IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හංවැල්ල හෙල්ලූ කප්පම් පාතාලය හෙල්ලිලා

 

 

මව්බිම ත්‍රස්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්, සොරබියෙන්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්‍ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්‍ෂක යාන්ත්‍රණය යළි ශක්තිමත්ව ගොඩනගවා යැයි අභිනව ජනාධිපති ධුරන්ධර ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ධුරයෙහි දිවුරුම් දෙමින් ජාතිය අමතා කළ කතාවෙන් සඳහන් කළේය.   


සිය දිවුරුම් දීමේ උත්සවය පැවැති අනුරාධපුර රුවන්වැලි මහ සෑ රඳුන් අභිමුවේදී ජාතිය අමතා කළ පළමු කතාවෙන්ම පාතාලය මෙන්ම කප්පම්කරුවන් පිළිබඳව මතක් කර දුන්නේ එලෙසිනි.   


“දැන් අයියලා ඔක්කෝම හෙල්ලිලා ඉන්නේ. නටලා ඉවරයි. දැන්වත් අපිට​ නිදහසේ ඉන්න පුළුවන් වෙයි.”


නව ජානාධිපතිවරයාගේ එම ස්ථාවරය දැඩි ලෙස හිතට කාවැදී ඇති හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එසේ කීවේ දැන් ඔය පැත්තේ අලුත් තත්ත්වය කොහොමදැයි අප ඇසූ පැනයට පිළිතුරු වශයෙනි.   


හංවැල්ල පොලිස් බලප්‍රදේශයේ අැඹුල්ගම, හබරකඩ, ජල්තර, ජයමාවත සහ රණාල ආදී ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ආයුධ සන්නද්ධ පාතාල කල්ලි දෙකක් අතර බලය තහවුරු කරගැනීමේ දැවැන්ත අරගලයක නිරත පුද්ගලයන් නිසා ප්‍රදේශවාසීන් මුහුණ දී ඇත්තේ දැඩි බියජනක අසීරුතාවකටය. භීතියකටය. සිය මැර බලය පතුරවමින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ඉල්ලන මෙම පිරිස එය ඉටු නොවු​ණහොත් රිටන් එක දෙන්නේ කඩු කිණිසිවලිනි. මෙනිසා දැන් ව්‍යාපාරිකයින් පිරිසක් තම ගම් බිම් අතැර ගොස් ඇති බවට ද අනාවරණය විණි.   


කඩුවෙල, හංවැල්ල වැනි ප්‍රදේශවලට පාතාලය අලුත් දෙයක් නොවේ. පාතාලයේ ගෝඩ් ෆාදර්ලා වැඩි දෙනකු බිහිවී ඇත්තේ කඩුවෙල අවටිනි. මේ වනවි​ට ඔවුන් නිහඬව ගොසිනි.   
කරාටේ ධම්මික, කඩුවෙල වසන්ත, සමයං ඒ ප්‍රසිද්ධ පාතාලයන්ගේ නම් කිහිපයකි. ලොක්කෝ නිහඬව ගියකල දැන් සොක්කෝ කරළියට විත් රඟන්නට ගෙන ඇත්තේ අයියාගේ තැන දැන් මල්ලී ගත යුතුය යන්න හඟවමිනි. දැන් දැන් හංවැල්ල අවට හොල්ලන්නේ මේ සොක්කන්ය.   


මාකඳුරේ මධුෂ් මෙන්ම අංගොඩ ලොක්කා යනු කවුරුන්දැයි ඔබට හඳුන්වාදිය යුතු නැත. මාකඳුරේ මධුෂ් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙත් අංගොඩ ලොක්කා ඩුබායි රාජ්‍යයෙත් පසුවෙති. අංගොඩ ලොක්කාගේ හිසරදය වී තිබුූ රණාලේ සමයං ඇතුළු පිරිසකට යළි නොඑන්නම වැඩේ දෙන්නට මධුෂ් පියවර ගත්තේ ඔහු ඩුබායි රාජ්‍යයේ සිටියදීය.   


කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථය තුළදී අවසන් ගමන් ගිය රණාලේ සමයංගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනා වන ඌරුජුවා සහ ඉන්ද්‍රා තම නායකයාගේ අඩුව පුරවන්නට සූදානම් වී තිබිණි. එහෙත් ඔවුන් ප්‍රදේශයේ ජනතාවට මෙතරම්ම පීඩාවක් එල්ලකරාවි යැයි කිසිවකුත් නොසිතන්නට ඇත. රණාලේ සමයං නොහොත් උඳුගොඩ පතිරැන්නැහැලාගේ අරුණ උදයකාන්ත පතිරණ යන අය ද හංවැල්ල පොලිස් බලප්‍රදේශයේ කප්පම් ඔස්තාර් කෙනෙකුව සිටි බව එම පෙදෙසේ ජනතාව පවසති.   
සමයං ඝාතනය වන්නේ ඉකුත් 2017 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදාය. එතැන් පටන් ඔහුගේ රාජධානිය අතට ගත්තේ සමයන්ගේ රියැදුරා ලෙස කටයුතු කළ මාඹුලගේ දිනෙත් මෙලාන් මාඹුල නොහොත් ‘ඌරුජුවා’ සහ සමයංගේ සමීපතම ගෝලයා වූ ඉඳුනිල් වජිර කුමාර නොහොත් අංකුඹුරේ ඉන්ද්‍රාය. සමයං ඝාතනය වී වසරක් ඉක්ම යාමට මත්තෙන් ඉන්ද්‍රාත් ඌරුජුවාත් ජම්මන්තර වෛරක්කාරයින් වන්නේ කප්පම් සිද්ධියක් හේතුවෙනි.   


ඌරුජුවා මුලින්ම බන්ධනාගාර ගත වෙන්නේ 2015 වර්ෂයේදී රණාලේ චාමර කපා කොටා ඝාතනය කිරීම ගැනය. ඔහු සමඟ සැකකරුවන් අට දෙනකු රක්‍ෂිත බන්ධනාගාර ගත වූ අතර නඩුව සඳහා කඩුවෙල අධිකරණය වෙත බන්ධනාගාර නිලධාරීන් බාරයේ මාංචු සහිත වැලේ මොවුන් රැගෙන එන අවස්ථාවේදී පිටතින් පැමිණි පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. එම වෙඩි ප්‍රහාරය එල්ල වූයේ රණාලේ සමයං වෙතය. එහිදී තුවාල ලැබූ ඌරුජුවාත්, සමයනුත්, චමියාත් නවගමුව රෝහල වෙත රැගෙන එන්නේ ප්‍රතිකාර සඳහාය.
2016 වර්ෂය වනවිට කඩුවෙල නවගමුව ​පොලිස් ස්ථානය වෙත අලුත් ස්ථානාධිපතිවරයකු පැමිණ වැඩ භාරගෙන තිබිණි. අලුත් ලොක්කා අමාරුකාරයෙක්. සමයංගේ හිතවතෙකු වූ ‘කළු සාගර’ වහාම චමින්දව රැගෙන ගොස් මිරිහාන පොලිසියටත් උෟරුජුවා බන්ධනාගාරයටත් භාරකළේය. උෟරුජුවා නැවත බන්ධනාගාර ගතවී මාස හයක් ගත වීමට මත්තෙන් සමයං ඝාතනයට ලක්විය. එතැන් පටන් උෟරුජුවා තම ව්‍යාපාරය වූ කප්පම් ගැනීම ආරම්භ කළේය. විශේෂිත සිදුවීම නම් ඔහු මේ කප්පම් ඉල්ලන්නේ බන්ධනාගාරයේ සිටියදීම වීමය.   

 

 


2016 දී බන්ධනාගාරයට යන උෟරුජුවා තවමත් සිටින්නේ බන්ධනාගාරය තුළය. එහෙත් ඔහු ජංගම දුරකථනය තම මෙහෙයුම් ආයුධය කොටගෙන හංවැල්ල ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ඉල්ලමින් සිටින බව කියති. මේ ගැන විවිධ අය විවිධ කතා කියා සිටියත් සත්‍යය සොයා බලා මේ පාතාලය මැඩලීම බලධාරීන්ගේ වගකීම බව අපි සිතමු.  


අපරාධ නිවාරණ කොට්ඨාසය ඉකුත් 10 වැනිදා එම ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම් කිහිපයකදී ඌරුජුවාගේ කප්පම් කල්ලියේ දුරකථන සහචරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.  


පාතාල ප්‍රහාරයකින් ඉකුත් සැප්තැම්බර් මස 15 වැනිදා ඇඹුල්ගම ප්‍රදේශයේදී ඉන්ද්‍රාටත් ඔහුගේ ගෝලයකු වූ සුරේෂ් රුවන් රණසිංහ නොහොත් ‘චූටි මල්ලි’ යන අයට ප්‍රහාරයක් එල්ල කර ‘චූටි මල්ලි’ යන අයව සදහටම පරලොව යවා ඉන්ද්‍රා ඔත්පළ කර ඇඳට වට්ටා දමනු ලැබීය.  


රණාල ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් දින දෙකක් වසා දමන්නට ඉකුත් දිනක සිදුවූයේ මැර ක්‍රියාකලාපය හේතුවෙනි. එම ආයතනයට ලොරි රථ යොදවා සිටි ව්‍යාපාරිකයකුගේ ලොරි වෙනුවට තම ලොරි එහි සේවයට ගන්නා ලෙසට මෙම පාතාල නායකයකු අදාළ ආයතනයේ පරිපාලනයට බල කර තිබිණි.  


