IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


13 වැනි අනියම් බිරිය ඝාතනයෙන් කොටුවූ සල්ලාලයා

අනියම් බිරිඳ බව කියන කාන්තාව ඝාතනය කර ඇයගේ සිරුර කුඩා ලොරි රථයක ඉදිරිපස අසුනේ වාඩිවී සිටින ආකාරයට තබා ආරක්ෂිත බඳ පටිය දමා මාස 09ක් පමණ වයසැති දියණිය ද රැගෙන එම ලොරි රථයෙන් පලායමින් සිටි සිවිල් ආරක්ෂක බළකායේ හිටපු සෙබළෙක් හබරණ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 07 වැනිදා මහ රෑය.


නිරුපද්‍රිතව සිටි එම සිඟිත්තාද පොලිස් බාරයට ගත්තේ සිය පියාගේ ඔඩොක්කුවේ තබාගෙන සිටියදීය. ඒ වන විටත් සිඟිත්තා සිටියේ නිදි දෙව්දුව වැලඳගෙන සුව බර නින්දකය.


ඝාතනය කර තිබුණේ හරබරණ පොලිස් වසමේ අලුත්ඔය, සිංහගම පදිංචිව සිටි කේ. ජී. කාන්චනා දිල්රුක්ෂි නමැති 29 හැවිරිදි එක් දරු මවකි. සැකකරු ඝාතනයකර තිබුණේ ඔහුගේ 13 වැනි අනියම් බිරිඳ බවට තොරතුරු පොලිසිය හෙළිකරගෙන ඇත.


නීත්‍යනුකූලව විවාහ වී සිටි බිරිඳටද සැකකරුට දාව දරුවෙක් සිට ඇති අතර ඔහු ගෙන් නිතර සිදුවන හිරිහැර වධ වේදනා ඉවසා ගැනීමට නොහැකිව ඇය බැරිම තැන සිය දරු පැටියාද රැගෙන මහගෙදරට ගොස් තිබේ. 


ඒ බිරිඳ සමග සිටියදී පවා ඔහු කාන්තාවන් හා තරුණියන් රැසක් සමග අනියම් සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු යහමගට ගැනීමට නීත්‍යනුකූල බිරිඳ උත්සාහ ගෙන ඇතත් කොතරම් අවවාද අනුශාසනා කළත්  ඒ සියල්ලම ගඟට කැපූ ඉනි මෙන් වී ඇත.


බිරිඳ අතහැර ගියාට පස්සෙ සැකකරු වරින්වර කාන්තාවන් හා තරුණියන් 12 දෙනෙක් නිවසට කැඳවාගෙන ඇවිත් අනියම් බිරියන් වශයෙන් තබාගෙන සිට ඇති බවට තොරතුරු පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබේ.


මේ 12 දෙනාම වෙන්ව ගොස් ඇත්තේ වෙන කිසිම දෙයක් නිසා නොව සැකකරුගෙන් නිරන්තරයෙන් විඳීමට සිදුවන අමානුෂික වධහිංසා හිරිහැර ඉවසා ගැනීමට නොහැකි නිසාය. පොලිසිය පවසනුයේ ඝාතනයට ලක්වූයේ සැකකරුගේ 13 වැනි අනියම් බිරිඳ බවය.


මෙැතන් සිට දිග හැරෙන්නේ එක් දරු මවකට සිය ජීවිතයෙන් සමුගැනීමට හා හයක් හතරක් නොතේරෙන දරු සිඟිත්තෙකුට සදහටම මව් සෙනෙහස අහිමිවීමේ ඒ ශෝකාන්තයයි.


සිවිල් ආරක්ෂක බළකායේ හිටපු සෙබළෙක් අනියම් බිරිඳට පහරදී ඇය බඩී වර්ගයේ ලොරියක දාගෙන පොඩි එකාද රැගෙන පලායමින් සිටින බවට පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට සහ ගල්ඔය පොලිස් මුරපොලට කතා කර පවසා ඇත්තේ භටයන් පිරිසක්.
පොලිස් හදිසි ඇමතුම් අංශය මේ ගැන හබරණ පොලිසියද දැනුම්වත් කිරීමෙන් පසු ලොරි රථය අල්ලා ගැනීමට මෙහෙයුමක් ඒ රෑ ජාමයේම ආරම්භ කර ඇත. ලොරි රථය දඹුල්ල දෙසට වේගයෙන් ධාවනය කරගෙන යමින් සිටි අතරවරයේ බලවත් පරිශ්‍රමයක් දරා නවත්වා ගත්තේ හබරණ, හිරිවඩුන්න ප්‍රදේශයේදීය.


