජය කුමාරතුංගයන් හා චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කළ අපූර්ව ප්‍රේම ගීතයක්. ඒ ගීතයේ සඳහන් ආකාරයටම සැරයටියෙන් ගමන් කරන වයස දක්වාම ඉතා ආදරයෙන් හා සමගියෙන් දිවි ගෙවා එකම දිනෙක අවසන් ගමන් ගිය වයෝවෘද්ධ අඹු සැමි යුවළක් පිළිබඳව අනුවේදනීය මෙන්ම අසිරිමත් කතාවක් ඉබ්බාගමුව ප්‍රදේශයෙන් පසුගියදා අපට අසන්නට ලැබිණි. 


මෙසේ එකම දිනයක අවසන් ගමන් ගියේ ඉබ්බාගමුව, හංගමුව ගම්මානයේ පදිංචිව සිටි එස්.ඒ. සුබතේරිස් මහතා හා ඔහුගේ ආදරණීය බිරිඳ වූ එස්.ඒ. ඇසිලින් නෝනා මහත්මියයි. තම මවගේ හා පියාගේ උපන් දින නිවැරදි ලෙස ප්‍රකාශ කළ නොහැකි නමුත් පියාගේ වයස අවුරුදු එකසිය දෙකක් පමණ විය හැකි අතර මවගේ වයස අවුරුදු අනූවක් පමණ විය හැකි බව ඔවුන්ගේ දරුවෝ පවසති. 


ඒ අනුව මේ අපූරු අඹුසැමි යුවළ අවුරුදු හැත්තෑ පහක්, අසූවක් පමණ තරම් දීර්ඝ කාලයක් අඹුසැමියන් ලෙස එකම වහලක් යට වාසය කර ඇති අතර අවසන් ගමන් යන දින දක්වා කිසිදු දිනයක ඔවුන් දෙදෙනා අඬදබර වනු තමන් දැක නැති බව ඔවුන්ගේ දරුවෝ ප්‍රකාශ කරති. එපමණක් නොව මෙම දෙදෙනා හංගමුවේ ප්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලැබ ඇත්තේ කිසි දිනෙක ආරවුල් ඇතිකර නොගත් ඉතා ආදරයෙන් දිවි ගෙවන සාමකාමි යුවළ ලෙසය. 


කලක් අසනීපව සිටි සුබතේරිස් පසුගිය විසි තුන්වන දින අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමට විසිපස් වැනි දින යොදා ගෙන තිබිණි. එදින උදෑසන මෑණියන් ද මියගිය බව දරුවෝ ප්‍රකාශ කරති. ඒ අනුව පසුගිය විසිහය වැනි දින එකම වළක දෙදෙනාගේම මළ සිරුරු මිහිදන් කර ඇති අතර එය දෙදෙනා අතර තිබූ අසීමිත ආදරය නිසා සිදු වූ ආශ්චර්යවත් සිදුවීමක් බව දරුවෝ මෙන්ම ප්‍රදේශවාසීහු ද ප්‍රකාශ කරති. 


බොහෝ උගත් අඹු සැමියන් විවාහ දිවිය තුළ විවිධ ප්‍රශ්න මුල්කර ගෙන ගැටුම් ඇතිකර ගනිමින් දික්කසාදය දක්වා ගමන් කරන නමුත් දෙක වසර දක්වා පමණ පාසල් අධ්‍යාපනය ලැබ ඇති සුබතේරිස් මහතා හා ඇසිලින් නෝනා මහත්මිය අවුරුදු අසූවක පමණ දීර්ඝ විවාහ දිවිය තුළ දෙදෙනා අතර කිසිම දිනෙක අවම වශයෙන් සැර පරුෂ වචනයක් හෝ හුවමාරු වී නොමැති බව දරුවෝ ප්‍රකාශ කරති. ඇත්ත වශයෙන්ම එය හුදු අතිශයෝක්තියක් නොවන බව අප විසින් වටහා ගනු ලැබුවේ ප්‍රදේශවාසීන් මෙන්ම ප්‍රදේශයේ විහාරාධිපති හිමියන් ද ඒ බව තහවුරු කළ බැවිනි. 


