සිංහරාජ අලියා
වසරකට කීප වතාවක් ගම්වදින සිංහරාජයේ අලියා කළවාන ප්‍රදේශයේ ගම් රැසක් කැලඹීමට පත්කර යළි කැලෑ වදියි. ගම්වදින අවස්ථාවලදී මෙම අලියා මිනිස් ජීවිතයක් දෙකක් ද බිලි ගනී. මෙම අලියා පහර දීමෙන් මේ වනවිට මිනිස් ජීවිත දහහතරක් අහිමිව ඇත. මෙවර ගම් වැදුණු අලියා පළමු පහරදීම සිදුකළේ කළවාන වනජීවී කාර්යාලයේ නිලධාරීන්ටය. ඒ ගම් වැදුණු අලියා නැවත කැලෑවට පන්නා දැමීමට පසුගිය දහතුන් වැනිදා ගිය අවස්ථාවේදීය. අලියා කුඩව මාර්ගය දිගේ පන්නාගෙන යෑමේදී කුඩව සිංහරාජ කඳවුර අසලදී අලි ප්‍රහාරයට වනජීවී නිලධාරීන් ලක්විය. මෙහිදී කළවාන වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කළ රියැදුරුවරයෙකු වන ජයන්ත විමලසේන නමැත්තා සුළු තුවාල ලබා දිවි ගලවා ගත් අතර වනජීවීයට අයත් කැබ් රථයට දැඩි අලාභ හානි සිදුවිය.
එම සිදුවීමෙන් පසු මීළඟ සිදුවීම සිදුවූයේ රක්වාන සයිප්‍රස් ප්‍රදේශයෙන්ය. ඒ තම හවස පන්ති ගිය දියණිය රැගෙන ඒමට ගිය මවක් අලියාට බිලිවීම සහ එදිනම පතල් වැඩ අවසන්ව නිවස කරා පැමිණි සිව්දරු පියෙකු මෙම අලි ප්‍රහාරයෙන් මිය යාමය. මෙම සිදුවීම පසුගිය දහසය වැනිදා සිදුවිය. මෙම අලි ප්‍රහාරයෙන් ප්‍රථමයෙන් මියගියේ රක්වාන සයිප්‍රස්වත්ත ප්‍රදේශයේ පදිංචි සන්ධ්‍යා ලක්මාලි නමැති (37) හැවිරිදි පස්දරු මවකි. ඇය සිය දියණිය පන්ති ගොස් රැගෙන එමින් සිටියදී සයිප්‍රස්වත්ත වතුර ටැංකිය අසලදී අලි ප්‍රහාරයට ලක්විය. ඇයගේ දහහත් හැවිරිදි දියණිය වන කුෂාණි මධුෂිකා දිවගොස් අසල තිබූ ගල් කුලකට මුවා වී දිවිගලවා ගෙන තිබේ. එය වූයේ පසුගිය දහසය වැනිදා රාත්‍රි 6.45ට පමණය. ඊට සුළු වේලාවකට පසුව එම ස්ථානයට මඳක් පහළින් කුෂාණිගේ පියා සහ ඔහුගේ හිතවතෙකු සවස වැඩ අවසන් වී පැමිණෙන අතරතුර අලි ප්‍රහාරයට ලක්විය. එම ප්‍රහාරයෙන් මියගියේ සයිප්‍රස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කෙන්දගේ ආනන්ද නමැති (49) හැවිරිදි සිව්දරු පියෙකි. මෙම අලි ප්‍රහාරය හේතුවෙන් එම ප්‍රදේශය ඇවිළී ගියේ ය. ඔවුන්ගේ අදහස වන්නේ දිගින් දිගටම සිදුවන මෙම අලි හිරිහැර නතර කිරීමට පියවර ගන්නා ලෙසය. අලි ප්‍රහාර නතර කිරීම සඳහා සිංහරාජයේ ජීවත්වන අලි රංචුව සිංහරාජ වනයෙන් රැගෙන යන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.