ටෙන්ඩර් පටිපාටියට අනුව ලොරි රථ යෙදවීම සිදුකර තිබුණ ද මෙම මැරකම් හමුවේ පරාදවීමට එම සමාගමට සිදුවිය. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ අදාළ ව්‍යාපාරිකයාට එකී කල්ලිය සංග්‍රහ කරන්​නේ කඩු පහර කිහිපයකින් ඇඟපත කපාකොටා දමාය.  


‘දැන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ ගම අතහැරලා යනවා.’ මේ පිළිබඳව අවධානය යොමුකරන ලෙස දන්වමින් ප්‍රදේශවාසීන් ජනාධිපති කාර්යාලය වෙත යැවූ ලිපිවල සඳහන් වෙයි.  
සියල්ල එසේ සිදුවෙද්දී අලුත් බලාපොරොත්තු, අලුත් හැඟීම් අතුරින් අභිනව ජනාධිපතිවරයකු පත්වෙයි. දැන් දැන් හංවැල්ල ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබෙන ආරංචි අනුව නම් අයියලා සයිලන්ට් වී ඇති හැඩකි. සද්දේ නවතා දමා ඇති හැඩකි.  


කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය, පාතාලය මර්දනය කිරීම සඳහා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා යුද හමුදාව වෙත වගකීම භාරදී ඇති බවට ද අරංචි මාර්ග පවසයි. විය යුත්තේ එපමණකි. සෙල්ලම් දමමින් කප්පම් ගන්නටත් දුරකථනයෙන් තර්ජනය කර අහිංසක ජනතාව බිය වද්දන්නටත් මේ කෙරුමන් යැයි කියාගන්නා උන්ට නිසි දඬුවම ක්‍රියාත්මක විය යුතුමය.  
එය හංවැල්ලට පමණක් නොව මුළු මහත් රට තුළම සිදුවිය යුතු ක්‍රියාදාමයකි. රටක් සංවර්ධනයට පාතාලය අවශ්‍යද? කිසිසේත්ම නැත. රටක ජනතාවට සමකාමීව තම ජීවන කටයුතු කරගෙන යාම සඳහා සුදුසු පරිසරයක් බිහිකිරීම රටේ පාලක පක්‍ෂය විසින් සිදුකළ යුත්තකි. හෙටින් උදාවන දිනය ඒ නායකත්වය යටතේ සිදුවෙතැයි අපි අපේක්ෂා කරමු.

 


නිමන්ති රණසිංහ



අදහස් (0)

හංවැල්ල හෙල්ලූ කප්පම් පාතාලය හෙල්ලිලා

ඔබේ අදහස් එවන්න

 

 

නිම්තෙර

ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ ආරම්භකයාගේ අභාවය
2025 ජනවාරි මස 27 79 0

මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල 1971 කැරැල්ලේ හත්වැනි විත්තිකරුය. කැරැල්ලේදී ජවිපෙ වෘත්තීය අංශයේ නායකයා වූ ඔහු සාමාජිකයන් අතර ප්‍රකට


පාසල පන්සලක් කළ විදුහල්පති යතිවරයාණෝ
2025 ජනවාරි මස 20 77 0

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2006 - 2012 කාල වකවානුව සිහිපත් කරන විට මට සිහිවන්නේ හංස සංදේශයේ කාව්‍යයකි.


මියන්මාරයෙන් ආ අනාථයන් තවත් කල්ලතෝනි ප්‍රශ්නයක් වේද?
2025 ජනවාරි මස 20 64 0

ජාත්‍යන්තර සංක්‍රමණ නීති අනුව මුහුදු මගින් එන යම් සරණාගතයකු ආපසු තම රටට යාම ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගොඩ බැස සිටින රටේම සරණාගතයකු ලෙස සිටීමට අවසරය ඇත. ඉ


සාමාජයේ සැමටම වඩා තමන් ඉදිරියෙන් සිටිනවා වැනි මානසිකත්වයක් මාධ්‍යයට තියෙනවා
2025 ජනවාරි මස 15 48 0

න්‍යායික තලයේදි මාධ්‍ය සමග ගනුදෙනුව ගැන ආණ්ඩුවට හොඳ දැනුමක් තිබුණත් ප්‍රායෝගික තලයෙදි යම් ආගන්තුකභාවයක් පෙන්නුම් කරනවා.


උදේෂිකා ජීවමානයි
2025 ජනවාරි මස 06 148 0

මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොලේ


විදු නැණ පෑදූ ආනන්දයේ මිණි පහන
2024 දෙසැම්බර් මස 30 99 0

කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ⁣ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 772 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site