පොලිස් කණ්ඩායම් දෙකක් ඒ වන විටත් තැන් දෙකකදී ලොරි රථයට නවත්වන ලෙස සංඥා කළත් ඒ කිසිම සංඥාවකට අවනත නොවී වේගයෙන් ඉදිරියට ධාවනය කරගෙන ගොස් තිබිණි. 


පොලිසිය ලොරිය නතර කරගත් අවස්ථාවේ රියදුරු අසුනේ සිටි කෙනා පවසා ඇත්තේ සර් නෝනාට ගොඩක් අමාරුයි, ඒකයි මෙච්චර හයියෙන් ආවේ. මම මේ නෝනාව දඹුල්ල ඉස්පාරිතාලයට අරගෙන යනවා යැයි කියාය.


රියැදුරු අසුනේ සිටි පුද්ගලයාගේ ඔඩොක්කුවේ පුංචි දරු පැටියෙක් තබාගෙන සිටි අතර දරුවා ඒ වන විටත් සිටියේ පියාගේ ඇඟට හේත්තු වී හොඳ නින්දේය. පොලිස් කණ්ඩායම ඉදිරිපස අසුනේ සිටි කාන්තාව දෙසට විදුලි පන්දමක් දල්වා බැලීමේදී දැක ඇත්තේ නිරුවතින් සිටින ඇයට ඇඳ ඇතිරිල්ලක් පොරවා තිබෙන අන්දමය.


කාන්තාවකට ආරක්ෂක බඳ පටි සීට් බෙල්ට් දමා තිබූ අතර ඒවා ගලවා දමා රෝහල් ගතකරන විටත් ඇය මියගොස් සිටියාය. ලොරිය පදවාගෙන ආ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහුගේ ඔඩොක්කුවේ සැපට නිදාගෙන සිටි මාස 09ක පමණ වයසැති පුංචි එකා පොලිස් බාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා හබරණ පොලිසිය වෙත රැගෙන ආහ.


හබරණ සහකාර පොලිස් අධිකාරි අභයරාජ ගම්ලත් මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසංක අයි. වීරසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.
අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරු පදිංචිව සිටින අලුත්ඔය, සිංහගම ගම්මානය බලා පිටත්ව ගියහ. 


අත්අඩංගුවටගත් සැකකරු කාලයක් සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙක් ලෙස සේවය කර එයින් ඉවත්වී බඩී වර්ගයේ ලොරි රථයක් මිලදීගෙන මාළු විකිණීම කරගෙන ගිය අයෙකි.


පොලිස් නිලධාරීන්ට සැකකරුගේ පැටිකිරිය හෙළිකරගන්නට හැකිවූයේ අපරාධය සිදුවූ ඒ ගම්මානයට ගිය අවස්ථාවේදීය.


මරාදමලා ඉන්න කෙල්ල ඔය සල්ලාලයාගේ 13 වැනි හොර අඹුව මහත්තයෝ. කෙල්ල ඔය මිනිහත් එක්ක ආපු කාලෙම කිව්වා මීට ඉස්සරත් ගැහැනු 12 දෙනෙක් මිනිහා මේ ගෙදරට වරින්වර අරගෙන ඇවිත් තියෙනවා. ඒ ගැහැනු හැමෝටම තිරිසන් විදිහට ගැහැව්වා. අන්තිමේදී ඒ ගැහැනු ගුටිකන්න බැරිම තැන යන්න ගියා. උඹත් ආපු තැනකට පලයං නැත්තම් ගුටි කාලා මැරෙන්න වෙයි කියලා. අපි එහෙම කිව්වෙ ඔය ගෑනිටත් ගෙනාපු දා ඉඳලා නිතර ගහන නිසයි. මේ ගෑනි අපි කිව්ව දේ ඇහුවානම් අදත් ජීවතුන් අතර. ගුටි කකා ගෙදරටම වෙලා හිටියා.


ගමට ගිය පොලිස් කණ්ඩායම සමග අසල්වාසීන් එසේ පවසා ඇත.


මහ රෑ ගෑනිව අල්ලාගෙන තඩිබානවා. ගෑනි මර හඬ දෙනවා. ඒත් මහත්තයෝ පහුවදා උදේට කිසිම දෙයක් සිද්ධ නොවිච්ච විදිහට දෙන්නා කිරියි පැණියි වගේ ඉන්නවා. ඔය සිද්ධිය වෙච්ච දවසේ රෑත් ගෑනි මාව මරණවෝ මට ගහනවෝ කියා මරහඬ දුන්නා. ඒක ඉතින් හැමදාම වෙන සිද්ධියක් නිසා එච්චර ගණන් ගත්තේ නැහැ.


ඒ තවත් අසල්වාසීන් කිහිප දෙනෙක් පොලිස් නිලධාරීන් සමග කී කතාවකි.