ඔවුන් මියගිය අයගේ දේහයේ අවසන් කටයුතු සිදුකළ පසුවදා (21 වැනිදා) මෙම අලි සිංහරාජයෙන් ඉවත් කරගන්නා ලෙසට බලධාරීන්ට බලකරමින් රක්වාන පොතුපිටිය ප්‍රධාන මාර්ගය රජවත්ත හන්දියෙන් හරස් කරමින් පැය හයක් පමණ උද්ඝෝෂණයක නිරත විය. එම ස්ථානයට පැමිණි වන සත්ත්ව අඩවි ආරක්ෂක ආර්.අයි. ගුරුසිංහ මහතා මෙම අලි සිංහරාජයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡාවකට පැමිණ විසඳුමක් ලබාදීමට පොරොන්දුවීමත් සමඟ උද්ඝෝෂණයේ නිරතව සිටි ප්‍රදේශවාසීහු විසිර ගියහ.
අලි ප්‍රහාරයෙන් හානියට ලක් වූ කැබ් රථය
මෙම අලි ගැටලු_ව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක්ද ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ කිහිප දෙනෙක්ද අප වෙත අදහස් පළ කළහ.
රක්වාන සයිප්‍රස්වත්ත ප්‍රදේශයේ පදිංචි මල්ලිකා රාජපක්ෂ (48) මහත්මිය:
“අපේ ගමට අවුරුද්දට දෙතුන්වතාවක් මේ අලියා එනවා. ඇවිල්ලා අපේ දේපළ වගා විනාශ කරලා ජීවිතත් බිලි අරගෙන යනවා. මේ මැරිලා ඉන්නෙ මගේ නංගී කෙනෙක්. දැන් දරුවෝ පස් දෙනාට අම්මා කෙනෙක් නැහැ. වන්දි ලැබෙයි. ඒත් අම්මා කෙනෙක් ළමයින්ට දෙන්න පුළුවන්ද? තව දරුවො හතර දෙනෙකුට තාත්ත කෙනෙක් නැහැ. මේ ගෙදරට හයියක් වෙලා හිටියේ මැරිච්ච නංගියි. සිද්ධියක් වුණාම හැමෝම එනවා. ඒත් ඒක වළක්වා ගන්න පියවර තවම කවුරුත් අරන් නැහැ. මේ අලි රංචුව මේ පැත්තෙන් අරන් ගිහින් අපේ ජීවිත බේරා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.”
නිතර අලි ප්‍රහාරයට ලක්වන ප්‍රදේශයක් වන රඹුක ප්‍රදේශයේ පදිංචි කළවාන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්. ගුණරත්න මහතා:
“මේ අලියා මේ වෙනකොට ජීවිත දහහතරක් බිලි අරගෙන තියෙනවා. කාන්තාවන් තුන්දෙනෙකුත් පිරිමි පුද්ගලයන් එකළොස් දෙනෙකුයි අලි ප්‍රහාරවලින් මියගිහින් තියෙන්නේ. මේ අලියා සාමාන්‍යයෙන් ගොයම් කපන කාලෙට ගම්වදිනවා. ගම්වදින අලියා ඊට පස්සේ කෙසෙල් වගාව, පොල් වගාව ඇතුළු වගා විනාශ කරලා ආයේ කැලෑවදිනවා. මේ අලියාගෙන් සිදුවන හිරිහැර හින්දම මම මැදිහත් වෙලා වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී නන්දන අතපත්තු මහත්තයා ගෙනැල්ලා 1990 වර්ෂයේ අලියා කොටු කරලා ඇල්ලු_වා. අලියා අල්ලලා ගෙනියන්න හදනකොට ගම්වල සිටි තව පිරිසක් අලියා රැගෙන යනවාට විරුද්ධව උද්ඝෝෂණ කළා. මට ගල් ගැහුවා. ඒ ගොල්ලෝ හිතුවේ මං අලියව විකුණන්න හදනවා කියලා. පස්සෙ මහන්සිවෙලා අල්ලගත්ත අලියව ආපහු දාල ගියා. දෙයක් වුණාට පස්සෙ තමයි මිනිස්සුන්ට මතක් වෙන්නෙ. දැන් මේ අලියා හින්දා