මෙම ආදරණීය යුවළ පුතුන් හතර දෙනෙකු හා දියණියන් තිදෙනකු ලෙස දරුවන් හත් දෙනෙකු මෙලොවට බිහි කර ඇති අතර එම දීර්ඝ විවාහ දිවිය තුළ ඔවුන් දෙදෙනා දින දහයක් හෝ පහළොවක් පමණ ඉතා සීමිත දින ගණනක් හැරුණු විට කිසිම දිනෙක වෙන්ව වාසය නොකළ බව ඔවුන්ගේ දියණියක වන එස්.ඒ. කුසුමාවතී මහත්මිය ප්‍රකාශ කරන්නීය. 


අප හා කතා කළ එස්. ඒ. කුසුමාවතී මහත්මිය මියගිය පියා හා මව පිළිබඳ එම සුන්දර මතකය තවදුරටත් මෙසේ ආවර්ජනය කළාය. 


‘තාත්තත් අම්මත් කිසිම දවසක අඩු තරමින් බහින්බස් වෙනවවත් මම දැකලා නෑ. ඒ දෙන්න දෙන්නට ඉතාම ආදරයෙන් ගරුත්වයෙන් තමයි සැලකුවේ. තාත්ත හැම වෙලාවෙම දරුවන්ගෙ කටයුතු ගෙදර ඉවුම් පිහුම් ගැන පවා හොයලා බලලා අම්මට උදව් කළා. තාත්තාගේ පුරුද්දක් තිබුණා එයා කොහේ හරි ගිහින් කඬේකින් මොනව හරි කෑවොත් ඒව අපටයි අම්මටයි  අනිවාර්යෙන්ම ගෙනත් දෙනවා. ඒ වගේම දුර පළාත්වලට විවාහ වෙලා ගිහිල්ල ඉන්න අපේ අක්කා කෙනෙකුගේ ගෙදරකට ගියත්  තාත්ත මහ රෑ හරි ගෙදර එනවා. අම්මත් එහෙමයි. දෙන්නට දෙන්න කවදාවත් තනි කරන්නෙ නෑ. තාත්ත කළේ තැනින් තැනට ගිහිල්ලා එළවළු වෙළඳාම් කිරීම. ඉතිං තාත්තා, එනන රෑ වුණොත් අම්මා අපට රෑ කන්න දීලා කීයට හරි තාත්ත ආවහම එයාට බත් එක බෙදලා දීලා තමයි අම්ම කන්නෙ. තාත්තත් එහෙමයි. එයා කන්න ගන්නෙ අම්මට කෑම තියෙනවද කියල බලලයි. මොකද ඒ කාලෙ අම්මලා, තාත්තටයි දරුවන්ට කන්න දීලා සමහර වෙලාවට අම්මලා නොකා හරි දන්කුඬේ කාල හරි නිදා ගන්නවා. අපේ තාත්ත කවදාවත් අම්මට එහෙම කරන්න දුන්නෙ නෑ. අම්මට කෑම නොතිබ්බොත් එයාගෙ පිඟානෙන් කොටසක් අම්මට අයින් කරල තමයි එයා කන්නෙ.


තාත්තා දැන් අවුරුදු දෙකකට විතර ඉස්සර අසනීප වෙලා ඔත්පළ වුණා. ඒත් අම්ම හොඳට හිටියා. තාත්තා නිතරම කියනව අම්මට එයා ළඟින්ම ඉන්න කියල. ඉතිං අම්මත් නිතරම තාත්ත ළගින්මයි හිටියෙ. දැනට මාස කීපයකට විතර ඉස්සර අම්මත් අසනීප වුණා. අපි හිතුවෙ තාත්ත අසනීප වෙලා දුක් විඳිනව කියන දුකට තමයි අම්ම අසනීප වෙන්න ඇත්තෙ කියලා.  ඇත්තටම තාත්ත නැතිවුණාට අම්මට මිය යන්න තරම් අසනීප තත්ත්වයක් තිබුණේ නෑ. අපිටත් හරිම පුදුමයි අම්ම මිය ගිය එක ගැන. කොහොම වුණත් අපි හිතන්නෙ දෙන්නම එකට අවසන් ගමන් යනව කියල. සමහර විට ඒ දෙන්න සපථ කරලා තියෙන්න ඇති කියලයි. ඇත්තටම ඒ නිසා දෙන්නම එක දවසෙ අවසන් ගමන් ගියාට එක අතකින් අපි වුණත් දුක් වෙන්නෙ නෑ. මොකද ඒ දෙන්න පතාගෙන ආපු විදිය කියලයි අපි හිතන්නෙ”.