පොලිසිය ඒ කතා සියල්ලම සටහන් කරගත්තේ ඉදිරි විමර්ශන සඳහා වැදගත්වන සාක්කි නිසාය. නැන්දේ මම ගෑනිට හොඳටම ගැහැව්වා. ටිකක් අමාරුයි. ඉස්පිරිතාලෙට අරන් යන්නයි හදන්නේ. ගෑනිට පොරවන්න රෙද්දක් අරගෙන ඉක්මනට ඉන්න යැයි කියා සැකකරු අස්ලවාසී කාන්තාවකට කෑගසා පවසා ඇත. 


මේ කාන්තාව නිතර සැකකරුගේ නිවසට යන එන ඔහුගේ අනියම් බිරිඳගේ හිතවතියකි. හිතවත් කාන්තාව ඇඳ ඇතිරිල්ලක්ද රැගෙන සැකකරුගේ නිවස දෙසට දිව යද්දී ඔහු ලොරිය ස්ටාර්ට් එකේම තබාගෙන සිට තිබේ.


ඇඳ ඇතිරිල්ල දෙන්නට ගිය අවස්ථාවේ සැකකරුගේ අනියම් බිරිඳ නිරුවතින් සිටින අන්දමත් ඇයට සීට් බෙල්ට් දමා ඉදිරිපස අසුනේ වාඩිවී සිටින ආකාරයෙන් සිටින අන්දමින් අසල්වාසී කාන්තාව දැක හොඳටම බියවී ඇතැයි කියති.


ඇඳ ඇතිරිල්ලෙන් ඇයගේ නිරුවත වසා දැමූ සැකකරු පොඩි එකාවත් ඔඩොක්කුවේ තබාගෙනම ලොරියෙන් පලාගොස් ඇත.
පොලිසිය මේ කාන්තාවගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත් අවස්ථාමේ මේ තොරතුරු හෙළිකර සිටියාය. පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට හා ගල්ඔය පොලිස් මුර පොළට මේ ගැන දැනුම්දී ඇත්තේ කාන්තාව දුටුදේ ගැන ඇය අසල්වාසීන්ට කීමෙන් පසුවය.


අපරාධකරු පොලිසිය කොටුකරගත්තේ ඝාතනය කළ අනියම් බිරිඳගේ සිරුරත් දමාගෙන කිලෝ මීටර් 31ක් පමණ දුරක්ගෙවා පැමිණීමෙන් අනතුරුවය.


අනියම් බිරිඳගේ සිරුර පාළු ප්‍රදේශයකට ගෙනැවිත් අතහැර දමා එලෙස පොඩි එකාවත් දමා යාමට සිටි බව සැකකරු පොලිසියට පවසා ඇත.


තවත් වරෙක ඔහු පොලිසියට පවසා ඇතැයි කියන්නේ අනියම් බිරිඳගේ සිරුර පාළු තැනක අතහැර දමා දරුවාත් ඝාතනය කර තමාද වස පානයකර සිය දිවිනසා ගැනීමට අදහස්කර ගෙන සිටියා යැයි කියාය.


මම ගෙදර එනකොට ගෑනි හොර මිනිහෙක් එක්ක හිටියා. ඒ හින්දා පහර දුන්නා. බිම වැටුණට පස්සේ බෙල්ලත් පෑගුවා කියා සැකකරු පොලිසියට පාපොච්චාරණයක් කරමින් පවසා තිබෙන බවද දැන ගැනීමට ඇත. 


ඝාතනයට ලක්වූ කාන්තාව තවත් හොර මිනිහෙක් එක්ක සිටි නිසා ඇය මරා දැමීමට හේතුවූ බවට සැකකරු කියන කතාවේ ඇත්ත නැත්ත දැන ගැනීමට කෙනෙක් නැත. ඒ කතාවේ ඇත්ත නැත්ත දැන ගැනීමට හිටිය එකම කෙනා වන කාන්තාවද ජීවතුන් අතර නොමැත.


පොලිසිය පවසන ආකාරයට මෙය සැකකරු ගෙතූ බොරුවක්ය. සිද්ද වෙච්ච මේ කිසිවක් නොදත් දරු සිඟිත්තා මව් සෙනෙහස උණුසුම සොයා හඬා වැටෙන්නීය.


පැය ගණනක් කුස ගින්නේ සිටීම නිසා මවගෛන් කිරි කඳුළක් ඉල්ලා සිඟිත්තිය හඬා වැටෙනවාද විය යුතුය.


කෙසේ වෙතත් එය හදවත කම්පාකරවන දසුනකි.