මානික්කවත්ත, සයිප්‍රස්වත්ත, දොළේකන්ද, රජවත්ත, කෝපිකෑල්ල, කජුගස්වත්ත, ඇල්ල, රඹුක, තේකොටුව, තණබෙල, කැකිල්ලපිටිය, මදිරිංගවත්ත, පනහැටගල, අඹේවෙල, කත්ලාන, පැලවත්ත, වැවගම, කුඩව යන ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්වෙනවා. අලියා හින්දා අවුරුද්ද පුරා ඉහත කියපු ගම්වාසීන් ඉන්නෙ බයෙන්. මේ අලියව ප්‍රදේශයෙන් රැගෙන ගොස් විසඳුමක් ලබා දිය යුතුයි”.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කළවාන වනජීවී කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසුවේ වසරකට වරක් අලියා කෑම සොයා ගම්වදින එක ඇත්ත. අපි මිනිස්සුන්ට ප්‍රමාණවත් අලි වෙඩි ලබා දීල තියෙනවා. අපි වෙඩි දෙන්නෙ නැහැ කියන්නෙ බොරුවට. අපි අලි වෙඩි බෙදනකොට සමහර අය අලි වෙඩි ලබා ගන්නෙ නැහැ. ඒ ගොල්ලෝ ඉල්ලන්නේ අලියව ගමෙන් අරන් යන්න කියලා. සමහර ගම්වැසියන් මෙම අලියා සිංහරාජයේ ඉන්නවට කැමතියි. ඔවුන් ඒ බව අපට කියලා තියෙනවා.
කෙසේ වෙතත් මෙම අලියා ගම් වැදීම මිනිස් ජීවිතවලට මෙන්ම අලියාගේ ජීවිතයට ද තර්ජනයකි. බඳින තුවක්කු ප්‍රහාරයක් හෝ හක්කපටස් යොදා මෙම අලියා මරා දැමීමට කටයුතු කරන බව පසුගියදා උද්ඝෝෂණයේ නියැලු_ණු පිරිස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියහ. මෙම අලියා ගම්වැදීම් නවතාලීම සඳහා සුදුසු පියවරක් බලධාරීන් ගත යුතුය. එසේ නොමැති වුවහොත් මිනිස් ජීවිත මෙන්ම සිංහරාජයේ දැවැන්තයාගේ ද ජීවිතය අවිනිශ්චිතව පවතී.
කළවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
සැබෑ නම ‘ප්‍රියා සූරියසේන’ වුවද බොහෝ දෙනා ඔහු ඇමතුවේ ‘ප්‍රියා’ යන ආදරණීය නාමයෙනි. ඒ ඔහු ගැයූ ගීත සහ ආදරණීය හඬට දැක්වූ ආදරය නිසාවෙනි. ප්‍රේමය - විරහ වේදන
මෙතෙක් කල් පිටරටින් පමණක් අසන්නට ලැබුණු, මුළු ශරීරයම තද නිල් පැහැ ගැන්වුණු දරු උපතක් පිළිබඳව ඉකුත්දා අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා විය.
ශ්රී ලාංකේය සිංහල නාට්‍ය ඉතිහාසයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ට හිමිවන ස්ථානය හා සම ස්ථානයක් මෙරට දමිළ නාට්‍ය විෂයෙහි මහාචාර්ය එස්. මෞනගුරු ට
“මතට තිත” කියල කීමට කීවත් - තවමත් තිත තියාගන්න බැරිවුණ බොහෝදෙනෙක් සිටින බව රිය අනතුරු වාර්තාවල සිටින බීමත් රියැදුරන් ගණනිනුත්, රෝහල්වල දිනෙන් දින අලු
පිරිමින් ආධිපත්‍යය පතුරවමින් සිටි රැකියාවන්ද දැන් දැන් කාන්තාවෝ ආක්‍රමණය කරමින් සිටිති. ඒ එම රැකියා කළ හැක්කේ පිරිමින්ට පමණක් යයි හංවඩු ගැසි තිබූ නි
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සිංහරාජයේ අලියා අල්ලන්නේ නැද්ද ?