ඉතිං මේ මුළුමහත් සමාජයටම විශේෂයෙන් වත්මන් තරුණ පරපුරට ආදරය ප්‍රේමය පිළිබඳ විශ්වීය ආදර්ශයක් සැපයූ ඒ උදාර පෙම්වතුන් දෙපළට නිවන් සුව ප්‍රාර්ථනා කළ අපි එම නිවසින් සමු ගතිමු. 

සටහන හා ඡායාරූප - 
යාපහුව සුනිල් කහගල්ල



අදහස් (0)

සැමියා හා බිරිඳ එකම දිනයක අවසන් ගමනේ

ඔබේ අදහස් එවන්න

 

නිම්තෙර

දැන් පොලිසිය දැක්කම වේගය අඩු කරලා වැඩක් නෑ
2025 මාර්තු මස 10 21 0

සැබැවින්ම එය වැකියකටත් වඩා යථාර්ථවාදී මතයක පිහිටා තැනූවක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. වර්තමානය වන විට නාගරීකරණයට ලක්වූ මාර්ගවල වාහන තදබදය අධික ලෙස ව


ජීවත්ව සිටියදී මරණ සහතිකය ලියාගත් නදීකා
2025 මාර්තු මස 03 183 0

මරණයට පෙර අවසන් කැමති පත්‍රයක් ලියා තැබීම, අවසන් කටයුතු සඳහා මිල මුදල් වෙන් කර තැබීම ආදිය විරල නොවුණු සුලබ සිදුවීම් බවට පත්ව තිබේ. එහෙත් ඒ කිසිවකුට තමන්


සංචාරක කර්මාන්තයට ඇති අනතුර පාතාලය පමණද?
2025 මාර්තු මස 03 24 0

පාතාල කල්ලි අතර ගැටුම් උග්‍ර වී මිනිසුන් මරා දැමීම් ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය රටේ සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම් ඇති කරන බවට ද මත පළ වේ.


සාපෙළ දිනන උතුරු මැද ක්‍රියාන්විතය රෑ ඉස්කෝලේ
2025 පෙබරවාරි මස 24 49 0

දිවයිනේ පළාත් අතුරින් උතුරැ මැද පළාත අධ්‍යාපන මට්ටමින් පසුගිය 1999 වර්ෂයේ දී සිවුවන ස්ථානය ට පත්ව තිබුණි.


ලංකාව යනු ආදරය නොහදුනන රටක් සිංහල භාෂාව පිළිබද දේශක අකිල විමංග සෙනවිරත්න
2025 පෙබරවාරි මස 17 125 0

“ ආදරය “ මඟහැර යන්නට නොහැකි, විශ්වාසයට කියන තවත් නමකි, තව පැත්තකින්, ප්‍රේමය යනු රූස්ස ගස් වගේ මිනිස්සු ද පරඬැල් වගේ දිය කරවන මහ පුදුම හැඟීමකි. ආදරය තරම්,


මනෝකායෙන් කළු කුහරය වෙතට ගිය ගමන
2025 පෙබරවාරි මස 17 219 0

කළු කුහරයක් යනු විශ්ව අවකාශයේ, එසේත් නැත්නම් අවකාශ - කාලයේ (space - time) පිහිටීම හෙවත් සාමාන්‍යයෙන් පවතින ආකාරය අසාමාන්‍ය ලෙස හකුළා දැමිය හැකි තරම් අධික ගුරුත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 218 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 509 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site