කාන්තා පොලිස් කොස්තාපල් නදීරා පුංචි එකා ළයට තුරුලුකරගෙන උත්සහ කළේ අහිමිවී ගිය මව් සෙනෙහස උණුසුම ලබාදී හැඬුම නවතා ගැනීමටය. පුංචි එකාගේ කුසගින්න නිවා දැමුවේ කිරි බීමට සැලැස්වීමෙනි.


පොලිස් හාමිනේලාගේ විතරක් නොවේ පොලිස් මහත්වරුන්ගේද සෙනෙහස ආදරය පුංචි දූ සිඟිත්තියට නොඅඩුව ලැබුණාහ. හිඟුරක්ගොඩ දිසා අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබීය.


සිඟිත්තිය බාරගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූයෙන් ඇය ළමා නිවාසයකට බාරකිරීමට නියම කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකරු මෙම මස 16 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ තැබීමටද නියෝග කෙරිණි.


මෙසේ රිමාන්ඞ් බාරයට පත්කරනු ලැබුවේ විජේසූරිය අදිකාරම්ලාගේ චමින්ද (27) නැමැත්තෙකි. 


උතුරු මැද පළාත බාර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පොළොන්නරුව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේරත්න මහතාගේ උපදෙස්මත හබරණ සහකාර පොලිස් අධිකාරී අභයරාජ ගම්ලත් මහතාගේ මෙහෙයවීම යටතේ හබරණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයට ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසංක අයි. වීරසිංහ, පොලිස් සැරයන් සුනිල් (7355), කොස්තාපල්වරුන් වන ලලිත් (83133), සමන්ත (26483) සහ හේරත් (12177) යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබේ.


හබරණ පොලිසියේ කාන්තා හා ළමා කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා ප්‍රෙමිලා වනිගතුංග සහ කාන්තා කොස්තාපල් නදීරා (6239) යන මහත්මීන්ද මෙම පරීක්ෂණවලට හවුල් වී ඇත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

13 වැනි අනියම් බිරිය ඝාතනයෙන් කොටුවූ සල්ලාලයා

ඔබේ අදහස් එවන්න

 

නිම්තෙර

දැන් පොලිසිය දැක්කම වේගය අඩු කරලා වැඩක් නෑ
2025 මාර්තු මස 10 7 0

සැබැවින්ම එය වැකියකටත් වඩා යථාර්ථවාදී මතයක පිහිටා තැනූවක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. වර්තමානය වන විට නාගරීකරණයට ලක්වූ මාර්ගවල වාහන තදබදය අධික ලෙස ව


ජීවත්ව සිටියදී මරණ සහතිකය ලියාගත් නදීකා
2025 මාර්තු මස 03 166 0

මරණයට පෙර අවසන් කැමති පත්‍රයක් ලියා තැබීම, අවසන් කටයුතු සඳහා මිල මුදල් වෙන් කර තැබීම ආදිය විරල නොවුණු සුලබ සිදුවීම් බවට පත්ව තිබේ. එහෙත් ඒ කිසිවකුට තමන්


සංචාරක කර්මාන්තයට ඇති අනතුර පාතාලය පමණද?
2025 මාර්තු මස 03 21 0

පාතාල කල්ලි අතර ගැටුම් උග්‍ර වී මිනිසුන් මරා දැමීම් ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය රටේ සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම් ඇති කරන බවට ද මත පළ වේ.


සාපෙළ දිනන උතුරු මැද ක්‍රියාන්විතය රෑ ඉස්කෝලේ
2025 පෙබරවාරි මස 24 49 0

දිවයිනේ පළාත් අතුරින් උතුරැ මැද පළාත අධ්‍යාපන මට්ටමින් පසුගිය 1999 වර්ෂයේ දී සිවුවන ස්ථානය ට පත්ව තිබුණි.


ලංකාව යනු ආදරය නොහදුනන රටක් සිංහල භාෂාව පිළිබද දේශක අකිල විමංග සෙනවිරත්න
2025 පෙබරවාරි මස 17 122 0

“ ආදරය “ මඟහැර යන්නට නොහැකි, විශ්වාසයට කියන තවත් නමකි, තව පැත්තකින්, ප්‍රේමය යනු රූස්ස ගස් වගේ මිනිස්සු ද පරඬැල් වගේ දිය කරවන මහ පුදුම හැඟීමකි. ආදරය තරම්,


මනෝකායෙන් කළු කුහරය වෙතට ගිය ගමන
2025 පෙබරවාරි මස 17 218 0

කළු කුහරයක් යනු විශ්ව අවකාශයේ, එසේත් නැත්නම් අවකාශ - කාලයේ (space - time) පිහිටීම හෙවත් සාමාන්‍යයෙන් පවතින ආකාරය අසාමාන්‍ය ලෙස හකුළා දැමිය හැකි තරම් අධික ගුරුත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site